የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ሓቃህ   አንቀጽ:

සූරා අල් හාක්කා

ከመዕራፉ ዓላማዎች:
إثبات أن وقوع القيامة والجزاء فيها حقٌّ لا ريب فيه.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදුවීම හා එහි ප්රතිඵල පිරිනැමීම කිසිදු සැකයකින් තොරව සත්යය බව තහවුරු කිරීම.

اَلْحَآقَّةُ ۟ۙ
සියලු දෙනාහට නියම වන නැවත නැගිටුවනු ලැබීමේ හෝරාව අල්ලාහ් සිහිපත් කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا الْحَآقَّةُ ۟ۚ
අල් හාක්කා හෙවත් තිරසාර සිද්ධිය කුමක් දැයි ප්රශ්න කිරීමෙන් එහි බලවත්භාවය ඉස්මතු කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَدْرٰىكَ مَا الْحَآقَّةُ ۟ؕ
එම හාක්කා හෙවත් තිරසාර සිද්ධිය කුමක් දැයි ඔබව දැනුවත් කළේ කුමක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ ثَمُوْدُ وَعَادٌ بِالْقَارِعَةِ ۟
සාලිහ්ගේ ජනයා වූ සමූද් වාසීන් ද හූද්ගේ ජනයා වූ ආද් වාසීන් ද එහි දරුණු ව්යසන හේතුවෙන් මිනිසුන්ගේ හදවත් තිගැස්සීමට පත් කරවන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّا ثَمُوْدُ فَاُهْلِكُوْا بِالطَّاغِیَةِ ۟
සමූද් ජනයා වනාහි, අති බිහිසුණු හා කුරීරු හඬකින් අල්ලාහ් ඔවුන් විනාශ කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا عَادٌ فَاُهْلِكُوْا بِرِیْحٍ صَرْصَرٍ عَاتِیَةٍ ۟ۙ
ආද් ජනයා වනාහි, ඔවුන් හට මහත් කුරීරු වූ බිහිසුණු සීත සුළඟකින් අල්ලාහ් ඔවුන් විනාශ කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَخَّرَهَا عَلَیْهِمْ سَبْعَ لَیَالٍ وَّثَمٰنِیَةَ اَیَّامٍ ۙ— حُسُوْمًا فَتَرَی الْقَوْمَ فِیْهَا صَرْعٰی ۙ— كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ خَاوِیَةٍ ۟ۚ
රාත්රී හතක සහ දහවල් අටක කාලයක් අල්ලාහ් එය එව්වේය. එය ඔවුන්ගේ පිය පරම්පරාව විනාශ කර දැමීය. ඔවුන්ගේ නිවෙස් තුළම බිම ඇද වැටී විනාශ වී සිටිනු නුඹට දකින්නට තිබුණි. ඔවුන් විනාශ වීමෙන් පසු පොළොව මත දිරාපත් වී වැටුණු ඉඳිගස් කදන් මෙන් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَهَلْ تَرٰی لَهُمْ مِّنْ بَاقِیَةٍ ۟
ඔවුනට දඬුවම අත් වූ පසු ඔවුන්ගෙන් කිසිවකු හෝ ඔබ දුටුවේ ද?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصبر خلق محمود لازم للدعاة وغيرهم.
•ඉවසීම ආගමික ඇරයුම් කටයුතුවල නිරත වන්නන් හා සෙසු අයට ද අනිවාර්යය වන ප්රශංසනීය ගුණාංගයකි.

• التوبة تَجُبُّ ما قبلها وهي من أسباب اصطفاء الله للعبد وجعله من عباده الصالحين.
•පාපක්ෂමාවෙහි නිරත වීම ඊට කළින් පැවති දෑ ඉක්මවා යනු ඇත. තවද එය ගැත්තාට අල්ලාහ් තෝරා දුන් සාධකයකි. එය ඔහු ව දැහැමි ගැත්තන් අතරට පත් කරනු ඇත.

• تنوّع ما يرسله الله على الكفار والعصاة من عذاب دلالة على كمال قدرته وكمال عدله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා පාපකම් සිදු කරන්නන් හට විවිධාකාර දඬුවම් අල්ලාහ් එවන්නේය. එය ඔහුගේ බලයේ පූර්ණභාවය හා සාධාරණත්වයේ පූර්ණ භාවය පෙන්වා දෙන්නකි.

وَجَآءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهٗ وَالْمُؤْتَفِكٰتُ بِالْخَاطِئَةِ ۟ۚ
ෆිර්අවුන්, ඔවුනට පෙර විසූ සමූහයන් හා උඩුයටිකුරු පෙරළා දඬුවම් දෙනු ලැබූ ගම්වාසීන් වන ලූත්ගේ ජනයා යන සමූහයන් දේව ආදේශය හා පාපකම් සිදුකරමින් ආහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَعَصَوْا رَسُوْلَ رَبِّهِمْ فَاَخَذَهُمْ اَخْذَةً رَّابِیَةً ۟
ඔවුන්ගෙන් සෑම සමූහයක්ම ඔවුන් වෙත එවනු ලැබූ දූතයාණන්ට පිටු පා බොරු කළෝය. ඔවුන් මුළුමණින්ම විනාශ වන අයුරින් ඉතා බිහිසුණු ග්රහණයකින් අල්ලාහ් ග්රහණය කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا لَمَّا طَغَا الْمَآءُ حَمَلْنٰكُمْ فِی الْجَارِیَةِ ۟ۙ
උසින් සීමාව ඉක්මවා ජලය ගලා ගිය කල්හි අපගේ නියෝගය පරිදි නූහ් අලය්හිස් සලාම් තුමා විසින් සාදන ලද නැවක සැබැවින්ම අපි නුඹලාගේ පරපුර ඉසිලුවෙමු. එය නුඹලා උසුලන්නක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَّتَعِیَهَاۤ اُذُنٌ وَّاعِیَةٌ ۟
දෙවියන් ප්රතික්ෂේප කරන ජනයා විනාශ කර දමන බවත්, දෙවියන් විශ්වාස කරන ජනයා ඉන් මුදවා ගන්නා බවත්, ප්රවේසමින් සවන් දෙන සවන් ඇත්තන් ආරක්ෂා කරන බවත් පෙන්වා දෙමින් එම නැව හා ඒ පිළිබඳ කතා වස්තුව උපදෙසක් බවට අපි පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا نُفِخَ فِی الصُّوْرِ نَفْخَةٌ وَّاحِدَةٌ ۟ۙ
හොරණෑවේ වරක් පිඹීමට නියම කරන ලද මලක්වරයා එහි පිඹිණ විට. එය දෙවන පිඹුම වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّحُمِلَتِ الْاَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَّاحِدَةً ۟ۙ
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එකවර ඉතා තදින් හෙළනු ලැබේ. එවිට මහපොළොව කොටස් වශයෙන් හා එහි ඇති කඳු කොටස් වශයෙන් වෙන්ව යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَیَوْمَىِٕذٍ وَّقَعَتِ الْوَاقِعَةُ ۟ۙ
මේ සියල්ල සිදුවන දින මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අවස්ථාව සිදු වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَانْشَقَّتِ السَّمَآءُ فَهِیَ یَوْمَىِٕذٍ وَّاهِیَةٌ ۟ۙ
අහස එකිනෙකට බැඳී ශක්තිමත්ව තිබුණායින් පසු ව එදින මලක්වරු පහළ වනු පිණිස අහස පැළී යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّالْمَلَكُ عَلٰۤی اَرْجَآىِٕهَا ؕ— وَیَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ یَوْمَىِٕذٍ ثَمٰنِیَةٌ ۟ؕ
මලක්වරුන් ඒ අවට පැතිවල හා කොන්වල රැඳී සිටිති. අල්ලාහ්ට ඉතා සමීප මලක්වරුන් අතරින් අට දෙනෙකු ඒ මහා දිනයේ නුඹේ පරමාධිපතිගේ රාජධානිය ඔසවාගෙන සිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَىِٕذٍ تُعْرَضُوْنَ لَا تَخْفٰی مِنْكُمْ خَافِیَةٌ ۟
අහෝ ජනයිනි, අල්ලාහ් වෙත නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. කවර රහසිගත කරුණක් තිබුණ ද ඒ කිසිවක් නුඹලා වෙතින් අල්ලාහ්ට සැගවිය නොහැක. අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. ඒ මත අධීක්ෂණය කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ فَیَقُوْلُ هَآؤُمُ اقْرَءُوْا كِتٰبِیَهْ ۟ۚ
තම ක්රියා සටහන් පොත කවරෙකුගේ දකුණතට දෙනු ලබන්නේ ද ඔහු ඉතා සතුටින් හා ප්රීතියෙන්: ‘ගන්න. කියවන්න. මාගේ ක්රියා ලේකනය.’ යැයි පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ ظَنَنْتُ اَنِّیْ مُلٰقٍ حِسَابِیَهْ ۟ۚ
සැබැවින්ම මම නැගිටුවනු ලබන බවත් මාගේ ප්රතිඵල මා ලබා ගන්නා බවත් මෙලොවෙහි මම දැන සිටියෙමි. එමෙන්ම මම එය තරයේ විශ්වාස කළෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ۙ
ඔහු සදා සුවපහසුකම් දකින බැවින් තෘප්තිමත් ජීවිතයක පසුවෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ
නිලයෙන් හා ස්ථානයෙන් උසස් ස්වර්ග උයන්හි සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُطُوْفُهَا دَانِیَةٌ ۟
එහි පළතුරු අනුභව කරන්නන් හට ඉතා සමීපයෙන් පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَاۤ اَسْلَفْتُمْ فِی الْاَیَّامِ الْخَالِیَةِ ۟
ඔවුනට සංග්රහයක් ලෙස, “නුඹලා ආහාර පාන අනුභව කරනු. පානය කරනු. මෙලොව ගත කල කාලයේ නුඹලා ඉදිරිපත් කළ දැහැමි ක්රියාවන් හේතුවෙන් නුඹලාට කිසිදු හිංසාවක් නැත.” යැයි ඔවුනට කියනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِشِمَالِهٖ ۙ۬— فَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُوْتَ كِتٰبِیَهْ ۟ۚ
තම ක්රියා වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වනාහි, දැඩි පසුතැවිල්ලෙන් යුතු ව ‘අහෝ මට දඬුවම නියම කරන, පාප ක්රියාවන් සහිත මාගේ ක්රියා ලේඛනය දෙනු නොලබන්නට තිබුණා' යැයි පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمْ اَدْرِ مَا حِسَابِیَهْ ۟ۚ
මාගේ විනිශ්චයට බදුන් වන කිසිවක් මා නොදැන සිටියේ නම් මැනවි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰلَیْتَهَا كَانَتِ الْقَاضِیَةَ ۟ۚ
මා මිය ගිය එම මරණ අවස්ථාව නැවත කිසිවිටෙක අවදි කරනු නොලබන මරණයක් වූයේ නම් මැනවි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اَغْنٰی عَنِّیْ مَالِیَهْ ۟ۚ
මාගේ ධනය අල්ලාහ්ගේ දඬුවමින් කිසිවක් වැළැක්වූයේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هَلَكَ عَنِّیْ سُلْطٰنِیَهْ ۟ۚ
"මාගේ සාධක ද මා කවර කරුණක් මත ඉතා ශක්තිමත්ව තිරසාර ලෙස සිටියේ ද එය ද මගෙන් සැඟවී ගොස් ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
خُذُوْهُ فَغُلُّوْهُ ۟ۙ
"අහෝ මලක්වරුනි, ඔහුව අල්ලා ගනු. ඔහුගේ අත ඔහුගේ ගෙලට ගැට ගසා තබනු." යැයි පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ الْجَحِیْمَ صَلُّوْهُ ۟ۙ
නිරයේ උණුසුම විඳ වීමට ඔහු එතුළට හෙළනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ فِیْ سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُوْنَ ذِرَاعًا فَاسْلُكُوْهُ ۟ؕ
පසුව රියන් හැත්තෑවක් දිග දම්වැලකට ඔහු ඇතුල් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ كَانَ لَا یُؤْمِنُ بِاللّٰهِ الْعَظِیْمِ ۟ۙ
සැබැවින්ම ඔහු සර්වබලධාරී අල්ලාහ් ව විශ්වාස නොකරන්නෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَحُضُّ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ؕ
දුගී දුප්පතුන්ට ආහාර සැපයීම සඳහා ඔහු වෙනත් කිසිවකු දිරි ගැන්වුයේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَیْسَ لَهُ الْیَوْمَ هٰهُنَا حَمِیْمٌ ۟ۙ
එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දඬුවමින් ඔහු වළක්වාලන්නට කිසිදු සමීපතයෙකු ඔහුට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المِنَّة التي على الوالد مِنَّة على الولد تستوجب الشكر.
•පියා හට පිරිනැමූ ආශිර්වාදය දරුවා මත පිරිනැමූ ආශිර්වාදයයි. එය කෘතඥ වීම අනිවාර්යය කරනු ඇත.

• إطعام الفقير والحض عليه من أسباب الوقاية من عذاب النار.
•දුගී දුප්පතුන්ට ආහාර සැපයීම ඒ සඳහා දිරි ගැන්වීම නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා වීමට හේතුවක් වන්නේය.

• شدة عذاب يوم القيامة تستوجب التوقي منه بالإيمان والعمل الصالح.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවය දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඉන් ආරක්ෂා වීම අනිවාර්යය කරනු ඇත.

وَّلَا طَعَامٌ اِلَّا مِنْ غِسْلِیْنٍ ۟ۙ
නිරා වැසියන්ගේ ශරීරවලින් ගලනා සැරව හැර අනුභව කරන වෙනත් කිසිදු අහරක් ඔහුට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَّا یَاْكُلُهٗۤ اِلَّا الْخَاطِـُٔوْنَ ۟۠
පාපකම් හා වැරදි කළ ජනයා මිස වෙනත් කිසිවකු එම ආහාර අනුභව කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَاۤ اُقْسِمُ بِمَا تُبْصِرُوْنَ ۟ۙ
නුඹලා දෑසින් දකින දෑ මත අල්ලාහ් දිවුරා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا لَا تُبْصِرُوْنَ ۟ۙ
එමෙන්ම නුඹලා දෑසින් නොදකින දෑ මත ද දිවුරා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۚۙ
සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදනයි. ඔහුගේ ගෞරවයනීය දූතයා එය ජනයාට කියවා පෙන්වයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ؕ— قَلِیْلًا مَّا تُؤْمِنُوْنَ ۟ۙ
එය කවියෙකුගේ ප්රකාශයක් නොවේ. හේතුව එයට කවියක පෙළගැස්මක් නැති බැවිනි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයක් පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا بِقَوْلِ كَاهِنٍ ؕ— قَلِیْلًا مَّا تَذَكَّرُوْنَ ۟ؕ
එය හූනියම් කරුවකුගේ ප්රකාශයක් ද නොවේ. හූනියම් කරුවන්ගේ ප්රකාශය මෙම කුර්ආනයට අතිශයින් වෙනස් කරුණකි. නුඹලා මෙනෙහි කරනුයේ ස්වල්පයක් පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟
එනමුත් එය සියලුම මැවීම් හි පරමාධිපතිගෙන් පහළ වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ تَقَوَّلَ عَلَیْنَا بَعْضَ الْاَقَاوِیْلِ ۟ۙ
අප සඳහන් නොකළා වූ ඇතැම් ප්රකාශ මුහම්මද් අප මත ගොතා පැවසුවේ නම්,
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَاَخَذْنَا مِنْهُ بِالْیَمِیْنِ ۟ۙ
ඔහුට අපි සමසේ ප්රතිචාර දක්වමු. ඉතා තදින් හා බලවත් ලෙස අපි ඔහුව ග්රහණය කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِیْنَ ۟ؗۖ
පසුව අපි හදවත හා බැඳී පවතින නහර ඔහුගෙන් කපා හරින්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا مِنْكُمْ مِّنْ اَحَدٍ عَنْهُ حٰجِزِیْنَ ۟
ඔහු සම්බන්ධයෙන් අප ව වළක්වන කිසිවකු නුඹලා අතර නොසිටිනු ඇත. නුඹලා හේතු කර ගනිමින් අප මත ප්රබන්ධයන් ගොතා පැවසීම ඉතා දුරස් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِیْنَ ۟
ඔවුන්ගේ පරමධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින්, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කරන මුත්තකීන්වරනුන් හට සැබැවින්ම අල් කුර්ආනය උපදෙසකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّا لَنَعْلَمُ اَنَّ مِنْكُمْ مُّكَذِّبِیْنَ ۟
නුඹලා අතර අල් කුර්ආනය බොරු කරන මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَحَسْرَةٌ عَلَی الْكٰفِرِیْنَ ۟
සැබැවින්ම අල් කුර්ආනය බොරු කිරීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පසු තැවීමට ලක් කෙරේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَحَقُّ الْیَقِیْنِ ۟
සැබැවින්ම අල් කුර්ආනය සැබෑ යථාර්ථයකි. සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බවට කිසිදු සැකයක් හෝ කිසිදු කුතුහලයක් හෝ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠
අහෝ දූතය, ඔබේ පරමාධිපතිට නොඈදුණු දැයින් ඔහුව පිවිතුරු කරනු. එමෙන්ම ඔබේ සර්වබලධාරී පරමාධිපතිගේ නාමය මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تنزيه القرآن عن الشعر والكهانة.
•අල් කුර්ආනය කවි හා හූනියමින් තොර වූවක් බව පවසා පිවිතුරු කරයි.

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
•සුවිශුද්ධ වූ අල්ලාහ් කෙරෙහි පද ගෙතීමේ හා ප්රබන්ධයන් පැවසීමේ වරද පෙන්වාදීම.

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
•අල්ලාහ්ගෙන් වූ ප්රතිඵල අපේක්ෂා කරන, වෙනත් කිසිවකුට පැමිණිලි නො කරන අලංකාර ඉවසීම.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ሓቃህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት