Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አት ተህሪም   አንቀጽ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا تُوْبُوْۤا اِلَی اللّٰهِ تَوْبَةً نَّصُوْحًا ؕ— عَسٰی رَبُّكُمْ اَنْ یُّكَفِّرَ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَیُدْخِلَكُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۙ— یَوْمَ لَا یُخْزِی اللّٰهُ النَّبِیَّ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ ۚ— نُوْرُهُمْ یَسْعٰی بَیْنَ اَیْدِیْهِمْ وَبِاَیْمَانِهِمْ یَقُوْلُوْنَ رَبَّنَاۤ اَتْمِمْ لَنَا نُوْرَنَا وَاغْفِرْ لَنَا ۚ— اِنَّكَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ක්රියාවට නංවන්නනි! නුඹලාගේ පාපකම් සඳහා අල්ලාහ් වෙත සැබෑ අයුරින් පශ්චාත්තාප වී යොමු වන්න. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපකම් නුඹලාගෙන් පහ කරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට නුඹලා ව ඇතුළත් කරනු ඇත. එදින අල්ලාහ්, නබිවරයා හා එතුමා සමග සිටි දේව විශ්වාසී ජනයා නිරයට ඇතුළත් කිරීමෙන් ඔවුන් අපහාසයට පත් නොකරන දිනයකි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද සිරාත් නම් පාළම මත සැරිසරයි. ඔවුහු: ‘අපගේ පරමාධිපතියාණෙනි, අපි ස්වර්ගයට පිවිසෙන තෙක් අපගේ ආලෝකය අප වෙනුවෙන් පූර්ණවත් කර දෙනු මැනව. සිරාත් පාළම මත තම ආලෝකය නිවාගන්නා කුහකයින් මෙන් අප නොවන්නෙමු. අපගේ පාපකම් සඳහා අපට සමාව දෙනු මැනව! සැබැවින්ම ඔබ සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. අපගේ ආලෝකය පූර්ණවත් කිරීමට හා අපගේ පාපයන් කමා කිරීමට ඔබ හැකියාව නොමැත්තෙකු නොවේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا النَّبِیُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنٰفِقِیْنَ وَاغْلُظْ عَلَیْهِمْ ؕ— وَمَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
අහෝ දූතය, දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් සමග වචනයෙන් හා සීමාවන් පනවමින් සන්නද්ධ අරගලයක නිරත වනු. ඔවුන් ඔබට බිය වී යටත් වන තුරු ඔවුන් සමග දැඩිව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ලැඟුම් ගන්නට යන ස්ථානය නිරයයි. ඔවුන් කවර ස්ථානයකට හැරී යන්නේ ද ඔවුන්ගේ එම ස්ථානය නරකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ضَرَبَ اللّٰهُ مَثَلًا لِّلَّذِیْنَ كَفَرُوا امْرَاَتَ نُوْحٍ وَّامْرَاَتَ لُوْطٍ ؕ— كَانَتَا تَحْتَ عَبْدَیْنِ مِنْ عِبَادِنَا صَالِحَیْنِ فَخَانَتٰهُمَا فَلَمْ یُغْنِیَا عَنْهُمَا مِنَ اللّٰهِ شَیْـًٔا وَّقِیْلَ ادْخُلَا النَّارَ مَعَ الدّٰخِلِیْنَ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුනට උපමාවක් වශයෙන් -දේව විශ්වාසීන් සමග සබැඳියාවක් තිබුණද එම තත්ත්වය ප්රයෝජනවත් නොවන- අල්ලාහ්ගේ නබිවරුන් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් උපමා වශයෙන් අල්ලාහ් ඉදිරිපත් කරයි. ඔවුන් දෙදෙනා දැහැමි ගැත්තන් දෙදෙනෙකුගේ බිරියන් දෙදෙනෙකු වූවෝය. නමුත් ඔවුන් දෙදෙනාගේ බිරියන් දෙදෙනා වංචා කළෝය. එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීමෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට උදව් කරන්නන් ලෙස සිටීමෙනි. ඔවුන් දෙදෙනා දැහැමි ගැත්තන් දෙදෙනෙකු සතු බිරියන් වීමෙන් ඔවුන් දෙදෙනාට කිසිදු ඵලක් නොවීය. ‘නුඹලා දෙදෙනා ද ප්රචණ්ඩකාරී දේව ප්රතික්ෂේපක පිරිස සමගම නිරයට ඇතුළු වනු’ යැයි ඔවුන් දෙදෙනාට පවසනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَضَرَبَ اللّٰهُ مَثَلًا لِّلَّذِیْنَ اٰمَنُوا امْرَاَتَ فِرْعَوْنَ ۘ— اِذْ قَالَتْ رَبِّ ابْنِ لِیْ عِنْدَكَ بَیْتًا فِی الْجَنَّةِ وَنَجِّنِیْ مِنْ فِرْعَوْنَ وَعَمَلِهٖ وَنَجِّنِیْ مِنَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟ۙ
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුන්, සත්යයේ ඍජුව සිටින තාක් කල් දේව ප්රතික්ෂේපකයින් සමග බැඳියාවන් පැවැත්වීම ඔවුනට හානිකර නොවන බවත්, ඔවුන් අතර බලපෑමක් ඇති නොවන බවත් පෙන්වා දෙමින් ෆිර්අවුන්ගේ බිරිය උදාහරණ ලෙස දක්වා ඇත. ඇය, "මාගේ පරමාධිපතියාණනි, ස්වර්ගයේ මා වෙනුවෙන් ඔබ අසළ නිවසක් තනා දෙනු මැනව. ෆිර්අවුන්ගේ ආධිපත්යයෙන් ද ඔහුගේ මැඩලීමෙන් ද ඔහුගේ නපුරු ක්රියාමාර්ගයෙන් ද මා නිදහස් කරනු මැනව. එමෙන්ම ඔහුගේ අපරාධ හා සීමාව ඉක්මවීමේ කටයුතුවලදී ඔහුව පිළිපදිමින් තමන්ටම අපරාධකර ගත් ජනයාගෙන්ද මා නිදහස් කරනු මැනව" යැයි පවසා සිටියාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَرْیَمَ ابْنَتَ عِمْرٰنَ الَّتِیْۤ اَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِیْهِ مِنْ رُّوْحِنَا وَصَدَّقَتْ بِكَلِمٰتِ رَبِّهَا وَكُتُبِهٖ وَكَانَتْ مِنَ الْقٰنِتِیْنَ ۟۠
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුනට තම රහස්ය පෙදෙස දුරාචාරයෙන් ආරක්ෂා කරගත් ඉම්රාන්ගේ දියණිය වූ මරියම් තුමියගේ තත්ත්වය උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් ඇය තුළ පිඹින මෙන් ජිබ්රීල් තුමාට නියෝග කළේය. එවිට අල්ලාහ්ගේ බලයෙන් කිසිදු පියකුගෙන් තොරව මර්යම්ගේ පුත් ඊසාව ඇය ඉසිලුවාය. ඇය අල්ලාහ්ගේ පිළිවෙත් මෙන්ම ඔහුගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ ඔහුගේ ලේඛන සත්ය බව තහවුරු කළාය. ඇය අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට අවනත වන්නන් අතරින් වූවාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التوبة النصوح سبب لكل خير.
•අවංක තව්බාව හෙවත් පශ්තාත්තාප වීම සියලු යහපත් කටයුතු සඳහා වූ සාධකයකි.

• في اقتران جهاد العلم والحجة وجهاد السيف دلالة على أهميتهما وأنه لا غنى عن أحدهما.
•තාර්කික හා බුද්ධිමය අරගලයත් ආයුධ සන්නද්ධ අරගලයත් එකට සම්බන්ධ කර පැවසීම තුළ ඒ දෙකෙහි වැදගත් කම පෙන්වා දෙන අතරම ඒ දෙකින් එකක් අනෙක් අවශ්යතාවෙන් තොර එකක් බවට පත් කරන බව පෙන්වා දෙයි.

• القرابة بسبب أو نسب لا تنفع صاحبها يوم القيامة إذا فرّق بينهما الدين.
•යම් හේතුවක් මත හෝ පරම්පරානු සම්බන්ධතාවක් මත වූ බැඳියාවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, දහම බෙදා වෙන් කරන විට එහි පුද්ගලයාට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත.

• العفاف والبعد عن الريبة من صفات المؤمنات الصالحات.
•සැකයෙන් දුරස් වීම හා නිර්මල වීම දෙවියන් විශ්වාස කරන දැහැමියන්ගේ ගුණාංග අතුරිනි.

 
የይዘት ትርጉም ምዕራፍ: አት ተህሪም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት