Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (20) ምዕራፍ: አል-አንፋል
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ وَلَا تَوَلَّوْا عَنْهُ وَاَنْتُمْ تَسْمَعُوْنَ ۟
අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් අවනත වනු. නුඹලා වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට නුඹලා සවන් දෙමින් සිටිය දී ඔහු නියෝග කළ දෑ පිටු දකිමින් හා ඔහු තහනම් කළ දෑ ගෙන එමින් ඔහුට පිටු නොපානු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من كان الله معه فهو المنصور وإن كان ضعيفًا قليلًا عدده، وهذه المعية تكون بحسب ما قام به المؤمنون من أعمال الإيمان.
•අල්ලාහ් කවුරුන් සමග සිටින්නේ ද ඔහු දුර්වල වුව ද සංඛ්යාවෙන් අඩු වුව ද, උදව් කරනු ලබන්නෙකි. මෙම සම්බන්ධතාව ඇති වනුයේ මුඃමින්වරුන් ඉටු කරන ඊමානයේ - දේව විශ්වාසයේ ක්රියාවන් අනුවය.

• المؤمن مطالب بالأخذ بالأسباب المادية، والقيام بالتكليف الذي كلفه الله، ثم يتوكل على الله، ويفوض الأمر إليه، أما تحقيق النتائج والأهداف فهو متروك لله عز وجل.
•භෞතික සාධක සූදානම් කර ගැනීමට හා අල්ලාහ් පැවරූ භාරකාරත්වයන් ඉටු කිරීමට දේව විශ්වාස කරන්නා පතනු ලැබේ. පසු ව ඔහු අල්ලාහ් කෙරෙහි සියල්ල භාර කළ යුතුයි. සියලු කටයුතු ඔහු වෙත පැවරිය යුතුය. ප්රතිඵල හා අරමුණු තහවුරු කිරීම වනාහි එය අල්ලාහ් මත අතහැර දමනු ලැබිය යුත්තකි.

• في الآيات دليل على أن الله تعالى لا يمنع الإيمان والخير إلا عمَّن لا خير فيه، وهو الذي لا يزكو لديه هذا الإيمان ولا يثمر عنده.
•කවර අයකු තුළ යහපතක් නොමැත්තේ ද එවැන්නෙකුගෙන් මිස දේව විශ්වාසය හා යහපත වළක්වන්නේ නැත. එමෙන්ම එම දේව විශ්වාසය ඔහු පිවිතුරු කරන්නේ ද නැත. ඔහු අබියස එය ඵල දෙන්නේ ද නැත යැයි මෙම පාඨවල පෙන්වා දී ඇත.

• على العبد أن يكثر من الدعاء: يا مقلب القلوب ثبِّت قلبي على دينك، يا مُصرِّف القلوب اصرف قلبي إلى طاعتك.
•‘යා මුකල්ලිබල් කුලූබි, සබ්බිත් කල්බී අලා දීනික, යා මුසර්රිෆල් කුලූබි, ඉස්රිෆ් කල්බී ඉලා තාඅතික’ (අහෝ හදවත් වෙනස් කරන්නාණනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවර ව තබත්වා! අහෝ හදවත් පෙරළා දමන්නනි! මාගේ හදවත ඔබට අවනත වීම සඳහා හරවනු මැනව!) යනුවෙන් අධික ලෙස ගැත්තා ප්රාර්ථනා කළ යුතු වන්නේය.

• أَمَرَ الله المؤمنين ألا يُقِرُّوا المنكر بين أظهرهم فيعُمَّهم العذاب.
•ඔවුන් අතරින් මතුවන පිළිකුල් සහගත දෑ පිළි නොගන්නා මෙන් දේව විශ්වාසීන්හට අල්ලාහ් නියෝග කර ඇත. එවිට දඬුවම ඔවුන් සියල්ලටම පොදු වනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (20) ምዕራፍ: አል-አንፋል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት