የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (157) ምዕራፍ: ሱረቱ አል-አንዓም
اَوْ تَقُوْلُوْا لَوْ اَنَّاۤ اُنْزِلَ عَلَیْنَا الْكِتٰبُ لَكُنَّاۤ اَهْدٰی مِنْهُمْ ۚ— فَقَدْ جَآءَكُمْ بَیِّنَةٌ مِّنْ رَّبِّكُمْ وَهُدًی وَّرَحْمَةٌ ۚ— فَمَنْ اَظْلَمُ مِمَّنْ كَذَّبَ بِاٰیٰتِ اللّٰهِ وَصَدَفَ عَنْهَا ؕ— سَنَجْزِی الَّذِیْنَ یَصْدِفُوْنَ عَنْ اٰیٰتِنَا سُوْٓءَ الْعَذَابِ بِمَا كَانُوْا یَصْدِفُوْنَ ۟
යුදෙව්වන් හා කිතුනුවන් හට අල්ලාහ් පහළ කළාක් මෙන් පුස්තකයක් අපහටත් ඔහු පහළ කළේ නම් ඔවුනට වඩා අපි එහි ස්ථාවරව සිටින්නෙමු' යැයි ඔවුන් නොපවසනු පිණිසය. ඔබේ නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත ඔබේ බසින්ම අල්ලාහ් පහළ කළ පුස්තකයක් සැබැවින්ම ඔබ වෙත පැමිණ ඇත. එය පැහැදිළි සාක්ෂියකි. සත්යය වෙත මග පෙන්වීමකි. මෙම සමූහයාට ආශිර්වාදයකි. එහෙයින් නිදහසට බොරු කාරණා ඉදිරිපත් නොකරනු. ව්යාජ කරුණු ඉදිරිපත් නොකරනු. අල්ලාහ්ගේ වදන් බොරු කොට එයින් වෙනතකට යොමු වූ අයකුට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. අපගේ වදන් පිටු පා වෙනතකට යොමුවන්නන්හට ඔවුන්ගේ එම පිටුපෑම හා වෙනතකට යොමු වීම සඳහා ප්රතිවිපාකයක් වශයෙන් නිරා ගින්නට ඇතුළත් කරමින් ඔවුන් දැඩි දඬුවමට ලක් කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لا يجوز التصرف في مال اليتيم إلّا في حدود مصلحته، ولا يُسلَّم ماله إلّا بعد بلوغه الرُّشْد.
අනාථයාගේ මුදල් ඔහුට සෙත සලසන සීමාවක් තුළ සිට මිස ඒවා පරිහරණය කිරීම සුදුසු නොවන්නේය. ඔහුට ඔහුගේ ධනය භාර කළ යුත්තේ ඔහු මග සොයා ගත හැකි පරිනත වයසට පත් වීමෙන් පසුවය.

• سبل الضلال كثيرة، وسبيل الله وحده هو المؤدي إلى النجاة من العذاب.
නොමග යෑමේ මාර්ග බොහෝමයක් ඇත. දඬුවමෙන් ආරක්ෂා වීමට යොමු කරන එකම මාර්ගය අල්ලාහ්ගේ මාර්ගයයි.

• اتباع هذا الكتاب علمًا وعملًا من أعظم أسباب نيل رحمة الله.
•අල්ලාහ්ගේ කරුණාව ලබන්නට වඩාත් වැදගත් වනුයේ මෙම කුර්ආනය අවබෝධයෙන් හා ක්රියවෙන් පිළිපැදීමයි.

 
የይዘት ትርጉም አንቀጽ: (157) ምዕራፍ: ሱረቱ አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት