የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (151) ምዕራፍ: ሱረቱ አል-አንዓም
قُلْ تَعَالَوْا اَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَیْكُمْ اَلَّا تُشْرِكُوْا بِهٖ شَیْـًٔا وَّبِالْوَالِدَیْنِ اِحْسَانًا ۚ— وَلَا تَقْتُلُوْۤا اَوْلَادَكُمْ مِّنْ اِمْلَاقٍ ؕ— نَحْنُ نَرْزُقُكُمْ وَاِیَّاهُمْ ۚ— وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۚ— وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِیْ حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّ ؕ— ذٰلِكُمْ وَصّٰىكُمْ بِهٖ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. ජනයිනි, ඔබ එනු. අල්ලාහ් තහනම් කළ දෑ මම ඔබට කියවා පෙන්වමි. ඔහුගේ මැවීම් අතුරින් යමක් ඔහුට ඔබ ආදේශ තැබීමත් ඔබේ දෙමාපියන්ට ඔබ හිංසා කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔවුන් සමග උපකාරශීලී ව කටයුතු කිරීම ඔබට අනිවාර්යය වේ. එමෙන්ම අඥාන යුගයේ ජනයා සිදු කළාක් මෙන් දිළිඳුකම හේතුවෙන් ඔබේ දරුවන් ඔබ ඝාතනය කිරීමත් ඔහු තහනම් කළේය. ඔබට ආහාර සම්පත් පිරිනමනුයේත් ඔවුනට ආහාර සම්පත් පිරිනමනුයේත් අපමය. ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදුවන අශීලාචාර කටයුතු වලට ඔබ සමීප වීමත් ඔහු තහනම් කළේය. විවාහක කෙනෙකු දුරාචාරයේ යෙදීම රාජ්ය ද්රෝහී කටයුතු වල නිරත වීම වැනි මරණ දඬුවම නියම වන සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් නිරපරාදේ ඝාතනය කිරීමත් තහනම් කළේය. ඉහත සඳහන් කළ කරුණු ඔහු ඔබට උපදෙස් දී ඇත්තේ අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ පිළිබඳ ඔබ වටහා ගනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الحذر من الجرائم الموصلة لبأس الله؛ لأنه لا يُرَدُّ بأسه عن القوم المجرمين إذا أراده.
•අල්ලාහ්ගේ දඬුවම් ගෙනදෙන වැරදිවලින් ප්රවේසම් වීම. ඊට හේතුව වැරදිකරන පිරිසකට ඔහු දඬුවම් කරන්නට අභිමත කළේ නම් ඔහුගේ එම දඬුවම කිසිවිටෙක හරවා යවනු නොලැබේ.

• الاحتجاج بالقضاء والقدر بعد أن أعطى الله تعالى كل مخلوق قُدْرة وإرادة يتمكَّن بهما من فعل ما كُلِّف به؛ ظُلْمٌ مَحْض وعناد صرف.
•තමන්ට පවරන ලද දෑ තම හැකියාවේ හා ශක්තියේ තරමට ඉටු කිරීම සඳහා සිතීමේ හැකියාව හා ශක්තිය අල්ලාහ් පිරිනැමුවායින් පසු පෙර නියමය හා න්යාය සාධකයක් ලෙස ගැනීම මහා අපරාධයක් මෙන්ම මහා මුරණ්ඩුකමකි.

• دَلَّتِ الآيات على أنه بحسب عقل العبد يكون قيامه بما أمر الله به.
•සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් අණ කර සිටියේද ඒ අනුව ගැත්තාගේ බුද්ධි මට්ටමේ තරමට ඔහුගේ ක්රියාවන් පිහිටන බව මෙම වදන් පෙන්වා දෙති.

• النهي عن قربان الفواحش أبلغ من النهي عن مجرد فعلها، فإنه يتناول النهي عن مقدماتها ووسائلها الموصلة إليها.
•අශික්ෂිත දෑට ළංවීමෙන් වැළකී සිටීම, එම ක්රියාව සිදු කළ වහාම එයින් වැළකීමට වඩා අති මහත්ය. සැබැවින්ම එය එහි ආරම්භයේදීම වළක්වන අතර ඒ සඳහා කැටුව යන සාධකවලින්ද වළක්වමින් කටයුතු කරනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (151) ምዕራፍ: ሱረቱ አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት