Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አት ተህሪም   አንቀጽ:

අත් තහ්රීම්

ከመዕራፉ ዓላማዎች:
الدعوة إلى إقامة البيوت على تعظيم حدود الله وتقديم مرضاته وحده.
අල්ලාහ්ගේ සීමාවන්ට ගරුබුහුමන් කරමින්, ඔහුගේ තෘප්තිය පමණක් පිළිගන්වමින් නිවසේ කටයුතු සිදු කිරීමට ඇරයුම් කිරීම.

یٰۤاَیُّهَا النَّبِیُّ لِمَ تُحَرِّمُ مَاۤ اَحَلَّ اللّٰهُ لَكَ ۚ— تَبْتَغِیْ مَرْضَاتَ اَزْوَاجِكَ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ දූතය! ඔබේ බිරියන් මාරියා පිළිබඳ වූ අයිතිය පිළිකුල් කිරීම හේතුවෙන් ඔබ ඔවුන්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් අල්ලාහ් ඔබට අනුමත කළ ඔබේ වහලිය මාරියා සමග පහස විඳීම ඔබ තහනම් කර ගත්තේ ඇයි? තවද අල්ලාහ් ඔබ කෙරෙහි අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ فَرَضَ اللّٰهُ لَكُمْ تَحِلَّةَ اَیْمَانِكُمْ ۚ— وَاللّٰهُ مَوْلٰىكُمْ ۚ— وَهُوَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
නුඹලාගේ දිවුරුම් කඩ කිරීමෙන් යහපතක් දකින්නේ නම් ඒ සඳහා ප්රතිකර්මයක් ලෙස වන්දියක් ලබා දීම තුළින් නුඹලාගේ දිවුරුම්වලින් නිදහස් වීම අල්ලාහ් නුඹලාට ආගමානුකූලව අනුමත කර ඇත. තවද අල්ලාහ් නුඹලාට පිහිට වන්නාය. නුඹලාගේ තත්ත්වයන් හා නුඹලාට යහපත් වන දෑ පිළිබඳ සර්වඥානීය. ඔහු ආගමානුගත කිරීමෙහි හා නියම කිරීමෙහි මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ اَسَرَّ النَّبِیُّ اِلٰی بَعْضِ اَزْوَاجِهٖ حَدِیْثًا ۚ— فَلَمَّا نَبَّاَتْ بِهٖ وَاَظْهَرَهُ اللّٰهُ عَلَیْهِ عَرَّفَ بَعْضَهٗ وَاَعْرَضَ عَنْ بَعْضٍ ۚ— فَلَمَّا نَبَّاَهَا بِهٖ قَالَتْ مَنْ اَنْۢبَاَكَ هٰذَا ؕ— قَالَ نَبَّاَنِیَ الْعَلِیْمُ الْخَبِیْرُ ۟
තමන්ගේ බිරියක් වූ මාරියාට තමන් කිට්ටු නොවන බවට වූ පුවත නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හෆ්සා තුමියට පමණක් රහසින් පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට හෆ්සා තුමිය ආඉෂා තුමියට එම පුවත දන්වා සිටියාය. හෆ්සාට අවවාද කිරීමක් ලෙස එම රහස පතුරුවාලීම සම්බන්ධයෙන් අල්ලාහ් තම නබිවරයාට දන්වා සිටියේය. පසුව ඉන් ඇතැම් කරුණු පමණක් ඇයට දන්වා සිට තවත් කොටසක් නොකියා නිහඬ විය. එවිට ඇය, "මෙය ඔබට දන්වා සිටියේ කවුදැ?"යි විමසා සිටියාය. නබිතුමාණෝ, "සියලුම රහස් පිළිබඳ තොරතුරු දන්නා සියලු දෑ පිළිබඳ සර්වඥ අල්ලාහ් මට එය දන්වා සිටියේය" යැයි පිළිතුරු දුන්හ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ تَتُوْبَاۤ اِلَی اللّٰهِ فَقَدْ صَغَتْ قُلُوْبُكُمَا ۚ— وَاِنْ تَظٰهَرَا عَلَیْهِ فَاِنَّ اللّٰهَ هُوَ مَوْلٰىهُ وَجِبْرِیْلُ وَصَالِحُ الْمُؤْمِنِیْنَ ۚ— وَالْمَلٰٓىِٕكَةُ بَعْدَ ذٰلِكَ ظَهِیْرٌ ۟
නුඹලා දෙදෙනා පශ්චාත්තාප වීම නුඹලා දෙදෙනා කෙරෙහි පැවරෙන වගකීමකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් පිළිකුල් නොකළා වූ එතුමාගේ වහලියගෙන් එතුමා වැළකී සිටීමට හා ඇයව එතුමාණන්ට තහනම් කර ගැනීම සම්බන්ධයෙන් එතුමාව කැමැති කරවා ගැනීමට නුඹලාගේ හදවත් නැඹුරු වී ඇති බැවිනි. නැවත මිදීමට නුඹලා දෙදෙනා එක්ව හඬ නගා පැවසුව ද සැබැවින්ම අල්ලාහ් ඔහුගේ භාරකරු බවත් ඔහුට උදව් කරන්නා බවත් දැන ගත යුතුය. එසේම ජිබ්රීල් තුමා ද දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටින එතුමාගේ මිතුරන් හා උදව්කරුවන් ද සිටිනු ඇත. අල්ලාහ්ගේ උදව්වෙන් පසු එතුමාණන්ට පීඩා කරන්නන්ට එරෙහිව මලක්වරුන් උදව්කරුවන් ලෙසත් පිහිටවන්නන් ලෙසත් සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَسٰی رَبُّهٗۤ اِنْ طَلَّقَكُنَّ اَنْ یُّبْدِلَهٗۤ اَزْوَاجًا خَیْرًا مِّنْكُنَّ مُسْلِمٰتٍ مُّؤْمِنٰتٍ قٰنِتٰتٍ تٰٓىِٕبٰتٍ عٰبِدٰتٍ سٰٓىِٕحٰتٍ ثَیِّبٰتٍ وَّاَبْكَارًا ۟
තම නබිවරයාණන් ඔවුන්ව දික්කසාද කළේ නම් ඔවුනට වඩා යහපත්, තම නියෝගයට යටත් වන, තමන් හා තම නබිවරයාණන් විශ්වාස කරන, අල්ලාහ්ට යටත් වන, ඔවුන්ගේ පාපයන් වෙනුවෙන් පශ්චාත්තාප වන, ඔවුන්ගේ පරමාධිපතිට ගැතිකම් කරන, උපවාසයේ නිරත වන, පතිවත රකින කිසිවකු ඔවුන් ස්පර්ශ නොකළා වූ කන්යාවියන් ඔවුන් වෙනුවට පෙරළා දිය හැකිය. නමුත් එතුමා ඔවුන් එසේ දික්කසාද කළේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا قُوْۤا اَنْفُسَكُمْ وَاَهْلِیْكُمْ نَارًا وَّقُوْدُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَیْهَا مَلٰٓىِٕكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا یَعْصُوْنَ اللّٰهَ مَاۤ اَمَرَهُمْ وَیَفْعَلُوْنَ مَا یُؤْمَرُوْنَ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ක්රියාවට නංවන අයවලුනි!, නුඹලා වෙනුවෙන් හා නුඹලාගේ පවුල වෙනුවෙන් බිහිසුණු නිරා ගින්නෙන් ආරක්ෂාව සළසා ගනු. එය මිනිසුන් හා ගල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලැබේ. එම නිරා ගින්නට පිවිසෙන්නන් සමග දඩි ලෙස කටයුතු කරන දරුණු මලක්වරුන් වෙති. ඔවුනට අල්ලාහ් අණ කළ විට එම අණට අකීකරු නොවෙති. ඔහු කවර දෙයක් අණ කර සිටින්නේ ද කිසිදු ප්රමාදයකින් හෝ පසුබෑමකින් තොරව එය ඉටු කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ كَفَرُوْا لَا تَعْتَذِرُوا الْیَوْمَ ؕ— اِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන් ප්රතික්ෂේප කළවුනට, "අහෝ අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුනි! නුඹලා කරමින් ආ දේව ප්රතික්ෂේපය හා පාපකම් සඳහා අද දින නිදහසට කරුණු නොදක්වනු. නුඹලාගේ නිදහසට කරුණු දැක්වීම පිළිගනු නොලබන්නේය. අද දින නුඹලාට ප්රතිඵල පිරිනමනුයේ මෙලොවෙහි අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා ඔහුගේ දූතයාණන්ව බොරු කරමින් නුඹලා සිදු කරමින් ආ කටයුතු සඳහා පමණය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشروعية الكَفَّارة عن اليمين.
•දිවුරුම් සඳහා ප්රතිකර්මය ආගමානුගත කිරීම.

• بيان منزلة النبي صلى الله عليه وسلم عند ربه ودفاعه عنه.
•තම පරමාධිපති අබියස නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නිලය පැහැදිලි කිරීම හා එතුමා කෙරෙහි වූ ඔහුගේ ආරක්ෂාව.

• من كرم المصطفى صلى الله عليه وسلم مع زوجاته أنه كان لا يستقصي في العتاب فكان يعرض عن بعض الأخطاء إبقاءً للمودة.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම බිරින්දෑවරුන් සමග ගෞරවයෙන් යුතුව කටයුතු කිරීම. අවවාද කිරීමෙහි එතුමාණන් සීමාව ඉක්මවා කටයුතු කළේ නැත. තම ආදරය රඳවා ගනු වස් ඇතැම් වැරදි නො සළකා හැරියහ.

• مسؤولية المؤمن عن نفسه وعن أهله.
•දේව විශ්වාසියෙකු තමන් ගැන හා තම පවුල ගැන වග උත්තරකරුවකු වේ.

 
የይዘት ትርጉም ምዕራፍ: አት ተህሪም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት