Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኑህ   አንቀጽ:
یُّرْسِلِ السَّمَآءَ عَلَیْكُمْ مِّدْرَارًا ۟ۙ
සැබැවින්ම නුඹලා එසේ සිදු කළේ නම්, නුඹලාට වර්ෂාව අවශ්ය වන සෑම මොහොතකම අල්ලාහ් අහසින් අඛණ්ඩ ව වර්ෂාව පහළ කරනු ඇත. එවිට කිසිදු නියඟයක් හෝ සාගින්නක් ඔබට අත් වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّیُمْدِدْكُمْ بِاَمْوَالٍ وَّبَنِیْنَ وَیَجْعَلْ لَّكُمْ جَنّٰتٍ وَّیَجْعَلْ لَّكُمْ اَنْهٰرًا ۟ؕ
අධික ලෙස සම්පත් හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. නුඹලා අනුභව කිරීම සඳහා පළතුරු වතු නුඹලා වෙනුවෙන් ඔහු මතු කරනු ඇත. නුඹලා පානය කිරීම සඳහාත් නුඹලාගේ වගාවන් හා ගොවිපළ සතුන්ට ජලය සැපයීම සඳහාත් ගංගාවන් නුඹලා වෙනුවෙන් මතු කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا لَكُمْ لَا تَرْجُوْنَ لِلّٰهِ وَقَارًا ۟ۚ
අහෝ ජනයිනි, කිසිදු උදාසීනත්වයෙන් තොර ව ආරක්ෂා වන පරිදි අල්ලාහ්ගේ බලමහිමය පිළිබඳ නුඹලා බිය නොවන්නට වූ නුඹලාගේ විෂය කුමක් වීද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَدْ خَلَقَكُمْ اَطْوَارًا ۟
තවද ශුක්ර ධාතුවෙන් ලේ කැටියට, ලේ කැටියෙන් කලලයට යනා දී ලෙස එක් අදියරයකින් පසු තවත් අදියරයකින් සැබැවින්ම ඔහු නුඹලා මැව්වේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَوْا كَیْفَ خَلَقَ اللّٰهُ سَبْعَ سَمٰوٰتٍ طِبَاقًا ۟ۙ
අහසකට ඉහළින් තවත් අහසක් පිහිටන පරිදි අහස් හතක් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّجَعَلَ الْقَمَرَ فِیْهِنَّ نُوْرًا وَّجَعَلَ الشَّمْسَ سِرَاجًا ۟
ඒවා අතර පහළින් පිහිටා ඇති අහසේ මිහිකත වාසීන් සඳහා ආලෝකයක් ලෙස සඳුත් ආලෝකය උත්පාදනය කරන්නක් ලෙස හිරුත් ඔහු මැව්වේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ اَنْۢبَتَكُمْ مِّنَ الْاَرْضِ نَبَاتًا ۟ۙ
තවද අල්ලාහ් නුඹලාගේ පියාණන් වන ආදම්ව පසින් මැවීමෙන් නුඹලාගේ මැවීම ආරම්භ කොට පසුව නුඹලා වෙනුවෙන් ඔහු කවර කරුණක් පැළ කරන්නේ ද එමගින් නුඹලා පෝෂණය ලබන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ یُعِیْدُكُمْ فِیْهَا وَیُخْرِجُكُمْ اِخْرَاجًا ۟
නුඹලා මිය ගිය පසුව නැවතත් ඒ තුළට යොමු කරයි. පසුව විනිශ්චය සඳහා එයින් නුඹලාව ඔහු බැහැර කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ جَعَلَ لَكُمُ الْاَرْضَ بِسَاطًا ۟ۙ
තවද නුඹලාට වාසය කිරීමට පහසු වන අයුරින් මහපොළොව පුළුල් ලෙස අල්ලාහ් නිර්මාණය කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّتَسْلُكُوْا مِنْهَا سُبُلًا فِجَاجًا ۟۠
එය අනුමත කළා වූ ජීවනෝපාය පිණිස එහි ඇති පුළුල් මාර්ග වල නුඹලා ගමන් කිරීමේ අපේක්ෂාවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ نُوْحٌ رَّبِّ اِنَّهُمْ عَصَوْنِیْ وَاتَّبَعُوْا مَنْ لَّمْ یَزِدْهُ مَالُهٗ وَوَلَدُهٗۤ اِلَّا خَسَارًا ۟ۚ
මාගේ පරමාධිපතියාණෙනි, ඔබට පමණක් ගැතිකම් කරන මෙන් ද ඔබ ඒකීයත්වයට පත් කරන මෙන් ද මා ඔවුනට කවර කරුණක් නියෝග කළේ ද එම විෂයයෙහි සැබැවින්ම මාගේ සමූහයා මට පිටු පා ඇත්තෝය. ඔවුන් අතර සිටින අඥානයින් ඔබ විසින් පිරිනමන ලද ධනය හා දරු සම්පත් හිමි ප්රභූවරුන් පිළිපදින්නට ගත්තේය. ඔබ ඔවුනට කවර ආශිර්වාදයක් පිරිනැමුවේද එය ඔවුනට මුළාව මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَكَرُوْا مَكْرًا كُبَّارًا ۟ۚ
ඔවුන් අතර සිටි එම ප්රභූවරුන් නූහ් නබි තුමාට එරෙහිව ඔවුනට පහළින් සිටි ජනයා පොළොඹවා ඉමහත් කුමන්ත්රණයක් කූට ලෙස සැළසුම් කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا لَا تَذَرُنَّ اٰلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَّلَا سُوَاعًا ۙ۬— وَّلَا یَغُوْثَ وَیَعُوْقَ وَنَسْرًا ۟ۚ
ඔවුන් අනුගමනය කළවුන්ට, ‘නුඹලාගේ දෙවිවරුන් නැමදුම් කිරීම අතහැර නොදමනු. එමෙන්ම වද්, සුවාඃ, යගූස්, යඌක් හා නස්ර් යන නුඹලාගේ පිළිම නැමදුම් කිරීමද අතහැර නොදමනු’ යැයි ඔවුහු පවසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَدْ اَضَلُّوْا كَثِیْرًا ۚ۬— وَلَا تَزِدِ الظّٰلِمِیْنَ اِلَّا ضَلٰلًا ۟
ඔවුහු ඔවුන්ගේ පිළිම වන්දනාව තුළින් ජනයා බොහෝ දෙනා නොමග යවා ඇත. දේව ප්රතික්ෂේපයේ හා පාපකම්වල නිතරවීමෙන් තමන්ටම අපරාධ කරගත් අපරාධකරුවන්හට සත්යයෙන් බැහැර වූ මුළාව මිස වෙනත් කිසිවක් වැඩි නොකරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِمَّا خَطِیْٓـٰٔتِهِمْ اُغْرِقُوْا فَاُدْخِلُوْا نَارًا ۙ۬— فَلَمْ یَجِدُوْا لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ اَنْصَارًا ۟
ඔවුන් සිදු කළ ඔවුන්ගේ වැරදි හේතුවෙන් මෙලොවෙහි මහා ජලගැල්මක ඔවුන් ගිල්වනු ලැබුවෝය. ඔවුන්ගේ මරණයෙන් පසු ක්ෂණිකව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝය. අල්ලාහ් හැර එම ජල ගැල්මෙන් හා නිරා ගින්නෙන් ඔවුන් අරාක්ෂා කරන උදව් කරුවන් කිසිවෙකු ඔවුන් වෙනුවෙන් ඔවුහ් නොලබන්නේමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ نُوْحٌ رَّبِّ لَا تَذَرْ عَلَی الْاَرْضِ مِنَ الْكٰفِرِیْنَ دَیَّارًا ۟
මාගේ පරමාධිපතියාණනි, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සතු කිසිදු නිවසක් ඔබ අතහැර නොදමන්නැයි නූහ් නබි තුමා පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّكَ اِنْ تَذَرْهُمْ یُضِلُّوْا عِبَادَكَ وَلَا یَلِدُوْۤا اِلَّا فَاجِرًا كَفَّارًا ۟
අපගේ පරමාධිපතියාණෙනි, සැබැවින්ම ඔබ ඔවුන් අතහැර දැමුවේ නම් හෝ ඔවුනට අවකාශයක් දුන්නේ නම් හෝ දෙවියන් විශ්වාස කරන ඔබේ ගැත්තන් ඔවුන් විසින් නොමග හරිනු ඇත. ඔබ වෙනුවෙන් කිසිවක් පිරි නොනමන දුෂ්ඨයින් හා ඔබේ ආශිර්වාදයට කෘතඥ නොවන දැඩි ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු ඔවුන් බිහි නොකරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ اغْفِرْ لِیْ وَلِوَالِدَیَّ وَلِمَنْ دَخَلَ بَیْتِیَ مُؤْمِنًا وَّلِلْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ ؕ— وَلَا تَزِدِ الظّٰلِمِیْنَ اِلَّا تَبَارًا ۟۠
මාගේ පරමාධිපතියාණෙනි, මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමව්පියන්ට ද සමාව දෙනු මැනව. මාගේ නිවසට ඔබ ව විශ්වාස කළ තත්ත්වයේ ඇතුළු වූවන්ට ද සමාව දෙනු මැනව. දෙවියන් විශ්වාස කරන පිරිමින් මෙන්ම දෙවියන් විශ්වාස කරන කාන්තාවන්ට ද සමාව දෙනු මැනව. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකර ගත්තවුනට අලාභය හා විනාශ මිස වෙනත් කිසිවක් වැඩි නොකරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الاستغفار سبب لنزول المطر وكثرة الأموال والأولاد.
•වර්ෂාව පහළ වීමටත් ධන සම්පත් හා දරු සම්පත් අධික වීමටත් ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාව අයැද සිටීම හේතුවක් වන්නේය.

• دور الأكابر في إضلال الأصاغر ظاهر مُشَاهَد.
•ප්රභූවරුන් පහත් අය නොමග යැවීමේ දී ඔවුන්ගේ දායකත්වය ඇස් ඉදිරියේ පෙනෙන ඉතා පැහැදිලි කරුණකි.

• الذنوب سبب للهلاك في الدنيا، والعذاب في الآخرة.
•මෙලොවෙහි විනාශ වී යාමටත් මතුලොවෙහි දඬුවමට භාජනය වීමටත් පාපකම් සිදු කිරීම හේතුවක් වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: ኑህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት