Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንፋል   አንቀጽ:

අල් අන්ෆාල්

ከመዕራፉ ዓላማዎች:
الامتنان على المؤمنين بنصر الله لهم في بدر، وبيان سنن النصر والهزيمة.
දේවත්වය විශ්වාස කරන්නන් හට බද්ර් යුද්ධයේදී අල්ලාහ් පිරිනැමූ උපකාරය හා ජය පරාජය යන න්යායය පැහැදිලි කිරීම.

یَسْـَٔلُوْنَكَ عَنِ الْاَنْفَالِ ؕ— قُلِ الْاَنْفَالُ لِلّٰهِ وَالرَّسُوْلِ ۚ— فَاتَّقُوا اللّٰهَ وَاَصْلِحُوْا ذَاتَ بَیْنِكُمْ ۪— وَاَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗۤ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
අහෝ දූතය! ඔබේ සගයින් යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව පිළිබඳවත්, එය ඔබ බෙදන ආකාරය පිළිබඳවත්, එම කොටස් හිමි විය යුතු අය පිළිබඳවත්, විමසති. අහෝ දූතය! ඔවුන්ගේ ප්රශ්නයට පිළිතුරු වශයෙන්, 'යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හා එය බෙදා දීමේදී, ඒ ගැන තින්දු තීරණ ගැනීමේ අයිතිය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. නුඹලාගේ යුතුකම වනුයේ එයට යටත් වී ඒ අනුව කටයුතු කිරීමය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එහෙයින් නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. නුඹලා අතර පවතින බෙදීම් හා කුමන්ත්රණ පසෙක ලා සෙනෙහසින්, බැඳියාවෙන්, යහපත් ගතිගුණ හා සමාව දීමෙන් ඒවා විධිමත් කර ගනු. නුඹලා සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නෙහු නම් අල්ලාහ්ට අවනත වීමත්, ඔහුගේ දූතයාණන්ට අවනත වීමත් තදින්ම පිළිපදිනු. සැබැවින්ම දේව විශ්වාසය,අවනතවීම හා පාපයෙන් දුරස්වීම අවදි කරන්නේය. මෙම ප්රශ්නය විමසනු ලැබුවේ බද්ර් සටනින් පසුවය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا الْمُؤْمِنُوْنَ الَّذِیْنَ اِذَا ذُكِرَ اللّٰهُ وَجِلَتْ قُلُوْبُهُمْ وَاِذَا تُلِیَتْ عَلَیْهِمْ اٰیٰتُهٗ زَادَتْهُمْ اِیْمَانًا وَّعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟ۚۙ
සැබැවින්ම සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නන් වනාහි පිවිතුරු අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් භීතියට පත් වෙයි. ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ ශරීර අවනත වීම සඳහා බැඳී පවතියි. අල්ලාහ්ගේ වදන් ඔවුන් වෙත සම්බන්ධ කරනු ලැබූ විට ඒ පිළිබඳ ඔවුන් පරිශීලනය කරති. එවිට විශ්වාසයෙන් ඔවුන්ගේ විශ්වාසය තව තවත් වර්ධනය වෙයි. ඔවුනට යහපත සලසා ගැනීමෙහි හා අයහපතින් වළක්වා ගැනීමෙහි ඔවුන් ඔවුන්ගේ පරමාධිපති මත පමණක් යැපෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یُقِیْمُوْنَ الصَّلٰوةَ وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟ؕ
ඔවුන් වනාහි, සලාතය එහි නියමිත වේලාවන්හි නියමිත පූර්ණ ස්වරූපයෙන් අඛණ්ඩ ව ඉටු කරන්නන් හා අප ඔවුනට පෝෂණය කළ දැයින් අවශ්ය වියදම් හා සතුටු දායක වියදම් නිකුත් කරන්නන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ هُمُ الْمُؤْمِنُوْنَ حَقًّا ؕ— لَهُمْ دَرَجٰتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟ۚ
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබුවෝ මුඃමින්වරුන් හෙවත් සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නෝ වෙති. එය ඔවුන් දේව විශ්වාසයේ කරුණු හා ඉස්ලාමයේ බාහිර කරුණු යන දෙක එකට සම්බන්ධ කළ බැවිණි. ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ඔවුන්ගේ පරමාධිපති අබියය ඔවුනට උසස් නිලතල ඇත. එමෙන්ම ඔවුන්ගේ පාපකම් වලට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත. ඒවා අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති සැප පහසුකම් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَمَاۤ اَخْرَجَكَ رَبُّكَ مِنْ بَیْتِكَ بِالْحَقِّ ۪— وَاِنَّ فَرِیْقًا مِّنَ الْمُؤْمِنِیْنَ لَكٰرِهُوْنَ ۟ۙ
යුද බිමේ සතුරා විසින් හැර ගිය වස්තුව පිළිබඳ නුඹලා ගැටලු ඇති කර ගෙන, ඒවා බෙදීම සම්බන්ධ ව ද මතභේද ඇති කර ගත් පසු ව, එහි කොටස නුඹලාගෙන් ඉවත් කොට අල්ලාහ් ඔහු වෙත හා ඔහුගේ දූතයාණන් වෙත පවරාගත්තේය. අහෝ දූතය! එලෙසම දෙවියන්ට ආදේශ තබන්නන් හමු වීම සඳහා මදීනාවෙන් පිටත් ව යෑම පිළිබඳ දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් පිළිකුල් කළ ද ඒ සඳහා පිටත් ව යන මෙන් ඔබේ පරමාධිපති ඔබට නියෝග කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُجَادِلُوْنَكَ فِی الْحَقِّ بَعْدَ مَا تَبَیَّنَ كَاَنَّمَا یُسَاقُوْنَ اِلَی الْمَوْتِ وَهُمْ یَنْظُرُوْنَ ۟ؕ
ආදේශ තබන්නන් සමග යුද්ධයක් ඇති වන බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, එම විෂයයෙහි දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටි පිරිස නුඹ සමග වාද කරති. එය ඔවුනට මරණය සඳහා ඇදගෙන යනු ලැබ එය ඔවුන්ගේ ඇස් පනාපිට බලන්නාක් මෙන් විය. යුද්ධය සඳහා බැහැර වීමට ඔවුන් දැඩි ලෙස පිළිකුල් කළේ එබැවිණි. එමෙන්ම ඒ සඳහා එහි ත්යාග නොලැබීමත් ඔවුනට දුන් පොරොන්දු ඉටු කර ගත නොහැකි වීමත් එයට හේතු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ یَعِدُكُمُ اللّٰهُ اِحْدَی الطَّآىِٕفَتَیْنِ اَنَّهَا لَكُمْ وَتَوَدُّوْنَ اَنَّ غَیْرَ ذَاتِ الشَّوْكَةِ تَكُوْنُ لَكُمْ وَیُرِیْدُ اللّٰهُ اَنْ یُّحِقَّ الْحَقَّ بِكَلِمٰتِهٖ وَیَقْطَعَ دَابِرَ الْكٰفِرِیْنَ ۟ۙ
අහෝ තර්ක කරන දේව විශ්වාස කරන්නනි! සැබැවින්ම නුඹලාට දේව ආදේශකයින්ගේ දෙපිරිසෙන් එක් පිරිසකගෙන් නුඹලා ජය ලබනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. එනම් ඔටුවන් හා උන් ප්රවාහනය කළ භාණ්ඩය, සතුරා විසින් අතහැර ගිය භාණ්ඩ ලෙස නුඹලා ඒවා ගත්තෙහුය. අනෙක පුද්ගලයින් හා බැඳුණු පිරිසයි. නුඹලා ඔවුන් සමග යුද වැදී ඔවුනට එරෙහි ව ජය ලබා ගත යුතුව ඇත. කිසිදු යුද්ධයකින් තොරව පහසුවෙන් එම ඔටුවන් අල්ලා ගත හැකි වීමෙන් ජය ලැබීම ගැන නුඹලා සතුටු වන්නෙහුය. එමෙන්ම අල්ලාහ් යුද්ධ කිරීම නුඹලාට නියෝග කරමින් සත්ය තහවුරු කිරීමට අපේක්ෂා කරයි. එය නුඹලා දෙවියන්ට ආදේශ කරන භට පිරිස් සමග සටන් වැද ඉස්ලාමයේ බලය විද්යාමාන වන අයුරින් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සිරගත කිරීමෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِیُحِقَّ الْحَقَّ وَیُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُوْنَ ۟ۚ
ඉස්ලාමය හා එහි වැසියන් ප්රසිද්ධ කරවා අල්ලාහ් සත්යය තහවුරු කිරීමටත් එනම් එය සැබෑ ලෙස දිවි පිදූවන් ප්රසිද්ධියට පත් කිරීමෙනි. එමෙන්ම ව්යාජය ව්යාජ බව තහවුරු කරන සාධක හෙළිකරමින් එය නිෂ්ඵල කිරීමටත් ඔහු අපේක්ෂා කරයි. දෙවියන්ට ආදේශ තබන්නන් එය පිළිකුල් කළ ද අල්ලාහ් එය හෙළි කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ينبغي للعبد أن يتعاهد إيمانه ويُنمِّيه؛ لأن الإيمان يزيد وينقص، فيزيد بفعل الطاعة وينقص بضدها.
ගැත්තා තම දේව විශ්වාස ප්රගුණ කර ගැනීමත්, ප්රවර්ධනය කර ගැනීමත්, අවශ්ය වන්නේය. ඊට හේතුව ඊමාන් හෙවත් දේව විශ්වාසය, විටෙක වර්ධනය වන අතර තවත් විටෙක හීන වී යන බැවිණි. අවනත ක්රියාවන්හි නිරත වීම තුළින් එය වර්ධනය වන අතර එයට පටහැණි ව කටයුතු කිරීම තුළින් එය හීන වී යනු ඇත.

• الجدال محله وفائدته عند اشتباه الحق والتباس الأمر، فأما إذا وضح وبان فليس إلا الانقياد والإذعان.
•තර්කය, එහි ස්ථාවරය, සත්යය සහ ව්යාකූලත්වය පිළිබඳ සැකයක් ඇති විට එහි ප්රයෝජනය. එහිදී කරුණු පැහැදිලි වූ විට ඊට අනුකූල ව කටයුතු කිරීම සහ පිළිගැනීම මිස අන් කිසිවක් නැත.

• أَمْر قسمة الغنائم متروك للرّسول صلى الله عليه وسلم، والأحكام مرجعها إلى الله تعالى ورسوله لا إلى غيرهما.
•යුද පිටියෙන් ගනු ලැබූ වස්තුව බෙදීමේ කටයුත්ත දූතයාණන් වෙත පැවරිය යුත්තකි. එහි තින්දු පැතීම උත්තරීතර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත මිස වෙනත් කිසිවකු වෙත යොමු නොකළ යුතුය.

• إرادة تحقيق النّصر الإلهي للمؤمنين؛ لإحقاق الحق وإبطال الباطل.
•සත්යය තහවුරු කිරීම සඳහාත් අසත්යය ව්යර්ත කිරීම සඳහාත් දේව විශ්වාසීන් වෙනුවෙන් දේව ජය තහවුරු කිරීමේ අභිලාෂය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንፋል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት