Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም   አንቀጽ:
وَلَوْ جَعَلْنٰهُ مَلَكًا لَّجَعَلْنٰهُ رَجُلًا وَّلَلَبَسْنَا عَلَیْهِمْ مَّا یَلْبِسُوْنَ ۟
ඔවුන් වෙත එවනු ලබන්නා මලක්වරයකු ලෙස අපි පත් කළ ද ඔහු ගැන ඇසීමට හා ඔහු ගැන කතා කිරීමට ඔවුනට හැකි වන සේ මිනිසකුගේ ස්වරූපයෙන්ම පත් කරන්නෙමු. එසේ නොවේ නම්, අල්ලාහ් ඔහු ව මවා ඇති ස්වරූපය අනුව මලක්වරයා සමග එලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. අපි ඔහු ව මිනිසෙකුගේ ස්වරූපයෙන් මැව්වේ නම් ද ඔහුගේ කටයුතු ඔවුනට කුතුහලය ඇති කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِیْنَ سَخِرُوْا مِنْهُمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
ඔබ සමග මලක්වරයකු පහළ වීම සම්බන්ධයෙන් ඔවුන් විමසා අපහාස කරන්නේ නම් ඔබට පෙර සිට සමූහයන් ඔවුන්ගේ දූතවරුන්හටද අපහාස කර ඇත. ඔවුන් කවර දෙයක් ප්රතික්ෂේප කරමින් හා අපහාස කරමින් සිටියේද ඔවුන් බිය ගන්වමින් දඬුවම ඔවුන් සර්වප්රකාරයෙන් වට කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ سِیْرُوْا فِی الْاَرْضِ ثُمَّ اَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟
අහෝ! දූතය, මෙම බොරුකාර අපහාස කරන්නන්හට “ඔබ මහපොළොවේ සැරිසරා අල්ලාහ්ගේ දූතවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු” යැයි පවසනු. එහි ඔවුන් ආශිර්වාදයෙන් පිරි ශක්තිමත් ව සිටිය ද පසු ව අල්ලාහ්ගේ දඬුවම ඔවුනට නියම විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لِّمَنْ مَّا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— قُلْ لِّلّٰهِ ؕ— كَتَبَ عَلٰی نَفْسِهِ الرَّحْمَةَ ؕ— لَیَجْمَعَنَّكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ ؕ— اَلَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ فَهُمْ لَا یُؤْمِنُوْنَ ۟
අහෝ! දූතය, අහස්හි පාලනයත්, මහපොළොවේ පාලනයත්, ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් කවුරුන් සතු වන්නේදැයි ඔබ විමසනු. ඒවායෙහි සර්ව රාජ්යය හිමි වන්නේ අල්ලාහ්ටමයැයි පවසනු. තම ගැත්තන්හට ඔහුගෙන් වූ අතිරේක භාග්යයක් වශයෙන් තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. එහෙයින් ඔවුන් පාප සමාව අයැද නොසිටියද ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින එක්රැස් කරන තෙක් ඔවුනට දඬුවම් දීමට ඔහු ඉක්මන් නොවෙයි. එදින පිළිබඳ කිසිදු සැකයක් නැත. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුහු අලාභවන්තයින් වූහ. ඔවුහු විශ්වාස නොකරති. එහෙයින් ඔවුන් අලාභයෙහි වැටීමෙන් තමන් ආරක්ෂා කර ගත යුතු වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهٗ مَا سَكَنَ فِی الَّیْلِ وَالنَّهَارِ ؕ— وَهُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
රාත්රියෙහි හා දහවලෙහි ලැඟුම් ගෙන සිටින සියලු දෑ හි පාලනය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَغَیْرَ اللّٰهِ اَتَّخِذُ وَلِیًّا فَاطِرِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَهُوَ یُطْعِمُ وَلَا یُطْعَمُ ؕ— قُلْ اِنِّیْۤ اُمِرْتُ اَنْ اَكُوْنَ اَوَّلَ مَنْ اَسْلَمَ وَلَا تَكُوْنَنَّ مِنَ الْمُشْرِكِیْنَ ۟
අහෝ දූතය! අල්ලාහ් සමගම පිළිම හා වෙනත් දෑ නමදින, දේවත්වයට ආදේශ කරන්නන්හට ඔබ මෙසේ පවසනු; අල්ලාහ් නොවන කෙනෙකු උදව්කරුවකු වශයෙන් ගෙන, ඔහු ට සමීප වී ඔහුගෙන් මා උදව් ඉල්ලා සිටීම බුද්ධිමත් කටයුත්තක් ද? කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. ඒ දෙක පෙර කිසිවකු මැව්වේ නැත. ඔහු තමන් අභිමත කරන ගැත්තන්හට පෝෂණය ලබා දෙයි. ඔහුගේ ගැත්තන් කිසිවකු ඔහුට ආහාර සපයන්නේ නැත. ඔහු තම ගැත්තන්ගෙන් පොහොසත්ය. සියලු ගැත්තන් ඔහු වෙත යැපෙන්නන් වෙති. අහෝ දූතය! ඔබ පවසනු. සැබැවින්ම මාගේ පරමාධිපති මා ඔහුට අවනත වන, ඔහුට යටත් වන පළමුවැන්නා වීමට අණ කළේය. තවද ඔහු හැර වෙනත් අය ඔහු සමග ආදේශ කරන්නන් අතරට මා පත්වීමෙන් ඔහු වළැක්වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنِّیْۤ اَخَافُ اِنْ عَصَیْتُ رَبِّیْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
අහෝ! දූතය, මා වෙත අල්ලාහ් තහනම් කළ ෂිර්ක් හෝ වෙනත් වැරදි දෙයක් කිරීම හේතුවෙන් අල්ලාහ්ට පිටුපෑමෙන් හෝ ඔහු මට අණ කළ දේව විශ්වාසය හා ඔහුට අවනතභාවය පෙන්විය යුතු වෙනත් දෑ අතහැර දැමීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහත් දඬුවමකින් මා දඬුවම් කරනු ලැබීම ගැන මම බිය වෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ یُّصْرَفْ عَنْهُ یَوْمَىِٕذٍ فَقَدْ رَحِمَهٗ ؕ— وَذٰلِكَ الْفَوْزُ الْمُبِیْنُ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවමින් අල්ලාහ් කවරෙක් දුරස් කරන්නේද, සැබැවින්ම ඔහු සතු අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් ඔහු සැබැවින්ම ජය ගනු ඇත. දඬුවමින් දුරස් ව ලබන මෙම ජය වෙනත් කිසිදු ජයකට සමීප කළ නොහැකි පැහැදිලි ජයග්රහණයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ یَّمْسَسْكَ اللّٰهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهٗۤ اِلَّا هُوَ ؕ— وَاِنْ یَّمْسَسْكَ بِخَیْرٍ فَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
ආදම්ගේ පුතණුවනි! අල්ලාහ්ගෙන් වූ යම් විපතක් ඔබ වෙත ළඟා වූයේ නම් එම විපත ඔබෙන් වළක්වන කිසිවකු නැත. එසේම ඔහු වෙතින් යම් යහපතක් ඔබ වෙත ළඟා වූයේ නම්, එයින් ඔහු ව වළක්වන කිසිවකුද නැත. ඔහුගේ භාග්යය පිටුදකින්නට කිසිවකු ද නැත. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. කිසිවකුට ඔහු පරාජය කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهٖ ؕ— وَهُوَ الْحَكِیْمُ الْخَبِیْرُ ۟
ඔහු තම පහත් ගැත්තන් අබිබවා යන්නාය. කිසිවක් ඔහු පරාජය කළ නොහැකි පරිදි ඔවුනට ඉහළින් සිටින්නාය. කිසිවකු ඔහු අබිබවා යා නොහැක. සියලු දෙනා ඔහුට යටහත් වූවෝ වෙති. ඔහු ඔහුට ගැළපෙන පරිදි ඔහුගේ ගැත්තන්ට ඉහළින් සිටියි. මැවීමේ සැලසුම් කිරීමේ හා ආගම නීතිගත කිරීමේ ඔහු මහා ප්රඥාවන්තය. සියලු තොරතුරු දන්නාය. එහෙයින් ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان حكمة الله تعالى في إرسال كل رسول من جنس من يرسل إليهم؛ ليكون أبلغ في السماع والوعي والقبول عنه.
•සෑම රසූල්වරයෙකුම කවර වර්ගයකට එවනු ලබන්නේද එම වර්ගයටම අයත් අයකු ලෙස එවීමේ අල්ලාහ්ගේ ප්රඥාව පැහැදිලි කිරීම. එය සවන් දීමටත් වටහා ගන්නටත් පිළිගන්නටත් පහසු, හොඳම නිවේදන කිරීමේ ක්රමය වන බැවිණි.

• الدعوة للتأمل في أن تكرار سنن الأوّلين في العصيان قد يقابله تكرار سنن الله تعالى في العقاب.
•මුතුන් මිත්තන්ගේ පිටු පෑමේ පිළිවෙත නැවත නැවතත් සිදු වීම ගැනත් එයට ගැළපෙන පරිදි උත්තරීතර අල්ලාහ්ගේ දඬුවම් දීමේ පිළිවෙත නැවත නැවතත් පිහිටි ආකාරය පිළිබඳත් සිතන්නට ඇරයුම් කිරීම.

• وجوب الخوف من المعصية ونتائجها.
•පාපය පිළිබඳ හා එහි ප්රතිවිපාකය පිළිබඳ බිය වීමේ අනිවාර්යභාවය.

• أن ما يصيب البشر من بلاء ليس له صارف إلا الله، وأن ما يصيبهم من خير فلا مانع له إلا الله، فلا رَادَّ لفضله، ولا مانع لنعمته.
•මිනිසාට යම් විපතක් ඇති වූ විට ඉන් මුදවන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු ඔහුට නැත. ඔවුනට යම් යහපතක් අත්වූයේ නම් අල්ලාහ් හැර එය වළක්වන කිසිවකු නැත. ඔහුගේ භාග්යය වළක්වන්නෙකු නැත. ඔහුගේ ආශිර්වාද තහනම් කරන්නෙකු නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት