Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:
هَلْ یَنْظُرُوْنَ اِلَّاۤ اَنْ تَاْتِیَهُمُ الْمَلٰٓىِٕكَةُ اَوْ یَاْتِیَ رَبُّكَ اَوْ یَاْتِیَ بَعْضُ اٰیٰتِ رَبِّكَ ؕ— یَوْمَ یَاْتِیْ بَعْضُ اٰیٰتِ رَبِّكَ لَا یَنْفَعُ نَفْسًا اِیْمَانُهَا لَمْ تَكُنْ اٰمَنَتْ مِنْ قَبْلُ اَوْ كَسَبَتْ فِیْۤ اِیْمَانِهَا خَیْرًا ؕ— قُلِ انْتَظِرُوْۤا اِنَّا مُنْتَظِرُوْنَ ۟
මෙසේ බොරු කරන්නන් බලාපොරොත්තු වනුයේ මෙලොවෙහි තම ප්රාණ අත්පත් කිරීම සඳහා මරණයේ දූතයා හා ඔහුගේ සහකරුවන් ඔවුන් වෙත පැමිණීම හෝ මතු ලොවෙහි ජනයා අතර වෙන් කරන දින ඔබේ පරමාධිපති පැමිණ ඔවුන් අතර තීන්දු දී වෙන් කිරීම හෝ හිරු බටහිරෙන් උදාවීම වැනි ඔබේ පරමාධිපතිගේ ඇතැම් සංඥාවන් සිදු වන දින අවසන් හෝරාව පිළිබඳ පෙන්වා දෙන ඔබේ පරමාධිපතිගේ ඇතැම් සාධක පැමිණීම මිස වෙනකක් නොවේ. එදින දේව ප්රතික්ෂෙපකයාගේ දේව විශ්වාසය පලක් නොවනු ඇත. ඊට පෙර කිසිදු යහපතක් සිදු නොකළ දේව විශ්වාසියාටත් ඔහුගේ ක්රියාවන් පලක් නොවනු ඇත. අහෝ දූතය, මේවායින් කිසිවක් ඇති වන තෙක් ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. යැයි දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින් හට ඔබ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ فَرَّقُوْا دِیْنَهُمْ وَكَانُوْا شِیَعًا لَّسْتَ مِنْهُمْ فِیْ شَیْءٍ ؕ— اِنَّمَاۤ اَمْرُهُمْ اِلَی اللّٰهِ ثُمَّ یُنَبِّئُهُمْ بِمَا كَانُوْا یَفْعَلُوْنَ ۟
සැබැවින්ම තම දහමින් කොටසක් පිළිපැද තවත් කොටසක් අතහැර දමමින් යුදෙව්වන් හා කිතුනුවන් අතර තම දහම වෙන්කර ගත්තවුන් වනාහි, ඔවුහු මතභේද වලින් පිරුණු පිරිසක් බවට පත් වූහ. අහෝ දූතය! ඔවුන්ගෙන් කිසිවක ඔබ නැත. ඔවුන් කවර මුළාවක පසුවන්නේද එයින් ඔබ නිදොස්ය. ඔබට ඇත්තේ ඔවුනට අවවාද කිරීම පමණි. ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත භාර කරනු ලැබේ. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු ඔවුනට දන්වා ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ جَآءَ بِالْحَسَنَةِ فَلَهٗ عَشْرُ اَمْثَالِهَا ۚ— وَمَنْ جَآءَ بِالسَّیِّئَةِ فَلَا یُجْزٰۤی اِلَّا مِثْلَهَا وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නන් යම් යහපතක් ගෙන ආවේ නම්, අල්ලාහ් ඔහුට එය දස ගුණයකින් ගුණ කර දෙනු ඇත. ඔහු යම් අයහපතක් ගෙන ආවේ නම් එහි සැහැල්ලු හා බැරෑරුම් තරමට අනුව එයට සමානව මිස ඉන් කිසිවක් වැඩි කර දඬුවම් නොකරන්නේමය. යහපත් ක්රියාවන්ට හිමි කුසල් අඩු කරමින් හෝ අයහපත් ක්රියාවන්ට හිමි දඬුවම් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّنِیْ هَدٰىنِیْ رَبِّیْۤ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۚ۬— دِیْنًا قِیَمًا مِّلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ۚ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
අහෝ දූතයිනි, බොරුකාර මෙම ආදේශ තබන්නන් හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම මම වනාහි මාගේ පරමාධිපති ඍජු මාර්ගය වෙත මට මග පෙන්වා ඇත. එය මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන ස්ථාවර දහමෙහි මාර්ගයයි. එය සත්යය වෙත නැඹුරු වූ ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමාගේ පිළිවෙතයි. හෙතෙම කිසිවිටෙක අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් කෙනෙකු නොවූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّ صَلَاتِیْ وَنُسُكِیْ وَمَحْیَایَ وَمَمَاتِیْ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
සැබැවින්ම මාගේ නැමදුමත් වෙනත් කිසිවකුගේ නාමය නොපවසා අල්ලාහ්ගේ නාමය පමණක් පවසා ඔහු වෙනුවෙන් කපන ලද මාගේ කැපය, මාගේ ජීවිතය, මාගේ මරණය යන ඒ සියල්ල සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ්ට පමණක් සතුය. ඒවායෙහි කිසිදු කොටසක් ඔහු හැර වෙන කිසිවකුට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا شَرِیْكَ لَهٗ ۚ— وَبِذٰلِكَ اُمِرْتُ وَاَنَا اَوَّلُ الْمُسْلِمِیْنَ ۟
ඔහු සුවිශුද්ධය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. ඔහු හැර නැමදුමට වෙනත් කිසිදු සුදුස්සෙකු නොමැත. දේව ආදේශයෙන් පිවිතුරු ඒකදේවත්වය පිළිබඳ අල්ලාහ් මට නියෝග කළේය. මෙම සමූහයා අතුරින් ඔහුට අවනත වූ පළමුවැන්නා මම වෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَغَیْرَ اللّٰهِ اَبْغِیْ رَبًّا وَّهُوَ رَبُّ كُلِّ شَیْءٍ ؕ— وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ اِلَّا عَلَیْهَا ۚ— وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ۚ— ثُمَّ اِلٰی رَبِّكُمْ مَّرْجِعُكُمْ فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟
අහෝ දූතය! මෙම ආදේශ තබන්නන් හට මෙසේ පවසනු. "සියලුම දෑහි පරමාධිපති වූ උත්තරීතර පිවිතුරු අල්ලාහ් හැර දමා වෙනත් පාලකයකු මා සොයන්නෙම්ද? ඔහු හැර ඔබ විසින් නමදිනු ලබන දෑහි පරමාධිපති ඔහුය. වෙනත් කෙනෙකුගේ පාපයක් නිරපරාධියෙකු මත පටවනු නොලැබේ. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැවත හැරී යනුයේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට ඔබ මෙලොවෙහි කවර ආගමික කටයුත්තක මතභේද ඇති කර ගත්තේද ඒ ගැන ඔහු ඔබට දන්වා සිටිනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ جَعَلَكُمْ خَلٰٓىِٕفَ الْاَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجٰتٍ لِّیَبْلُوَكُمْ فِیْ مَاۤ اٰتٰىكُمْ ؕ— اِنَّ رَبَّكَ سَرِیْعُ الْعِقَابِ ۖؗۗ— وَاِنَّهٗ لَغَفُوْرٌ رَّحِیْمٌ ۟۠
"මහපොළොව පාලනය කිරීම සඳහා ඔබට පෙර එහි විසූවන් නියෝජනය කරන්නන් ලෙස අල්ලාහ් ඔබව පත් කළේය. මැවීමෙහි හා පෝෂණ සම්පත්හි මෙන්ම වෙනත් දෑහි ඔබ අතුරින් ඇතැමෙක් ඇතැමුකුට වඩා තරාතිරමෙන් ඔහු උසස් කළේය. එය ඔබට පිරිනැමූ මෙවන් දෑ තුළින් ඔබව ඔහු පරීක්ෂණයට භාජනය කරනු පිණිසය. අහෝ දූතය සැබැවින්ම ඔබේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතුරින් කවරෙකු පව් සමාව අයැද සිටින්නේද සැබැවින්ම ඔහු කෙරෙහි ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الدين يأمر بالاجتماع والائتلاف، وينهى عن التفرق والاختلاف.
•සැබැවින්ම දහම එකමුතුකම හා ලෙන්ගතුකම පිළිපදින මෙන් නියෝග කරයි. නමුත් එය වෙන් වීම හා මත ගැටුම් ඇති කර ගැනීම වළක්වාලයි.

• من تمام عدله تعالى وإحسانه أنه يجازي بالسيئة مثلها، وبالحسنة عشرة أمثالها، وهذا أقل ما يكون من التضعيف.
•අල්ලාහ් පාපයකට ඒ හා සමාන ප්රතිවිපාකයක් පිරිනැමීමෙන් හා යහපතකට ඒ හා සමාන ප්රතිඵල දහයක් පිරිනැමීමෙන් ඔහුගේ පූර්ණ සාධාරණත්වය ඔහුගේ ත්යාගශීලීභාවය විදහා පාන්නේය. ගුණ කර දීමේ දී එහි අවම ප්රමාණය මෙය වන්නේය.

• الدين الحق القَيِّم يتطَلب تسخير كل أعمال العبد واهتماماته لله عز وجل، فله وحده يتوجه العبد بصلاته وعبادته ومناسكه وذبائحه وجميع قرباته وأعماله في حياته وما أوصى به بعد وفاته.
•සැබෑ ඍජු දහම ගැත්තාගේ සියලු ක්රියාවන් හා වැදගත් කටයුතු සියල්ල අල්ලාහ්ට පමණක් පිළිගන්වන මෙන් ඉල්ලා සිටියි. ගැත්තා තම සලාත් නැමදුම් අනෙකුත් නැමදුම් හා වන්දනාවන් ඔහුගේ සත්ව කැපකිරීම් ඔහුගේ සියලු පිළිගැන්වීම් ඔහුගේ මෙලොව ජීවිතයේ සියලු ක්රියාවන් හා ඔහු මිය ගිය පසු ව ඔහුගේ අන්තිම කැමැත්ත යනාදී සියල්ල අල්ලාහ්ට පමණක් පිළිගැන්විය යුතුය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት