የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል መዓሪጅ   አንቀጽ:

සූරා අල් මආරිජ්

ከመዕራፉ ዓላማዎች:
بيان حال وجزاء الخلق يوم القيامة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැවීම්වල තත්ත්වය හා ඒවායෙහි විපාකය පැහැදිලි කිරීම.

سَاَلَ سَآىِٕلٌۢ بِعَذَابٍ وَّاقِعٍ ۟ۙ
මෙම දඬුවම සිදුවන්නේ නම් එය තමන්ට හා තම ජනයාට එරෙහිව හට ගන්වන මෙන් දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් විමසන්නෙකු විමසා සිටියේය. එය සමච්චලයට ලක් කිරීමක් වන අතර මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවන්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّلْكٰفِرِیْنَ لَیْسَ لَهٗ دَافِعٌ ۟ۙ
අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් හට එම දඬුවම වළක්වන කිසිවකු නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِّنَ اللّٰهِ ذِی الْمَعَارِجِ ۟ؕ
උත්තරීතර බවින් ආශිර්වාද මහිමයන් හා තරාතිරමින් සහිත අල්ලාහ්ගෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَعْرُجُ الْمَلٰٓىِٕكَةُ وَالرُّوْحُ اِلَیْهِ فِیْ یَوْمٍ كَانَ مِقْدَارُهٗ خَمْسِیْنَ اَلْفَ سَنَةٍ ۟ۚ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම තරාතිරම් තුළ මලක්වරුන් හා ජිබ්රීල් නැග යනු ඇත. එය දිගු දිනයකි. එහි ප්රමාණය වසර පනස් දහසකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاصْبِرْ صَبْرًا جَمِیْلًا ۟
එහෙයින් දූතය! ඒ ගැන බියෙන් හෝ පැමිණිලි කිරීමෙන් තොරව ඉවසිය යුතු අයුරින් ඉවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهُمْ یَرَوْنَهٗ بَعِیْدًا ۟ۙ
සැබැවින්ම ඔවුන් එම දඬුවම සිදුවිය නොහැකි දුරින් පිහිටා ඇත්තක් බව සිතති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّنَرٰىهُ قَرِیْبًا ۟ؕ
නමුත් එය කිසිදු සැකයකින් තොරව සමීපයෙන් සිදුවන්නක් ලෙස අපි දකිමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ تَكُوْنُ السَّمَآءُ كَالْمُهْلِ ۟ۙ
එදින අහස තඹ රත්රන් හා වෙනත් ලෝහ ද්රව්යවලින් උණු කර දිය කෙරුණු ලෝ දිය මෙන් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ ۟ۙ
තවද කඳු සැහැල්ලු භාවයෙන් ලොම් මෙන් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَسْـَٔلُ حَمِیْمٌ حَمِیْمًا ۟ۚۖ
සමීපතයෙකු තම සමීපතයාගේ තත්ත්වය ගැන නොවිමසයි. ඊට හේතුව සෑම කෙනෙකුම තමන් ගැන සොයා බලන කාර්යයක පසුවන බැවිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تنزيه القرآن عن الشعر والكهانة.
•අල් කුර්ආනය කවි හා හූනියමින් තොර වූවක් බව පවසා පිවිතුරු කරයි.

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
•සුවිශුද්ධ වූ අල්ලාහ් කෙරෙහි පද ගෙතීමේ හා ප්රබන්ධයන් පැවසීමේ වරද පෙන්වාදීම.

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
•අල්ලාහ්ගෙන් වූ ප්රතිඵල අපේක්ෂා කරන, වෙනත් කිසිවකුට පැමිණිලි නො කරන අලංකාර ඉවසීම.

یُّبَصَّرُوْنَهُمْ ؕ— یَوَدُّ الْمُجْرِمُ لَوْ یَفْتَدِیْ مِنْ عَذَابِ یَوْمِىِٕذٍ بِبَنِیْهِ ۟ۙ
සෑම මිනිසෙකුම තම සමීපතයා දෑසින් දැක ගනියි. සැඟවෙන්නේ නැත. නමුත් ඒ සමගම, නතරවී සිටින ස්ථානයේ භයානක කම හේතුවෙන් කිසිවෙක් කිසිවකු පිළිබඳ විමසන්නේ නැත. නිරයට නියම වූවන් ඔවුන් වෙනුවට තම දරුවන් දඬුවම සඳහා පරදුවට තබන්නට බලයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَصَاحِبَتِهٖ وَاَخِیْهِ ۟ۙ
තම බිරිය හා තම සහෝදරයා ද තමා වෙනුවට පරදුවට තබන්නට බලයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَفَصِیْلَتِهِ الَّتِیْ تُـْٔوِیْهِ ۟ۙ
දුෂ්කර අවස්ථාවන්හි තමන් සමගම නැවතී සිටි, ඔහුට වඩාත් සමීප වූ තම ඥාතියා ද පරදුවට තබන්නට බලයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ فِی الْاَرْضِ جَمِیْعًا ۙ— ثُمَّ یُنْجِیْهِ ۟ۙ
තවද මහපොළොවේ වෙසෙන ජින් වර්ගයා මිනිස් වර්ගයා හා වෙනත් දෑ ද ඔහු වෙනුවෙන් වන්දි වශයෙන් පරදුවට තබා නිරා ගින්නේ දඬුවමින් තමන් ආරක්ෂා කර ගන්නට බලයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّا ؕ— اِنَّهَا لَظٰی ۟ۙ
මෙම වැරදි කරුවා සිතනවාක් මෙන් කරුණ නොපවතී. සැබැවින්ම එය මතුලොව ගින්නය. එය දළුලා ඇවිළ, පුළුස්සා දමන්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَزَّاعَةً لِّلشَّوٰی ۟ۚۖ
එහි ඇති දැඩි උෂ්ණත්වය හා ඇවිළීම හේතුවෙන් ඉතා දරුණු ලෙස හිසෙහි සම ඉවත් වී යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَدْعُوْا مَنْ اَدْبَرَ وَتَوَلّٰی ۟ۙ
සත්යය පිටුපා, එයින් දුරස් වී, ඒ ගැන විශ්වාස නොකර ඒ අනුව ක්රියා නොකළ අය එය අමතයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَمَعَ فَاَوْعٰی ۟
එමෙන්ම ඔහු ධනය රැස් කොට, අල්ලාහ්ගේ මාර්ගයේ එයින් වියදම් කිරීමෙන් මිට මොළවා ගත්තේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الْاِنْسَانَ خُلِقَ هَلُوْعًا ۟ۙ
සැබැවින්ම මිනිසා තෘෂ්ණාවෙන් යුත් කලබලකාරී තත්ත්වයේ මවනු ලැබ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذَا مَسَّهُ الشَّرُّ جَزُوْعًا ۟ۙ
ඔහුට යම් රෝගාබාධයකින් හෝ දිළිඳුකමින් හෝ යම් හානියක් ඇති වූ විට ඔහු ඉවසනුයේ ඉතා සුළු වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاِذَا مَسَّهُ الْخَیْرُ مَنُوْعًا ۟ۙ
පොහොසත් කමක් හා ලාබයක් වැනි යම් සතුටු දායක දෙයක් ඇති වූ විට එය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් අධික වශයෙන් වැළකී සිටින්නෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا الْمُصَلِّیْنَ ۟ۙ
නමුත් සලාතය ඉටු කරන්නන් හැර. ඔවුහු මෙම නින්දාසහගත ගුණාංගවලින් නිරෝගිමත් වූවන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ هُمْ عَلٰی صَلَاتِهِمْ دَآىِٕمُوْنَ ۟
ඔවුහු ඔවුන්ගේ සලාතය මත අඛණ්ඩ ව නිරත ව සිටින්නෝ වෙති. වෙනතකට යොමු නොවෙති. නියමිත වේලාවෙහි එය ඉටු කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ فِیْۤ اَمْوَالِهِمْ حَقٌّ مَّعْلُوْمٌ ۟
ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක් වෙන් කළ අය වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّلسَّآىِٕلِ وَالْمَحْرُوْمِ ۟
ඔවුහු එය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නන්හට ද යම්කිසි හේතු කාරණාවක් මත ආහාර වළක්වනු ලැබූවන් අතරින් ඔවුන්ගෙන් ඉල්ලා නොසිටින්නන්හට ද පිරිනමති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یُصَدِّقُوْنَ بِیَوْمِ الدِّیْنِ ۟
තවද ඔවුන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තමන්ට සරිලන පරිදි සියලු දෑ සඳහා අල්ලාහ් ප්රතිඵල පිරිනමන දිනයක් බවට තහවුරු කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ مِّنْ عَذَابِ رَبِّهِمْ مُّشْفِقُوْنَ ۟ۚ
තවද ඔවුන් වනාහි, ඔවුන් තම දැහැමි ක්රියාවන් ඉදිරිපත් කිරීමත් සමගම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් පසුවන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ عَذَابَ رَبِّهِمْ غَیْرُ مَاْمُوْنٍ ۪۟
සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම බිය විය යුත්තකි. කිසිදු බුද්ධිමතෙකුට එයින් සුරක්ෂිත බව විශ්වාස කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ لِفُرُوْجِهِمْ حٰفِظُوْنَ ۟ۙ
තවද ඔවුන් වනාහි, තම රහස්ය පෙදෙස් ආවරණය කරමින් හා අශීලාචාර දැයින් දුරස් කරමින් ආරක්ෂා කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا عَلٰۤی اَزْوَاجِهِمْ اَوْ مَا مَلَكَتْ اَیْمَانُهُمْ فَاِنَّهُمْ غَیْرُ مَلُوْمِیْنَ ۟ۚ
ඔවුන්ගේ බිරියන් හෝ ඔවුන් සතු කරගත් වහලියන් හෝ හැර. ඔවුන් සමග සංසර්ගයේ නිරත වෙමින් පහස විදීමෙහි ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنِ ابْتَغٰی وَرَآءَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْعٰدُوْنَ ۟ۚ
එහෙයින් කවරෙකු සඳහන් කරනු ලැබූ පරිදි බිරියන් හා වහලියන් හැර අයුතු ලෙස පහස විඳින්නට බලන්නේ ද අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන් වන්නේ ඔවුහුමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ لِاَمٰنٰتِهِمْ وَعَهْدِهِمْ رٰعُوْنَ ۟
ධනය හෝ රහස්ය කරුණක් විශ්වාසයෙන් යුතුව ඔවුනට පවරනු ලැබූ දෑ ද, ජනයා ඔවුන් සමග ගිවිසගත් ඔවුන්ගේ ගිවිසුම් ද ඔවුහු ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුන්ගේ භාරකාරත්වයට ඔවුහු වංචා නොකරති. ඔවුන්ගේ ගිවිසුම් කඩ නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ بِشَهٰدٰتِهِمْ قَآىِٕمُوْنَ ۟
ඉල්ලා සිටින පරිදි ඔවුන් සාක්ෂි දැරීමෙහි ස්ථාවර ව සිටිති. සමීප සම්බන්ධකම් හෝ සතුරුකම් එහි දී බලපෑමක් ලෙස ඇති කර ගන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ عَلٰی صَلَاتِهِمْ یُحَافِظُوْنَ ۟ؕ
ඔවුන් වනාහි තම සලාතය එහි නියමිත වේලාවෙහි ඉටු කරමින්, පිරිසිදු කම හා තැන්පත් බවින් ඒ හැර වෙනත් කාර්යයක නිරත නොවෙමින්, ඉතා ප්රවේසමින් සැළකිලිමත් ව ඉටු කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ فِیْ جَنّٰتٍ مُّكْرَمُوْنَ ۟ؕ۠
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ස්වර්ග උයන්හි සම්භාවනීයයන් වෙති. එය ඔවුන් සදා පවතින සුව පහසුකම් ලැබීමෙන් හා ගෞරවනීය අල්ලාහ්ගේ මුහුණ බැලීමෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَالِ الَّذِیْنَ كَفَرُوْا قِبَلَكَ مُهْطِعِیْنَ ۟ۙ
අහෝ ධර්ම දූතය, නුඹ අවට සිටින නුඹේ සමාජයේ දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන් නුඹව බොරු කිරීමට ගෙන ගියේ කුමක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَنِ الْیَمِیْنِ وَعَنِ الشِّمَالِ عِزِیْنَ ۟
නුඹේ වම් පැත්තට හා දකුණු පැත්තට කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් වටවෙමින් සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ اَنْ یُّدْخَلَ جَنَّةَ نَعِیْمٍ ۟ۙ
අල්ලාහ් තමන් සුව පහසුකම් සහිත ස්වර්ගයට ඇතුළත් කරන බවත්, තමන් දේව ප්රතික්ෂේපයේ හිඳමින්ම එහි සදා පවතින පහසුකම් භුක්ති විදිය හැකි බවත්. ඔවුන් අතරින් සෑම කෙනෙකුම කල්පනය කරන්නේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّا ؕ— اِنَّا خَلَقْنٰهُمْ مِّمَّا یَعْلَمُوْنَ ۟
ඔවුන් නිරූපණය කරන මෙන් එම කරුණ නැත. ඔවුන් දන්නා හඳුනන දැයින් සැබැවින්ම අපි ඔවුන් මැව්වෙමු. නොවටිනා ද්රාවණයකින් අපි ඔවුන් මවා ඇත්තෙමු. ඔවුන් තමන්ටම යම් යහපත් හෝ හානියක් සිදු කර ගැනීමට නොහැකි දුබලයින් වෙති. එසේ නම් ඔවුන් උඩගු වන්නේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَاۤ اُقْسِمُ بِرَبِّ الْمَشٰرِقِ وَالْمَغٰرِبِ اِنَّا لَقٰدِرُوْنَ ۟ۙ
හිරු උදාවන නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් මෙන්ම සඳු හා වෙනත් ග්රහ තාරකාවන්හි හිමිපාණන් වන අල්ලාහ් තමන් මතම දිවුරමින් "සැබැවින්ම අපි බලය දරන්නෝ වෙමු" යැයි දිවුරා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• شدة عذاب النار حيث يود أهل النار أن ينجوا منها بكل وسيلة مما كانوا يعرفونه من وسائل الدنيا.
• මෙලොව මාධ්යයන් අතරින්, තමන් හදුනන සියලුම මාධ්යයන් ඉදිරිපත් කරමින් නිරා ගින්නෙන් මිදීමට නිරා වාසීන් ප්රිය කරන තරමට නිරා ගින්නේ ඇති බිහිසුණුකම.

• الصلاة من أعظم ما تكفَّر به السيئات في الدنيا، ويتوقى بها من نار الآخرة.
•මෙලොවෙහි සිදු කරන පාපකම් සඳහා බලවත් ප්රතිකර්මයක් වනුයේ සලාතයයි. එමගින් මතුලොව නිරා ගින්නෙන් ආරක්ෂාව සලසා ගත හැකි වේ.

• الخوف من عذاب الله دافع للعمل الصالح.
•අල්ලාහ්ගේ දඬුවමට බිය වීම දැහැමි ක්රියාවන් සඳහා පෙළඹවීමක් වන්නේය.

عَلٰۤی اَنْ نُّبَدِّلَ خَیْرًا مِّنْهُمْ ۙ— وَمَا نَحْنُ بِمَسْبُوْقِیْنَ ۟
ඔවුන් වෙනුවට අල්ලාහ්ට අවනත් වන වෙනත් පිරිසක් පෙරළා ගෙනැවිත් අපි ඔවුන් විනාශ කරන්නෙමු. එය අපට කළ නොහැකි දෙයක් නොවේ. ඔවුන් විනාශ කර ඔවුන් වෙනුවට වෙනත් පිරිසක් ගෙන එන්නට සිතන දාට එය කළ නොහැකි උදවිය නොවන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذَرْهُمْ یَخُوْضُوْا وَیَلْعَبُوْا حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ یُوْعَدُوْنَ ۟ۙ
අහෝ දූතය, ඔවුන් කවර ව්යාජයක හා නොමගක සිටින්නේද අල් කුර්ආනයේ ප්රතිඥා දී ඇති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ඔවුන් හමුවන තෙක් ඔවුනට එසේ නිරත වන්නටත් මෙලොව ඔවුන්ගේ ජීවිතයේ කෙළිලොල් කිරීමටත් ඔවුනට ඉඩ හරිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ سِرَاعًا كَاَنَّهُمْ اِلٰی نُصُبٍ یُّوْفِضُوْنَ ۟ۙ
එය තම සංඛේතාත්මක පිළිම වලට තරඟ වදිමින් යන්නාක් සේ මිනීවලවල්වලි ඔවුන් ඉතා වේගයෙන් බැහැරට එන දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— ذٰلِكَ الْیَوْمُ الَّذِیْ كَانُوْا یُوْعَدُوْنَ ۟۠
ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනී. එය මෙලොවෙහි ඔවුනට ප්රතිඥා දෙනු ලැබ ඔවුන් ඒ ගැන නොසැලකිල්ලෙන් පසු වූ දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطر الغفلة عن الآخرة.
•මතුලොව ගැන නොසැලකිලිමත් වීමේ වරද.

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
•අල්ලාහ්ට නැමදුම් කිරීම හා ඔහු ගැන මතකයෙන් පසුවීම පාපකම් සඳහා සමාව ලැබීමට හේතුවක් වන්නේය.

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
• ඇරයුම් කටයුතුවලදී දිගටම නිරත වීම එහි විවිධ ක්රමවේදයන් භාවිත කිරීම ඇරයුම් කරන්නා මත අනිවාර්යය වන වගකීමකි.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል መዓሪጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት