Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ጂን   አንቀጽ:
وَّاَنَّا مِنَّا الْمُسْلِمُوْنَ وَمِنَّا الْقٰسِطُوْنَ ؕ— فَمَنْ اَسْلَمَ فَاُولٰٓىِٕكَ تَحَرَّوْا رَشَدًا ۟
තවද සැබැවින්ම අප අතර අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුට යටත් වූ මුස්ලිම්වරු ද වෙති එමෙන්ම ඉලක්කගත ඍජු මාර්ගයෙන් ඉවත් වූ වැරදිකරුවන් ද වෙති. එහෙයින් කවරෙකු අවනත වී දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් අල්ලාහ්ට යටහත් පහත් වන්නේ ද ඍජු මාර්ගය හා නිවැරදි මාර්ගය ඉලක්ක කර ගත්තෝ ඔවුහුමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا الْقٰسِطُوْنَ فَكَانُوْا لِجَهَنَّمَ حَطَبًا ۟ۙ
ඉලක්කගත හා ඍජු මාර්ගයෙන් පෙරළුණු පීඩකයින් වනාහි ඔවුන්ගේ මිනිස් ස්වරූපය සමග නිරය සඳහා ඇවිළීමට භාවිත කරනු ලබන ඉන්ධන බවට පත් වී ඇත්තෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنْ لَّوِ اسْتَقَامُوْا عَلَی الطَّرِیْقَةِ لَاَسْقَیْنٰهُمْ مَّآءً غَدَقًا ۟ۙ
ජින්නුන් අතරින් පිරිසක් සැබැවින්ම සවන් දුන් බවට ඔහු වෙත දේව පණිවිඩ එව්වාක් මෙන් සැබැවින්ම ජින් හා මිනිස් වර්ගයා ඉස්ලාමීය පිළිවෙත මත ස්ථාවර ව සිට එහි ඇති දෑ පිළිපැද්දේ නම්, අල්ලාහ් ඔවුනට අධික වශයෙන් වැසි ජලය පතිත කරනු ඇත. එමෙන්ම විවිධ ආශිර්වාද ඔවුනට වැඩි කර දෙනු ඇතැයි ද ඔහු වෙත දේව පණිවිඩ එවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّنَفْتِنَهُمْ فِیْهِ ؕ— وَمَنْ یُّعْرِضْ عَنْ ذِكْرِ رَبِّهٖ یَسْلُكْهُ عَذَابًا صَعَدًا ۟ۙ
එය, ඔවුන් අල්ලාහ්ගේ ආශිර්වාදයට කෘතඥ වන්නේ ද, එසේ නැතහොත් ගුණමකු වන්නේ ද යැයි අපි ඔවුන් එහි පරීක්ෂණය කරනු පිණිසය. කවරෙකු අල් කුර්ආනය හා එහි ඇති උපදෙස් පිටු දකින්නේ ද, දැරිය නොහැකි ඉතා දුෂ්කර දඬුවමකට ඔහුගේ පරමාධිපති ඔහු ව ඇතුළත් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّ الْمَسٰجِدَ لِلّٰهِ فَلَا تَدْعُوْا مَعَ اللّٰهِ اَحَدًا ۟ۙ
සැබැවින්ම මසාජිද් හෙවත් දේවස්ථාන අල්ලාහ් සඳහා මිස වෙනස් කිසිවකු සඳහා පිහිටා ඇත්තක් නොවේ. එහෙයින් නුඹලා එහි අල්ලාහ් සමග කිසිවක් ඇරයුම් නොකරන්න. එසේ කරන්නේ නම් ඔවුනොවුන්ගේ දේවස්ථාන හා ආරාමවල සිටි යුදෙව්වන් හා කිතුනුවන් මෙන් නුඹලා ද පත් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّهٗ لَمَّا قَامَ عَبْدُ اللّٰهِ یَدْعُوْهُ كَادُوْا یَكُوْنُوْنَ عَلَیْهِ لِبَدًا ۟ؕ۠
දේව ගැති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා නහ්ඃලා දේශ මධ්යයේ තම පරමාධිපතිට නැමදුම් කිරීම සඳහා නැගී සිටි කල්හි එතුමාණන්ගේ අල් කුර්ආන් පාරායනයට සවන් දෙන අවස්ථාවේ තද බදයෙන් ජින්නුන් එකිනෙකාට බැඳී සමීපව සිටින්නන්ට බැලීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّمَاۤ اَدْعُوْا رَبِّیْ وَلَاۤ اُشْرِكُ بِهٖۤ اَحَدًا ۟
අහෝ දූතය! දෙවියන් ආදේශ කරන මොවුනට, ‘සැබැවින්ම මම මාගේ පරමාධිපති ව පමණක් ඇරයුම් කරමි. කවර කෙනෙකු සිටිය ද ඔහුට පමණක් නැමදුම් කරමි ඒ හැර වෙනත් කිසිවක් ඔහුට ආදේශ නොතබමි’ යැයි නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنِّیْ لَاۤ اَمْلِكُ لَكُمْ ضَرًّا وَّلَا رَشَدًا ۟
නුඹලාට අල්ලාහ් නියම කළ යම් හානියක් වී නම් එයින් නුඹලා ආරක්ෂා කිරීමට මම හැකියාව නොදරමි. එමෙන්ම අල්ලාහ් නුඹලාට තහනම් කළ දෙයක් ගෙන දෙන්නට ද මම හැකියාව නොදරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنِّیْ لَنْ یُّجِیْرَنِیْ مِنَ اللّٰهِ اَحَدٌ ۙ۬— وَّلَنْ اَجِدَ مِنْ دُوْنِهٖ مُلْتَحَدًا ۟ۙ
‘මම අල්ලාහ්ට පිටු පෑවේ නම් ඔහුගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නොහැක්කේමය. තවද ඔහු හැර යොමුවන්නට වෙනත් පිළිසරණක් මට නැතැ’ යැයි නුඹ ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا بَلٰغًا مِّنَ اللّٰهِ وَرِسٰلٰتِهٖ ؕ— وَمَنْ یَّعْصِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ لَهٗ نَارَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ۟ؕ
මා සතු වන්නේ, නුඹලා වෙත දැනුම් දෙන මෙන් කවර කරුණක් මාහට නියෝග කර ඇත්තේ ද, එය හා කවර කරුණක් සමග නුඹලා වෙත මා එවනු ලැබුවේ ද එම දූත මෙහෙවර මා නුඹලාට දන්වා සිටීම පමණය. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද ඔහුගේ නවාතැන සදා නිරා ගින්නට පිවිසීමය. ඉන් කිසිවෙකුට බැහැර විය නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا رَاَوْا مَا یُوْعَدُوْنَ فَسَیَعْلَمُوْنَ مَنْ اَضْعَفُ نَاصِرًا وَّاَقَلُّ عَدَدًا ۟
දෙවියන් ප්රතික්ෂේප කළවුනට මෙලොවෙහි දී කවර දඬුවමක් පිළිබඳ අවවාද කරනු ලබමින් සිටියේද එය ඔවුන් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ දෑසින් දකින තෙක් ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපයෙහි දිගටම සිටිති. එවිට උදව් කරුවන්ගෙන් වඩා දුර්වල කවුරුන් දැයි ද පිහිට ලබන්නන්ගෙන් වඩාත් අඩු අය කවුරුන්දැ?යි ද ඔවුන් මතු දැනගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنْ اَدْرِیْۤ اَقَرِیْبٌ مَّا تُوْعَدُوْنَ اَمْ یَجْعَلُ لَهٗ رَبِّیْۤ اَمَدًا ۟
අහෝ දූතය, නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන, දෙවියන්ට ආදේශ කරන මොවුනට ‘නුඹලාට අවවාද කරනු ලබන දඬුවම ඉතා සමීපයෙන් තිබේ ද එසේ නැතහොත් එයට කල් තිබේ ද යන්න ගැන මම නොදනිමි. එය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනියි.' යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عٰلِمُ الْغَیْبِ فَلَا یُظْهِرُ عَلٰی غَیْبِهٖۤ اَحَدًا ۟ۙ
ඔහු සුවිශුද්ධය. සියලු ගුප්ත දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු සතු ගුප්ත දෑ වෙත කිසිවෙකුට බැලිය නොහැක. එය ඔහුගේ සුවිශේෂීව දැනුමට පමණක් සීමා වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا مَنِ ارْتَضٰی مِنْ رَّسُوْلٍ فَاِنَّهٗ یَسْلُكُ مِنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖ رَصَدًا ۟ۙ
නමුත් දහම් දූතයකුගෙන් ඔහු තෝරාගත් අයකුට මිස. සැබැවින්ම ඔහු අභිමත කරන දෑ ඔහුට පෙන්වයි. ආරක්ෂාවක් ලෙස එම දහම් දූතවරයා ඉදිරියෙන් ද ඔහු පසුපසින් ද මලක්වරුන් පහළ කරයි. ඒ ගැන එම දහම් දූතයා හැර වෙනත් කිසිවකු නොදැකිය හැකි පරිදි ඔවුහු එය ආරක්ෂා කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّیَعْلَمَ اَنْ قَدْ اَبْلَغُوْا رِسٰلٰتِ رَبِّهِمْ وَاَحَاطَ بِمَا لَدَیْهِمْ وَاَحْصٰی كُلَّ شَیْءٍ عَدَدًا ۟۠
සැබැවින්ම රසූල්වරයාට පෙර පැමිණි දහම් දූතවරුන් ඔවුන්ගේ පරමාධිපතියාණන්ගේ දූත මෙහෙවර දන්වා සිටියේදැ?යි ඔහු දැන ගැනීමේ අපේක්ෂාවෙනි. එය කවර කරුණක් පිළිබඳ අල්ලාහ් සැලකිලිමත් ලෙස ආවරණය කර ඇත්තේ ද, ඒ සඳහා හා මලක්වරුන් හා දහම් දූතවරුන්ගේ අතෙහි කවර කරුණක් දැනුමෙන් ආවරණය කර ඇත්තේ ද ඒ සඳහාය. එහෙයින් ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සියලු දෑහි ගණනයන් ඔහු ගණන් බලා ඇත්තේය. එහෙයින් ශුද්ධ වූ අල්ලාහ්ට කිසිවක් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجَوْر سبب في دخول النار.
•අයුක්තිය හා අසාධාරණය නිරයට පිවිසීමට හේතුවකි.

• أهمية الاستقامة في تحصيل المقاصد الحسنة.
•යහපත් ඉලක්ක ලබා ගැනීමේදී ස්ථාවරත්වයේ වැදගත්කම.

• حُفِظ الوحي من عبث الشياطين.
•දේව පණිවිඩ ෂෙය්තාන්වරුන්ගේ නිෂ්ඵල දැයින් ආරක්ෂා කරනු ලැබ ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ጂን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት