Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:
فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِیْنَ ظَلَمُوْا ؕ— وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟
විනාශය තුළින් ඔවුන් සියලු දෙනා තුරන් කොට අල්ලාහ්ගේ දූතවරුන්ට ජයග්රහණය ලබා දී ප්රතික්ෂේපයේ නිරත වූ අවසාන වැසියන් මුළුමණින්ම විනාශ කරන ලදී. තම සතුරා විනාශ කොට තම මිතුරන්හට උදව් කිරීම වෙනුවෙන් වූ කෘතඥතාව හා ප්රශංසාව ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ට පමණක් සතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَرَءَیْتُمْ اِنْ اَخَذَ اللّٰهُ سَمْعَكُمْ وَاَبْصَارَكُمْ وَخَتَمَ عَلٰی قُلُوْبِكُمْ مَّنْ اِلٰهٌ غَیْرُ اللّٰهِ یَاْتِیْكُمْ بِهٖ ؕ— اُنْظُرْ كَیْفَ نُصَرِّفُ الْاٰیٰتِ ثُمَّ هُمْ یَصْدِفُوْنَ ۟
අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “ඔබේ සවන් ආවරණය කරමින් අල්ලාහ් ඔබව බිහිරන් බවට පත් කොට, ඔබේ බැල්ම පැහැර ගනිමින් අන්ධයන් බවට පත් කොට, කිසිවක් ඔබට වටහා ගත නොහැකි පරිදි ඔබේ හදවත් මත මුද්රා තැබුවේ නම්, එමගින් ඔබට අහිමි වූ දෑ නැවත ඔබ වෙත ගෙන එන්නට සැබෑ නැමදුම් ලබන කිසිවකු වෙත්දැයි මා වෙත දන්වා සිටිනු.” අහෝ! දූතය, අපි ඔවුනට සාක්ෂි හා විවිධ සාධක පැහැදිලි කරනුයේ කෙසේදැයිද, පසුව ඔවුන් එය ප්රතික්ෂේප කරනුයේ කෙසේ දැයි ද මදක් සිතා බලන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَرَءَیْتَكُمْ اِنْ اَتٰىكُمْ عَذَابُ اللّٰهِ بَغْتَةً اَوْ جَهْرَةً هَلْ یُهْلَكُ اِلَّا الْقَوْمُ الظّٰلِمُوْنَ ۟
අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. “ඔබ ඒ ගැන නොසිතන මොහොතක අනපේක්ෂිත ලෙස අල්ලාහ්ගේ දඬුවමක් ඔබ වෙත පැමිණියේ නම් හෝ ඇස් ඉදිරිපිට එළිමහනේ ඔබ වෙත පැමිණියේ නම් හෝ සැබැවින්ම එයින් ග්රහණය කරනු ලබනුයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින්, ඔහුගේ දූතයාණන් බොරු කරමින්, අපරාධ කළවුන් මිස වෙනත් කිසිවකු නොවේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا نُرْسِلُ الْمُرْسَلِیْنَ اِلَّا مُبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ ۚ— فَمَنْ اٰمَنَ وَاَصْلَحَ فَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟
දෙවියන් විශ්වාස කරන, ඔහුට අවනත වන ජනයාට කිසිදු කප්පාදුවකින් හෝ විසන්ධි කිරීමකින් තොරව ඔවුන් සතුටු වන සදා සැප පහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වා සිටීමටත්, දෙවියන් ප්රතික්ෂේප කරන ඔහුට පිටුපාන ජනයාට අපගේ දැඩි දඬුවම ඇතැයි ඔවුන් බිය ගැන්වීමටත් මිස අපගේ දූතවරුන් අපි නොඑව්වෙමු. එබැවින් ඔවුන් එම රසූල්වරුන් විශ්වාස කළ යුතුය. තම ක්රියාවන් විධිමත් කළ යුතුය. ඔවුන් මතු ලොවෙහි මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුනට කිසිදු බියක් නැත. ඔවුන් දුකට පත්වන්නේද නැත. මෙලොව ඔවුනට අහිමි වූ කොටස් පිළිබඳ ඔවුන් පසුතැවෙන්නේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا یَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُوْا یَفْسُقُوْنَ ۟
අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් අල්ලාහ්ට අවනතවීමෙන් බැහැර වූ බැවින් ඔවුනට දඬුවම අත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّاۤ اَقُوْلُ لَكُمْ عِنْدِیْ خَزَآىِٕنُ اللّٰهِ وَلَاۤ اَعْلَمُ الْغَیْبَ وَلَاۤ اَقُوْلُ لَكُمْ اِنِّیْ مَلَكٌ ۚ— اِنْ اَتَّبِعُ اِلَّا مَا یُوْحٰۤی اِلَیَّ ؕ— قُلْ هَلْ یَسْتَوِی الْاَعْمٰی وَالْبَصِیْرُ ؕ— اَفَلَا تَتَفَكَّرُوْنَ ۟۠
අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන මොවුනට පවසනු. “සැබැවින්ම මා අබියස අල්ලාහ්ගේ පෝෂණ සම්පත් තිබී ඒවා මා කැමති අයට බෙදා දෙමි යැයි මම ඔබට නොපවසමි. එමෙන්ම අල්ලාහ් මා වෙත පෙන්වා දුන් දේව පණිවිඩ මිස වෙනත් ගුප්ත දෑ මා දනිමි යැයි ද මම ඔබට නොපවසමි. එමෙන්ම සැබැවින්ම මම මලක්වරුන් අතුරින් මලක්වරයකු යැයිද මම ඔබට නොපවසමි. මම අල්ලාහ්ගෙන් වූ දූතයකු පමණි. මා වෙත එවන ලද පණිවිඩ මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරමි. මට අදාළ නොවන දෑ ගැන මම වාද නොකරමි. අහෝ! දූතය, තවදුරටත් ඔවුනට ඔබ මෙසේ පවසනු. සත්යය නොදැක අන්ධ වූ දේව ප්රතික්ෂේපකයා හා සත්යය බලා එය විශ්වාස කළ දේව විශ්වාසියා යන දෙදෙනා එක සමාන වේද? මෙම වදන් ඔබ ව හරවන්නේ කොතැනකට දැයි ඔබ බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْذِرْ بِهِ الَّذِیْنَ یَخَافُوْنَ اَنْ یُّحْشَرُوْۤا اِلٰی رَبِّهِمْ لَیْسَ لَهُمْ مِّنْ دُوْنِهٖ وَلِیٌّ وَّلَا شَفِیْعٌ لَّعَلَّهُمْ یَتَّقُوْنَ ۟
අහෝ! දූතය, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුකු කළ හැකි වනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති වෙත රැස් කරනු ලැබ එවිට අල්ලාහ් හැර ඔවුනට සෙත සලසන්නට කිසිදු භාරකරුවකු නොමැති බවටත් ඔවුන්ගෙන් හානිය නිවාරණය කරන මැදිහත්කරුවකු නොමැති බවටත් බියවන්නන්හට මෙම කුර්ආනය මගින් අවවාද කරනු. එවිට ඔවුහු මෙම කුර්ආනය මගින් ප්රයෝජනය ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَطْرُدِ الَّذِیْنَ یَدْعُوْنَ رَبَّهُمْ بِالْغَدٰوةِ وَالْعَشِیِّ یُرِیْدُوْنَ وَجْهَهٗ ؕ— مَا عَلَیْكَ مِنْ حِسَابِهِمْ مِّنْ شَیْءٍ وَّمَا مِنْ حِسَابِكَ عَلَیْهِمْ مِّنْ شَیْءٍ فَتَطْرُدَهُمْ فَتَكُوْنَ مِنَ الظّٰلِمِیْنَ ۟
දහවල ආරම්භයේ ද එහි අවසානයේ ද අල්ලාහ්ට අවංක ව නැමදුම් කරන දිළිඳු මුස්ලිම්වරුන් ඔබේ සභාවෙන් දුරස් නොකරන්න. දෙවියන්ට ආදේශ තබන්නන්ගේ ප්රධානීන් වෙත නැඹුරු වීම සඳහා ඔබ ඔවුන් දුරස් නොකරන්න. මෙම දිළිඳු අය පිළිබඳ කිසිදු විනිශ්චයක් ඔබ මත පැවරෙන්නේ නැත. ඔවුන්ගේ විනිශ්චය ඔවුන්ගේ පරමාධිපති අබියසය. ඔබ ගැන කිසිදු විනිශ්චයක් ඔවුන් මත පැවරෙන්නේද නැත. සැබැවින්ම ඔවුන් ව ඔබේ සභා ගර්භයෙන් ඔබ දුරස් කරන්නෙහි නම් ඔබ අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අය අතරට පත් වන්නෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأنبياء بشر، ليس لهم من خصائص الربوبية شيء البتة، ومهمَّتهم التبليغ، فهم لا يملكون تصرفًا في الكون، فلا يعلمون الغيب، ولا يملكون خزائن رزق ونحو ذلك.
•නබිවරුන්ද මිනිසුන් වෙති. කිසිවිටෙකත් මැවුම්කරුගේ දේවත්වයට කිසිදු සුවිශේෂී පාලන බලතල ඔවුනට නොවීය. ඔවුන්ගේ වැදගත් කාර්යභාරය වූයේ දේව නිවේදනය ජනයාට දැන්වීමයි. ලොවෙහි කටයුතු ක්රියාත්මක කිරීමේ කිසිදු අයිතියක් ඔවුනට නොවීය. ගුප්ත දෑ පිළිබඳ දැනුම ද ඔවුනට නොවීය. ආහාර පෝෂණයන්හි භාණ්ඩාගාරය හා එවැනි වෙනත් සම්පත් ඔවුන් සතු නොවීය.

• اهتمام الداعية بأتباعه وخاصة أولئك الضعفاء الذين لا يبتغون سوى الحق، فعليه أن يقرِّبهم، ولا يقبل أن يبعدهم إرضاء للكفار.
• ඇරයුම් කරන්නා, ඔහුගේ අනුගාමිකයින් පිළිබඳ සැලකිලිමත් වීම. විශේෂයෙන් සත්ය මිස වෙනකක් නොසොයන අසරණයින් හට වැදගත්කමක් දිය යුතු වේ. ඔවුන් සමීප කර ගැනීමය ඔහුගේ වගකීම වන්නේ. එමෙන් ම දේවත්වය ප්රතික්ෂේප කරන ජනයා තෘප්තියට පත් කිරීම පිණිස ඔවුන් දුරස් කිරීම වලංගු නොවේ.

• إشارة الآية إلى أهمية العبادات التي تقع أول النهار وآخره.
•දහවල් ආරම්භයේ හා එහි අවසානයේ පිහිටන නැමදුම් වල වැදගත්කම මෙම වැකිය පෙන්වා දෙන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት