Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:

අල් අන්ආම්

ከመዕራፉ ዓላማዎች:
تقرير عقيدة التوحيد والرد على ضلالات المشركين.
ඒක දේව වාද සංකල්පය ස්ථීර කිරීම හා බහු දේව වාදීන්ගේ නොමඟ යෑම් වලට පිළිතුරු සැපයීම.

اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَجَعَلَ الظُّلُمٰتِ وَالنُّوْرَ ؕ۬— ثُمَّ الَّذِیْنَ كَفَرُوْا بِرَبِّهِمْ یَعْدِلُوْنَ ۟
නිරපේක්ෂ පරිපූර්ණත්වය පිළිබඳ වර්ණනාව හා ආදරයත් සමඟ උසස් ගුණාංග ගැන ප්රශංසා ව අල්ලාහ් සතුය. ඔහු කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස හා මහපොළොව මැව්වේය. රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව එකින් පසු එකක් ගමන් කරන සේ මැව්වේය. රාත්රිය අන්ධකාරවත් කළේය. රාත්රිය ආලොක්මත් කළේය. මෙසේ තිබියදීත් ප්රතික්ෂේප කළවුන් ඔහු හැර වෙනත් දෑ ඔහුට සම කරති. ඔහුට හවුල්කරුවන් පත් කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ خَلَقَكُمْ مِّنْ طِیْنٍ ثُمَّ قَضٰۤی اَجَلًا ؕ— وَاَجَلٌ مُّسَمًّی عِنْدَهٗ ثُمَّ اَنْتُمْ تَمْتَرُوْنَ ۟
අහෝ! ජනයිනි, ඔබේ ආදි පියා ආදම් පසින් මැවීමෙන් ඔබ ව මවන්නට පටන් ගත් ඔබේ මැවුකරු සුවිශුද්ධය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ ව ටික කලක් පදිංචි කරවා ඔහු හැර වෙනත් කිසිවකු නොදන්නා ආයුෂ කාලයක් ඔබට ඔහු පිරිනැමීය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක්ය. පසු ව යළි අවදි කිරීමේ ඔහුගේ බලය පිළිබඳ ඔබ සැක කරන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ اللّٰهُ فِی السَّمٰوٰتِ وَفِی الْاَرْضِ ؕ— یَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَیَعْلَمُ مَا تَكْسِبُوْنَ ۟
අහස් හා මහපොළොවේ නැමදුම් ලබන්නට සුදුස්සා ඔහුය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔබ සඟවන චේතනා ප්රකාශ හා ක්රියා ඔහු මැනවින් දනී. එමෙන්ම එලෙස ඔබ දන්වා සිටින දෑ ද ඔහු මැනවින් දනී. ඒ සඳහා ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا تَاْتِیْهِمْ مِّنْ اٰیَةٍ مِّنْ اٰیٰتِ رَبِّهِمْ اِلَّا كَانُوْا عَنْهَا مُعْرِضِیْنَ ۟
ආදේශ කරන්නන් වෙත ඔවුන්ගේ පරමාධිපති වෙතින් යම් සාධකයක් පැමිණි විට ඔවුහු එය නොසලකා හැර අහහැර දැමූහ. අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔවුන් වෙත පැමිණියේය. ඔහුගේ දූතයාණන් තහවුරු කරමින් ද පැහැදිලි සංඥා පැමිණියේය. එසේ තිබියදීත් ඔවුහු එය නොසලකා හැර පිටුපෑහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَدْ كَذَّبُوْا بِالْحَقِّ لَمَّا جَآءَهُمْ ؕ— فَسَوْفَ یَاْتِیْهِمْ اَنْۢبٰٓؤُا مَا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
ඔවුන් එම පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ප්රතික්ෂේප කළේ නම් ඊට වඩාත් පැහැදිලි ව ඇති දෑ ද ප්රතික්ෂේප කරනු ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කුර්ආනයේ කවර කරුණක් ගෙන ආවේද එය ඔවුහු බොරු කළහ. ඔවුන් අපහාස කරමින් සිටි දෑ සත්යය බව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දඬුවම දකින විට දැන ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ یَرَوْا كَمْ اَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِّنْ قَرْنٍ مَّكَّنّٰهُمْ فِی الْاَرْضِ مَا لَمْ نُمَكِّنْ لَّكُمْ وَاَرْسَلْنَا السَّمَآءَ عَلَیْهِمْ مِّدْرَارًا ۪— وَّجَعَلْنَا الْاَنْهٰرَ تَجْرِیْ مِنْ تَحْتِهِمْ فَاَهْلَكْنٰهُمْ بِذُنُوْبِهِمْ وَاَنْشَاْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا اٰخَرِیْنَ ۟
අපරාධකාරී සමූහයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත මෙම දේව ප්රතික්ෂේපකයෝ නොදන්නෝද? මෙම ප්රතික්ෂේපකයින් වෙත දෙනු නොලැබූ අයුරින් ඔවුනට පෙර සිටි බොහෝ සමූහයන් වෙත මහපොළොවේ වාසය කිරීමටත් පාලන කිරීමටත් අවශ්ය සාධක අල්ලාහ් පිරිනමා තිබුණ ද ඔවුන්ගේ වැරදි හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් වෙත විටින් විට වර්ෂාව ඇද හැළෙන්නට සලස්වා ඔවුන්ගේ නවාතැන් වලට පහළින් ගංගා ගලා යන්නට සැලස් වීය. නමුත් ඔවුහු අල්ලාහ්ට පිටුපෑහ. ඔවුන් සිදු කළ වැරද්ද හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයන් ඔහු බිහි කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ نَزَّلْنَا عَلَیْكَ كِتٰبًا فِیْ قِرْطَاسٍ فَلَمَسُوْهُ بِاَیْدِیْهِمْ لَقَالَ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ مُّبِیْنٌ ۟
අහෝ! දූතය, ඔබ වෙත පත්රිකාවල ලියන ලද පුස්තකයක් පහළ කොට ඔවුන්ගේ දෑස් වලින්ම එයට සාක්ෂි දරා තම අත් වලින් එම පුස්තකය ස්පර්ශ කර තහවුරු කර ගත්ත ද ඔවුන් අතර ඇති ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුහු එය විශ්වාස නොකරති. ඔබ කවර දෙයක් ගෙන ආවේ ද එය පැහැදිලි සූනියමක් මිස ගණන් ගනු නොලැබේ. එහෙයින් අපි එය කිසිවිටක විශ්වාස නොකරන්නෙමු යැයි පවසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ مَلَكٌ ؕ— وَلَوْ اَنْزَلْنَا مَلَكًا لَّقُضِیَ الْاَمْرُ ثُمَّ لَا یُنْظَرُوْنَ ۟
අප සමග කතා කරන, සැබැවින්ම තමන් දූතයකු බවට සාක්ෂි දරන මලක්වරයකු ඔහු සමග අල්ලාහ් පහළ කළේ නම් සැබවින්ම අපි විශ්වාස කරන්නෙමු යැයි මෙම දේව ප්රතික්ෂේපකයෝ පවසා සිටියහ. ඔවුන් සිතන, විස්තර කරන ලද මලක්වරයකු අපි පහළ කළ ද ඔවුන් විශ්වාස නොකළ විට අපි ඔවුන් විනාශ කරන්නෙමු. එය පහළ වන විට පාප ක්ෂමාව අයැදින තෙක් කල් දෙනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• شدة عناد الكافرين، وبيان إصرارهم على الكفر على الرغم من قيام الحجة عليهم بالأدلة الحسية.
•දේව ප්රතික්ෂේපකයින්ගේ දැඩි මුරණ්ඩුකම, භෞතික සාධක ඔවුන් වෙත ඉදිරිපත් කර තිබියදීත් ඔවුන් දේව ප්රතික්ෂේපය වෙත නොපැකිලී උත්සාහ දැරීම පිළිබඳ පැහැදිලි කිරීම.

• التأمل في سنن الله تعالى في السابقين لمعرفة أسباب هلاكهم والحذر منها.
•මුතුන් මිත්තන් අතර අල්ලාහ්ගේ ක්රියා පිළිවෙත සම්බන්ධයෙන් සිතා බැලීමෙන් ඔවුන් විනාශයට පත් වූ හේතු සාධක දැන ගැනීමටත් එයින් ප්රවේශම් වීමටත් හැකිවනු ඇත.

• من رحمة الله بعباده أن لم ينزل لهم رسولًا من الملائكة لأنهم لا يمهلون للتوبة إذا نزل.
•තම ගැත්තන් වෙත මලක්වරුන් අතුරින් දූතයකු නොඑවීමෙන් අල්ලාහ් ඔවුනට දයාව දක්වා ඇත. එසේ මලක්වරයකු පැමිණියේ නම් පාප ක්ෂමාවට පවා ඔවුනට අවකාශය නොලැබෙනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት