Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢንሳን   አንቀጽ:
عَیْنًا یَّشْرَبُ بِهَا عِبَادُ اللّٰهِ یُفَجِّرُوْنَهَا تَفْجِیْرًا ۟
දෙවියන්ට අවනත වූවන් සඳහා සූදානම් කරන ලද මෙම පානය, කිසිදු වෙහෙසකින් තොරව පහසුවෙන් පරිභෝජනයට ගත හැකි උල්පත් තුළින් හට ගන්නකි. අල්ලාහ්ගේ ගැත්තන්හට ඒ ගැන විස්තර කරනු ලැබේ. ඔවුන් අභිමත කරන තැනක එය උතුරා ගලා යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُوْفُوْنَ بِالنَّذْرِ وَیَخَافُوْنَ یَوْمًا كَانَ شَرُّهٗ مُسْتَطِیْرًا ۟
එය පානය කරන ගැත්තන්ගේ ගුණාංග වනුයේ, ඔවුනට අවනත වීම සඳහා අනිවාර්යය කරන ලද දෑ ඔවුන් විසින් ඉටු කරති. හානිය පතුරුවාලන ඉතා දැඩි දිනයකට බිය වෙති. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیُطْعِمُوْنَ الطَّعَامَ عَلٰی حُبِّهٖ مِسْكِیْنًا وَّیَتِیْمًا وَّاَسِیْرًا ۟
ඔවුනට ඒ සඳහා අවශ්යතා ව තිබිය දී එයට ප්රිය කරන තත්ත්වයේ හා එයට ඇලුම් කරන තත්ත්වයේ එම ආහාර දානය කරති. අවශ්යතා ඇති දිළිඳුන් දුප්පතුන් හා සිරකරුවන් සඳහා එම ආහාරය දානය කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللّٰهِ لَا نُرِیْدُ مِنْكُمْ جَزَآءً وَّلَا شُكُوْرًا ۟
සැබැවින්ම ඔවුනට එසේ තමන් ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා මිස නැතැයි තමන්ගේ සිත් තුළ සගවා ගෙන සිටිති. ඔවුහු ඔවුනට ආහාර සැපයීම සඳහා ඔවුන්ගෙන් කිසිදු ලාභයක් හෝ කිසිදු ප්රශංසාවක් අපේක්ෂා නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا نَخَافُ مِنْ رَّبِّنَا یَوْمًا عَبُوْسًا قَمْطَرِیْرًا ۟
"සැබැවින්ම අපගේ පරමාධිපති වෙතින් වූ භීෂණය හා බිහිසුණුකම හේතුවෙන් අභාග්යවන්තයින්ගේ මුහුණු දුකින් පසුවන දිනයකට සැබැවින්ම අපි බියවන්නෙමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَوَقٰىهُمُ اللّٰهُ شَرَّ ذٰلِكَ الْیَوْمِ وَلَقّٰىهُمْ نَضْرَةً وَّسُرُوْرًا ۟ۚ
අල්ලාහ්ගේ අනුග්රහයෙන් බිහිසුණු දිනයේ නපුරෙන් අල්ලාහ් ඔවුන් ආරක්ෂා කරනු ඇත. ඔවුන්ගේ මුහුණුවලට ආලෝකයක් හා ප්රීතියක් පිරිනමනු ඇත. එමෙන්ම ඔවුනට ගෞරවයක් හා ඔවුන්ගේ සිත් තුළ සතුටක් පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَزٰىهُمْ بِمَا صَبَرُوْا جَنَّةً وَّحَرِیْرًا ۟ۙ
අවනත වීමේ දී ඔවුන්ගේ ඉවසීම, අල්ලාහ්ගේ නියමයන්හි ඔවුන්ගේ ඉවසීම හා පාපකම් සිදු කිරීමෙන් වැළකී සිටීමේ දී ඔවුන්ගේ ඉවසීම යනාදිය හේතුවෙන් එහි ඔවුන් භුක්ති විඳිය හැකි ස්වර්ග උයන් හා ඇඳිය හැකි සේද රෙදි අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُّتَّكِـِٕیْنَ فِیْهَا عَلَی الْاَرَآىِٕكِ ۚ— لَا یَرَوْنَ فِیْهَا شَمْسًا وَّلَا زَمْهَرِیْرًا ۟ۚ
අලංකාරවත් කරන ලද ඇඳන් මත හාන්සි වන්නන් වෙති. හිරු කිරණ ඔවුනට වේදනා ගෙන දෙන අයුරින් එම ස්වර්ග උයනේ ඔවුන් හිරු නොදකිනු ඇත. එමෙන්ම දැඩි සීතලක් ද නොදකිනු ඇත. ඔවුහු උෂ්ණත්වය හෝ සිසිල හෝ නොමැති සදා හෙවණෙහි සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَدَانِیَةً عَلَیْهِمْ ظِلٰلُهَا وَذُلِّلَتْ قُطُوْفُهَا تَذْلِیْلًا ۟
එම හෙවණ ඔවුනට ඉතා සමීප ව පිහිටයි. පලතුරු පරිභෝජනය කරන්නන් හට ඒවා වසඟ කර දෙනු ලැබේ. එහෙයින් ඔවුහු හාන්සි වූ තත්ත්වයෙන් ද, වාඩි වූ තත්ත්වයෙන් ද, සිටගත් තත්ත්වයෙන් ද ලැබිය හැකි පරිදි ඔවුන් ඒවා ඉතා පහසුවෙන් හා ලෙහෙසියෙන් පරිභෝජනය කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیُطَافُ عَلَیْهِمْ بِاٰنِیَةٍ مِّنْ فِضَّةٍ وَّاَكْوَابٍ كَانَتْ قَوَارِیْرَ ۟ۙ
එහි ඔවුන් පානය කිරීමට අපේක්ෂා කරන විට, රිදී භාජන හා වර්ණය ඉතා පිරිසිදු වූ ගුරුලේත්තු සමග සේවකයින් ඔවුන් වටා ගමන් කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَوَارِیْرَ مِنْ فِضَّةٍ قَدَّرُوْهَا تَقْدِیْرًا ۟
සැබැවින්ම එය රිදියෙන් පමණක් නොව එහි වර්ණයේ පැහැදිලිතාව පලිඟු මෙන් තිබේ. එය අපේක්ෂා කරන්නන් හට සරිලන ප්රමාණයෙන් සකස් කරන ලද්දකි. ඉන් කිසිවක් වැඩි වන්නේ හෝ අඩුවන්නේ හෝ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیُسْقَوْنَ فِیْهَا كَاْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِیْلًا ۟ۚ
මෙසේ ගෞරවයට පාත්ර වූවන්හට සන්ජබීල් (ඉඟුරු) මිශ්රිත මධුපානයෙන් යුත් කුසලාන හැඩයෙන් යුත් කොප්පවලින් පොවනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَیْنًا فِیْهَا تُسَمّٰی سَلْسَبِیْلًا ۟
සල්සබීල් නමැති ස්වර්ගයේ උල්පතකින් ඔවුහු පානය කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۚ— اِذَا رَاَیْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنْثُوْرًا ۟
තම යොවුන් වියේ පසුවන දරුවන් ස්වර්ග උයන්හි ඔවුන් වටා සැරිසරති. ඔබ ඔවුන්ගේ මුහුණෙහි ඇති සිරියාව, ඔවුන්ගේ වර්ණයෙහි ඇති අලංකාරය, ඔවුන්ගේ අධිකත්වය හා ඔවුන් විසිරී සිටීම ඔබ දකින්නේ නම් ඔවුන් විසිරුණු මුතුමෙන් ඔබ දකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا رَاَیْتَ ثَمَّ رَاَیْتَ نَعِیْمًا وَّمُلْكًا كَبِیْرًا ۟
ස්වර්ගයේ ඇති දෑ ඔබ දකින විට වර්ණනා කළ නොහැකි සුව පහසුකම් හා ආශිර්වාද ඔබ දකිනු ඇත. එමෙන්ම කිසිදු රාජ්යයකට ළං විය නොහැකි අතිමහත් රාජ්යයක් ඔබ දකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عٰلِیَهُمْ ثِیَابُ سُنْدُسٍ خُضْرٌ وَّاِسْتَبْرَقٌ ؗ— وَّحُلُّوْۤا اَسَاوِرَ مِنْ فِضَّةٍ ۚ— وَسَقٰىهُمْ رَبُّهُمْ شَرَابًا طَهُوْرًا ۟
ඔවුන්ගේ ශරීර මත අභිමානයෙන් යුත් වටිනා කොළ පැහැති ඇඳුම් දකින්නට ලැබේ. එය සිනිදු සේද රෙදිවලින් හා ඝන පටරෙදිවලින් යුක්තය. එහි දී ඔවුනට රිදියෙන් යුත් වළලු පලඳවනු ලැබේ. කිසිදු මිශ්රවීමකින් තොරව පිරිසිදු පානය අල්ලාහ් ඔවුනට සපයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰذَا كَانَ لَكُمْ جَزَآءً وَّكَانَ سَعْیُكُمْ مَّشْكُوْرًا ۟۠
ඔවුනට ගරු කිරීමක් වශයෙන්, "නුඹලාට පිරිනමනු ලැබූ මෙම ආශිර්වාදයන් නුඹලාගේ දැහැමි ක්රියාවන් සඳහා වූ තිළිණයක් වන්නේය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් අබියස පිළිගනු ලබන්නක් විය යැ"යි ඔවුනට පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا نَحْنُ نَزَّلْنَا عَلَیْكَ الْقُرْاٰنَ تَنْزِیْلًا ۟ۚ
සැබැවින්ම අපි නුඹ වෙත අල් කුර්ආනය කොටස් වශයෙන් පහළ කළෙමු. අපි එය ඔබ වෙත එකවර එකට පහළ නොකළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ اٰثِمًا اَوْ كَفُوْرًا ۟ۚ
අල්ලාහ් කවර නියෝගයක් හා නියමයක් නීතිගත කර ඇත්තේද ඒ වෙනුවෙන් ඔබ ඉවසනු. පාපය වෙත ඇරයුම් කරන්නාට ඔබ අවනත නොවනු. එමෙන්ම දේව ප්රතික්ෂේපය වෙත ඇරයුම් කරන්නාට ද ඔබ අවනත නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَّاَصِیْلًا ۟ۖۚ
දහවල් ආරම්භ කාලයේ ෆජ්ර් සලාතය, ලුහර් සලාතය හා අසර් වේලාවේ අවසානයේ ඔබ ඔබේ පරමාධිපතිට දික්ර් (මෙනෙහි) කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الوفاء بالنذر وإطعام المحتاج، والإخلاص في العمل، والخوف من الله: أسباب للنجاة من النار، ولدخول الجنة.
•භාරයන් ඉටු කිරීම, අවශ්යතා ඇත්තන්හට ආහාර සැපයීම, ක්රියාවන්හි අවංකභාවය, අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම යනාදිය නිරයෙන් මිදීමට හා ස්වර්ගයට ඇතුළත් වීමට තුඩු දෙන හේතූන් වේ.

• إذا كان حال الغلمان الذين يخدمونهم في الجنة بهذا الجمال، فكيف بأهل الجنة أنفسهم؟!
•ස්වර්ගයේ ස්වර්ග වාසීන්ට සේවය කරන දරුවන් මෙවන් අලංකාර තත්ත්වයක පසුවන්නේ නම් ස්වර්ගවාසීන්ගේ තත්ත්වය කෙසේ නම් වීද!

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢንሳን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት