Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:
وَكَذٰلِكَ فَتَنَّا بَعْضَهُمْ بِبَعْضٍ لِّیَقُوْلُوْۤا اَهٰۤؤُلَآءِ مَنَّ اللّٰهُ عَلَیْهِمْ مِّنْ بَیْنِنَا ؕ— اَلَیْسَ اللّٰهُ بِاَعْلَمَ بِالشّٰكِرِیْنَ ۟
එලෙස අපි ඇතැමෙක් ඇතැමෙකු විසින් පරීක්ෂාවට ලක් කළෙමු. මෙලොව ඔවුනට හිමි කොටස් වලදී උස් පහත් වෙනස්කම් සහිත ව අපි ඔවුන් පත් කළෙමු. එමගින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. දේව ප්රතික්ෂේපකයෝ දේව විශ්වාසී දිළිඳුන් දෙස බලා “අල්ලාහ් අප අතර උසස් කර ඇත්තේ මෙම දිළිඳු ජනයා දැ”යි විමසති. විශ්වාසය යහපත් ලෙස තිබුණේ නම් ඒ වෙත අපි අබිබබා නොයන්නෙමු. අබිබවා යන්නෝ අපමය. තම ආශිර්වාදයට තුති පුදකරන්නන් කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දැන එම විශ්වාසය වෙනුවෙන් ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත්ද? එය ප්රතික්ෂේප කරන්නන් කවුරුන්දැයි ඔහු මැනවින් දැන ඔවුන් අවමානයට පත් නොකරනු ඇත්ද? නමුත් ඔවුන් විශ්වාසය කරති. එසේය, සැබැවින්ම අල්ලාහ් ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا جَآءَكَ الَّذِیْنَ یُؤْمِنُوْنَ بِاٰیٰتِنَا فَقُلْ سَلٰمٌ عَلَیْكُمْ كَتَبَ رَبُّكُمْ عَلٰی نَفْسِهِ الرَّحْمَةَ ۙ— اَنَّهٗ مَنْ عَمِلَ مِنْكُمْ سُوْٓءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِنْ بَعْدِهٖ وَاَصْلَحَ ۙ— فَاَنَّهٗ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ! දූතය, ඔබ ගෙන ආ දෑ තහවුරු කරන අපගේ සාක්ෂි හා සාධක විශ්වාස කරන්නන් ඔබ වෙත පැමිණි විට ඔවුනට ගෞරව කරමින් ඔවුන් වෙත සලාම් පවසන්න. ගෞරවයෙන් පිළිතුරු සපයමින් කරුණාව තමන් වෙත අල්ලාහ් අනිවාර්යය කර ගෙන ඇතැයි යන සුභාරංචිය පවසන්න. ඔබ අතුරින් කිසිවකු අඥාන හා මෝඩ කමින් වරදක් සිදු කොට, පසු ව ඒ සඳහා පාප සමාව අයැද, තම ක්රියාවන් විධිමත් කර ගත්තේ ද ඔහු කළ වරදට අල්ලාහ් ඔහුට සමාව දෙන්නේය. තම ගැත්තන් අතුරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද එවැන්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ وَلِتَسْتَبِیْنَ سَبِیْلُ الْمُجْرِمِیْنَ ۟۠
මෙනෙහි කරනු ලැබිය යුතු දෑ අපි ඔබට පැහැදිලි කළාක් මෙන්ම අපගේ සාධක හා සාක්ෂි අසත්යයේ සිටින ජනයාහටත් පැහැදිලි කරන්නෙමු. වැරදිකරුවන් හා ඔවුන්ගේ පිළිවෙත පැහැදිලි කිරීමෙන් එයින් වැළකෙන්නටත් ප්රවේශම් වන්නටත් හැකි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنِّیْ نُهِیْتُ اَنْ اَعْبُدَ الَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ؕ— قُلْ لَّاۤ اَتَّبِعُ اَهْوَآءَكُمْ ۙ— قَدْ ضَلَلْتُ اِذًا وَّمَاۤ اَنَا مِنَ الْمُهْتَدِیْنَ ۟
අහෝ! දූතය, අල්ලාහ් හැර ඔබ නමදින දෑට නැමදුම් කිරීමෙන් සැබැවින්ම මා අල්ලාහ් විසින් වළක්වා ඇත. අහෝ දූතය! ඔබ මෙසේ පවසන්න. “අල්ලාහ් හැර වෙනත් අයට නැමදුම් කිරීමෙහි ඔබේ ආශාවන් මම පිළිනොපදිමි. එම විෂයයෙහි ඔවුන්ගේ ආශාවන් මා පිළිපැද්දා නම් සත්ය මාර්ගයෙන් දුරස් ව මුළාවූවෙකු බවට පත් වෙමි. ඒ වෙත මග නොලබමි. මේ සියල්ල අල්ලාහ්ගෙන් වූ සාධක වලින් තොර ව ආශාවන් පිළිපැද්ද අයට වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنِّیْ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّیْ وَكَذَّبْتُمْ بِهٖ ؕ— مَا عِنْدِیْ مَا تَسْتَعْجِلُوْنَ بِهٖ ؕ— اِنِ الْحُكْمُ اِلَّا لِلّٰهِ ؕ— یَقُصُّ الْحَقَّ وَهُوَ خَیْرُ الْفٰصِلِیْنَ ۟
අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “සැබැවින්ම මම ආශාවන් මත නොව මාගේ පරාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටිමි. මෙම සාධක ඔබ බොරු කළෙහිය. ඔබ ඉල්ලා සිටින පරිදි සුපිරි සංඥාවක් හෝ ඔබ ඉක්මණින් පතන පරිදි දඬුවමක් හෝ මා ළඟ නැත. සැබැවින්ම එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔබ පතන සියලු දෑ හි තීන්දුව පිහටනුයේ ඔහු මත පමණි. ඔහු සත්ය පවසයි. ඒ අනුව තීන්දු පිරිනමයි. සුවිශුද්ධ ඔහු පැහැදිලි කරන්නන් අතුරින් ශ්රේෂ්ඨය. අසත්යයෙන් සත්යය වෙන් කර පැහැදිලි කරන්නාය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّوْ اَنَّ عِنْدِیْ مَا تَسْتَعْجِلُوْنَ بِهٖ لَقُضِیَ الْاَمْرُ بَیْنِیْ وَبَیْنَكُمْ ؕ— وَاللّٰهُ اَعْلَمُ بِالظّٰلِمِیْنَ ۟
අහෝ! දූතය, තවදුරටත් ඔවුනට මෙසේ පවසනු. ඔබ ඉක්මන් කරන මෙන් පතන දඬුවම මා ළඟ, මාගේ අතෙහි වී නම් එය මා ඔබ වෙත පහළ කරමි. එවිට මා හා ඔබ අතර වන විෂය තීන්දු කරනු ලබනු ඇත. සැබැවින්ම අපරාධකරුවන්ට කොපමණ අවකාශයක් ලබා දිය යුතුද ඔවුනට දඬුවම් කළ යුත්තේ කවදාද යන්න වග අල්ලාහ් මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعِنْدَهٗ مَفَاتِحُ الْغَیْبِ لَا یَعْلَمُهَاۤ اِلَّا هُوَ ؕ— وَیَعْلَمُ مَا فِی الْبَرِّ وَالْبَحْرِ ؕ— وَمَا تَسْقُطُ مِنْ وَّرَقَةٍ اِلَّا یَعْلَمُهَا وَلَا حَبَّةٍ فِیْ ظُلُمٰتِ الْاَرْضِ وَلَا رَطْبٍ وَّلَا یَابِسٍ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟
ගුප්ත දෑ හි භාණ්ඩාගාරය ඇත්තේ අල්ලාහ් අබියසය. ඒ ගැන වෙනත් කිසිවකු නොදනී. මහපොළොවේ ඇති සතුන්, ගහකොළ හා භෞතික වස්තූන් යන සියලු මැවීම් ගැන ඔහු දනී. එමෙන්ම සාගරයේ ඇති සතුන්, පැළෑටී හා භෞතික සම්පත් පිළිබඳවත් ඔහු දනී. ගහකින් වැටෙන කොළයක් කවර ස්ථානයක වැටෙන්නේ දැයි යන වගත් ඔහු මැනවින් දනී. මහපොළොව තුළ සැඟ වී ඇති ධාන්ය බීජයක් හෝ තෙත සහිත හෝ වියළි ධාන්ය බීජයක් හෝ වේවා එය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الله تعالى يجعل العباد بعضهم فتنة لبعض، فتتفاوت درجاتهم في الرزق وفي الكفر والإيمان، والكفر والإيمان ليس منوطًا بسعة الرزق وضيقه.
•අල්ලාහ් තම ගැත්තන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට පරීක්ෂණයක් ලෙස පත් කර ඇත. එහෙයින් පෝෂණය දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය යනාදියෙහි ඔවුන්ගේ තරාතිරම් එකිනෙකට වෙනස් ව පවතී. දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය පෝෂණය විස්තීරණ වීම හෝ එය සීමා වීම යන කරුණු මත යැපෙන්නක් නොවේ.

• من أخلاق الداعية طلاقة الوجه وإلقاء التحية والتبسط والسرور بأصحابه.
• සිනාමුසු මුහුණ, ආචාර කිරීම, සරල කම හා තම සගයින් පිළිබඳ සතුටු වීම යනාදිය ප්රචාරකයකු සතු යහපත් ගතිගුණවලින් ඇතමක් වේ.

• على الداعية اجتناب الأهواء في عقيدته ومنهجه وسلوكه.
•ප්රචාරකයකු තම ප්රතිපත්තිය තුළ තම ක්රියාවලිය තුළ හා තම ගමන් මගෙහි තම ආශාවන් අනුගමනය කිරීමෙන් වැළකී සිටිය යුතුය.

• إثبات تفرد الله عز وجل بعلم الغيب وحده لا شريك له، وسعة علمه في ذلك، وأنه لا يفوته شيء ولا يعزب عنه من مخلوقاته شيء إلا وهو مثبت مدوَّن عنده سبحانه بأدق تفاصيله.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් එහි ඔහුගේ දැනුම පුළුල් බවත් තහවුරු කිරීම. සැබැවින්ම ඔහුගේ මැවීම් කිසිවක් ඒවායෙහි පුළුල් විස්තර ඔහු අබියස සටහන් කිරීමෙන් මිස කිසිවක් ඔහුගෙන් මිදී යන්නේ නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት