Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:
وَهُوَ الَّذِیْ یَتَوَفّٰىكُمْ بِالَّیْلِ وَیَعْلَمُ مَا جَرَحْتُمْ بِالنَّهَارِ ثُمَّ یَبْعَثُكُمْ فِیْهِ لِیُقْضٰۤی اَجَلٌ مُّسَمًّی ۚ— ثُمَّ اِلَیْهِ مَرْجِعُكُمْ ثُمَّ یُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟۠
නින්දේදී ඔබේ ප්රාණය නියමිත වේලාවක් ග්රහණය කොට තබා ගන්නේ අල්ලාහ්ය. ඔබ අවදිව සිටින අවස්ථාවේ දහවල් කාලයේ ඔබ කුමන දෙයක් උපයන්නේ දැයි මැනවින් දන්නේ ඔහුය. පසු ව නින්දේදී ඔබේ ප්රාණය අත්පත් කර ගත් පසු ව ඔබේ රාජකාරීන් සිදු කරනු පිණිස යළි ඔහු ඔබ ව අවදි කරවයි. මෙසේ අල්ලාහ් අබියස නියම කරන ලද ඔබේ ජීවිත කාලය අවසන් වන තෙක්ම සිදුවන අතර අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින යළි අවදි කරවා ඔබ ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ සිදුකරමින් සිටි දෑ පිළිබඳ ඔහු ඔබට දැනුම් දෙනු ඇත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهٖ وَیُرْسِلُ عَلَیْكُمْ حَفَظَةً ؕ— حَتّٰۤی اِذَا جَآءَ اَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا یُفَرِّطُوْنَ ۟
තම ගැත්තන් අබිබවා යන්නා අල්ලාහ්ය. (ඔවුන්ගේ ක්රියා නිසා) ඔවුන් පහත් කරනුයේද ඔහුය. සියලු ආකාරයන්ගෙන් ඔහු ඔවුනට ඉහළින් සිටියි. සියලු දෑ ඔහුට යටත්ය. ඔහුගේ ගැත්තන්ට ඉහළින් ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි ඔහු ඉහළින් සිටියි. අහෝ! ජනයිනි, ප්රාණය අත්පත් කර ගන්නා මලකුල් මව්ත් හා ඔහුගේ උදව්කරුවන් ඔබගේ ජීවිත ඩැහැ ගන්නා තෙක් ඔබ කරන ක්රියාවන් සටහන් කරන ගෞරවනීය මලක්වරුන් ඔබ වෙත ඔහු එවනු ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලබන්නේද එහි ඔවුන් කිසිදු අඩුවක් නොකරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ رُدُّوْۤا اِلَی اللّٰهِ مَوْلٰىهُمُ الْحَقِّ ؕ— اَلَا لَهُ الْحُكْمُ ۫— وَهُوَ اَسْرَعُ الْحٰسِبِیْنَ ۟
පසු ව අත්පත් කර ගනු ලැබූ ඔවුන්ගේ සියලු ආත්මාවන් ඔවුන්ගේ සැබෑ අයිතිකරු අල්ලාහ් වෙත පෙරළා එවනු ලැබේ. එය ඔහු ඔවුන්ගේ ක්රියාවන්ට ප්රතිඵල පිරිනැමීම පිණිසය. ඔවුන් අතර යුක්තිය, නීතිය හා විවෘත තීන්දු ලබා දීමේ අයිතිය ඔහු සතුය. ඔබේ ක්රියාවන් ඉතා ශීඝ්රයෙන් ගණන් බලා විනිශ්චය කරන්නා ඔහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَنْ یُّنَجِّیْكُمْ مِّنْ ظُلُمٰتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُوْنَهٗ تَضَرُّعًا وَّخُفْیَةً ۚ— لَىِٕنْ اَنْجٰىنَا مِنْ هٰذِهٖ لَنَكُوْنَنَّ مِنَ الشّٰكِرِیْنَ ۟
අහෝ! දූතය, මහ මුහුදේ හා ගොඩබිමෙහි අන්ධකාරයෙහි පැවතින ව්යසනයන් ගෙන් ඔබ ව ආරක්ෂා කොට සාමකාමී තත්ත්වයට පත් කරනුයේ කවුදැයි දෙවියන්හට ආදේශ තබන මොවුන්ගෙන් විමසනු. “මෙම ව්යසනයෙන් අපගේ පරමාධිපති අප මුදා ගන්නේ නම් ඔහු හැර වෙනත් කිසිවකු නැමදුමට නොගෙන ඔහු අප මත කළ ආශිර්වාදය සඳහා කෘතඥතාව පුද කරන්නන් අතුරින් වන්නේමු” යැයි රහසිගත ව හා එළිමහනේ ඉතා තැන්පත් ව, යටහත් පහත් ව ඔබ ඔහු පමණක් ඇරයුම් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ اللّٰهُ یُنَجِّیْكُمْ مِّنْهَا وَمِنْ كُلِّ كَرْبٍ ثُمَّ اَنْتُمْ تُشْرِكُوْنَ ۟
අහෝ! දූතය, ඔවුනට ඔබ පවසනු. එයින් ඔබ ව මුදවා ගනුයේ අල්ලාහ්ය. සියලුම දුක් කරදර වලින් ඔබට ආරක්ෂාව සලසනුයේ ඔහුය. නමුත් ඔබ ප්රීතියෙන් සිටින අවස්ථාවෙහි ඔහු සමග ඔහු හැර වෙනත් දෑ හවුල් කරමින් පතන්නෙහුය. ඔබ මෙසේ ක්රියා කිරීමට වඩා වෙනත් කවර අපරාධයක් තිබිය හැකිද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هُوَ الْقَادِرُ عَلٰۤی اَنْ یَّبْعَثَ عَلَیْكُمْ عَذَابًا مِّنْ فَوْقِكُمْ اَوْ مِنْ تَحْتِ اَرْجُلِكُمْ اَوْ یَلْبِسَكُمْ شِیَعًا وَّیُذِیْقَ بَعْضَكُمْ بَاْسَ بَعْضٍ ؕ— اُنْظُرْ كَیْفَ نُصَرِّفُ الْاٰیٰتِ لَعَلَّهُمْ یَفْقَهُوْنَ ۟
අහෝ! දූතය, ඔබ වෙත දඬුවමක් එවීමට අල්ලාහ් බලය ඇත්තාය. එය ඔබට ඉහළින් ගල්වර්ෂා, අකුණු හා සුළී සුළං වැනි ව්යසනයන්ගෙන් පැමිණිය හැක. එමෙන්ම ඔබට පහළින් භූමි කම්පා, භූමි ගිලගැනීම් වැනි ව්යසනයන්ගෙන් පැමිණිය හැක. එසේ නැතහොත් ඔබේ හදවත් අතර මතභේද ඇති කරවා, තමන් තමන්ගේ කැමැත්තට අනුව කටයුතු කරන්නට සලස්වා, ඇතැමුන් විසින් ඇතැමෙකු ඝාතනය කිරීම තුළින් ද පැමිණිය හැක. අහෝ! දූතය, මෙවන් සාධක හා සංඥා විවිධත්වයෙන් යුතු ව ගෙන හැර පා ඔබ ගෙන ආ දෑ සත්යය බවත් ඔවුන් අබියස ඇති දෑ ව්යාජ බවත් ඔවුන් වටහා ගනු පිණිස ඒවා අප පැහැදිලි කරනුයේ කෙසේ දැයි මදක් සිතා බලන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذَّبَ بِهٖ قَوْمُكَ وَهُوَ الْحَقُّ ؕ— قُلْ لَّسْتُ عَلَیْكُمْ بِوَكِیْلٍ ۟ؕ
ඔබේ ජනයා මෙම කුර්ආනය බොරු කරති. සැබැවින්ම එය, කිසිදු සැකයකට ඉඩ නැති අල්ලාහ්ගෙන් වූවක් බව සත්යයකි. අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. ඔබ ව අධීක්ෂණය කිරීමට මා වෙත පැවරී නැත. පැමිණිය හැකි දැඩි දඬුවම් පිළිබඳ ඔබ අතර අවවාද කරන්නෙකු ලෙස මිස මම නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِكُلِّ نَبَاٍ مُّسْتَقَرٌّ ؗ— وَّسَوْفَ تَعْلَمُوْنَ ۟
සෑම පුවතකටම එය සමථයකට පත් කිරීමට කාලයක් ඇති අතර එය අවසන් කරවන අවසානයක් ද ඇත. ඔබේ ඉරණම සහ දඬුවම පිළිබඳ පුවතත් ඒ අතුරින් එකකි. මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ එය ඔබ දැන ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا رَاَیْتَ الَّذِیْنَ یَخُوْضُوْنَ فِیْۤ اٰیٰتِنَا فَاَعْرِضْ عَنْهُمْ حَتّٰی یَخُوْضُوْا فِیْ حَدِیْثٍ غَیْرِهٖ ؕ— وَاِمَّا یُنْسِیَنَّكَ الشَّیْطٰنُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرٰی مَعَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අපගේ වදන් විහිළුවට හා හෑල්ලුවට ගනිමින් කතා කරනු ඔබ දුටුවෙහි නම් ඔවුන් එසේ අපගේ වදන් විහිළුවට හා හෑල්ලුවට නොගෙන වෙනත් කතාවකට ඔවුන් ප්රවේශ වන තෙක් ඔබ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. ෂෙයිතාන් ඔබට එය අමතක කරවා ඔවුන් සමග ඔබ වාඩි වී පසු ව ඒ ගැන ඔබට මතක් වූ විට ඔවුන්ගේ සභා ගර්භයෙන් ඉවත් ව යනු. සීමාව ඉක්මවා ගිය ඔවුන් සමග ඔබ වාඩි නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إثبات أن النومَ موتٌ، وأن الأرواح تُقْبض فيه، ثم تُرَد عند الاستيقاظ.
•සැබැවින්ම නින්ද, මරණයක් බවත් සැබැවින්ම එහිදී ප්රාණය අත්පත් කර ගනු ලබන බවත් අවදි වන මොහොතේ ඒවා නැවත මුදා හරිනු ලබන බවත් තහවුරු කිරීම.

• الاستدلال على استحقاق الله تعالى للألوهية بدليل الفطرة، فإن أهل الكفر يؤمنون بالله تعالى ويرجعون لفطرتهم عند الاضطرار والوقوع في المهالك، فيسألون الله تعالى وحده.
ස්වභාව ධර්මය සාධකයක් ලෙස ගනිමින් දේවත්වයට අල්ලාහ් සුදුස්සා බව තහවුරු කිරීම. සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පවා අල්ලාහ්ව විශ්වාස කරනු ඇත. හදිසි අවස්ථාවක හෝ ආපදාවක් ඇති වූ විටක හෝ ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ ස්වභාවය වෙත ඔවුන් යොමු වී උත්තරීතර අල්ලාහ්ගෙන් පමණක් අයැද සිටිති.

• إلزام المشركين بمقتضى سلوكهم، وإقامة الدليل على انقلاب فطرتهم، بكونهم يستغيثون بالله وحده في البحر عند الشدة، ويشركون به حين يسلمهم وينجيهم إلى البر.
දේවත්වයට ආදේශ තබන්නන් ඔවුන්ගේ හැසිරීමේ ස්වභාවයත් සමඟ ම බැඳී සිටීම සහ මුහුදේ යම් දුෂ්කරතාවකට ඔවුන් ලක් වන අවස්ථාවේ අල්ලාහ්ගෙන් උපකාර පැතීමෙන් ඔවුහු ඔවුන්ගේ සහජ ස්වභාවයට නැවත පෙරළෙන බවත් ඔවුන් මිදී ගොඩ බිමට ආරක්ෂිතව පැමිණි විට ඔවුන් ඔහුට ආදේශ කරන බවත් සාධක ඉදිරිපත් කිරීම.

• عدم جواز الجلوس في مجالس أهل الباطل واللغو، ومفارقتُهم، وعدم العودة لهم إلا في حال إقلاعهم عن ذلك.
උපහාසාත්මක හා ව්යාජ විශ්වාසයෙන් යුත් සභාවන්හි වාඩිවීම සුදුසු නොවන්නේය. ඔවුන්ගෙන් වෙන් විය යුතු අතර හා ඔවුන් එයින් ඉවත් වන තෙක් ඔවුන් වෙත නැවත හැරී නොයාම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት