Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንፋል   አንቀጽ:
وَاذْكُرُوْۤا اِذْ اَنْتُمْ قَلِیْلٌ مُّسْتَضْعَفُوْنَ فِی الْاَرْضِ تَخَافُوْنَ اَنْ یَّتَخَطَّفَكُمُ النَّاسُ فَاٰوٰىكُمْ وَاَیَّدَكُمْ بِنَصْرِهٖ وَرَزَقَكُمْ مِّنَ الطَّیِّبٰتِ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
අහෝ විශ්වාස කළවුනි! නුඹලා මක්කාවෙහි ස්වල්ප පිරිසක් ලෙස සිටිය දී එහි වැසියන් නුඹලා ව දුර්වලයින් බවට පත් කොට නුඹලා මත බලය යෙදවූහ. නුඹලාගේ සතුරන් නුඹලාට ඉක්මණින්ම අල්ලා ගනු ඇතැයි නුඹලා බිය වූහ. එවිට නුඹලා ආරක්ෂාව පතා යන ස්ථානයක් වෙත අල්ලාහ් නුඹලා ව සේන්දු කළේය. එය මදීනාවයි. යුදමය අවස්ථාවන්හි නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලාට ජය ලබා දෙමින් නුඹලා ව බලවත් බවට පත් කළේය. බද්ර් යුද්ධයත් ඉන් එකකි. පිවිතුරු දැයින් ඔහු නුඹලාට පෝෂණය කළේය. නුඹලාගේ සතුරන්ගෙන් ආරක්ෂා කර ඔවුන් අතහැර දමා ගිය වස්තු සියල්ලම නුඹලාට හිමි විය. අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. එවිට ඔහු නුඹලාට එහි සමෘද්ධිය ඇති කරයි. නුඹලා එයට ගුණමකු නොවනු. එවිට නුඹලාගෙන් එය ඩැහැ ගෙන නුඹලාට දඬුවම් පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَخُوْنُوا اللّٰهَ وَالرَّسُوْلَ وَتَخُوْنُوْۤا اَمٰنٰتِكُمْ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟
අහෝ අල්ලාහ් ව විශ්වාස කර ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! නියෝග පිළිපැදීම අතහැර දමමින් හා තහනම් කළ දැයින් වැළකී නොසිටීමෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් රවටන්නට උත්සාහ නොකරනු. එමෙන්ම ඔබ වෙත පවරන ලද ආගමික හා වෙනත් කටයුතු අතපසු කරමින් ඔවුන් රවටන්නට උත්සාහ නොකරනු. සැබැවින්ම එසේ සිදු කිරීම වංචාවක් බව නුඹලා මැනවින් දන්නෙහුය. එවිට නුඹලා රවටනු ලැබූවන් බවට පත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاعْلَمُوْۤا اَنَّمَاۤ اَمْوَالُكُمْ وَاَوْلَادُكُمْ فِتْنَةٌ ۙ— وَّاَنَّ اللّٰهَ عِنْدَهٗۤ اَجْرٌ عَظِیْمٌ ۟۠
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ගෙන් වූ පරීක්ෂණයකි. විභාගයකි. මතු ලොව වෙනුවෙන් කරන ක්රියාකාරකම් වලින් ඒවා නුඹලා ව වළක්වනු ඇත. ඒවා නුඹලා රවටා දමනු ඇත. සැබැවින්ම අල්ලාහ් අභියස මහත් කුසල් ඇති බව දැන ගනු. නුඹලාගේ දරුවන් හා නුඹලාගේ සම්පත් හේතුවෙන් ඒවාට මුළා වී ඒවා වෙත පමණක් නුඹලාගේ අවධානය යොමු කිරීමෙන් නුඹලාට හිමි වන මෙම කුසල් නුඹලා අහිමි කර නොගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ تَتَّقُوا اللّٰهَ یَجْعَلْ لَّكُمْ فُرْقَانًا وَّیُكَفِّرْ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَیَغْفِرْ لَكُمْ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක්වූ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරන්නේ නම් සත්ය හා අසත්ය අතර වෙන් කර ගත හැකි මාර්ගය ඔහු නුඹලාට පාදා දෙනු ඇත. එවිට ඒ දෙක නුඹලාට පැටලවෙන්නේ නැත. නුඹලා සිදු කරමින් සිටි පාපකම් නුඹලාගෙන් ඉවත් කරනු ඇත. නුඹලාගේ පාපකම් වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් ඉමහත් භාග්ය සම්පන්නය. ඔහුගේ ඉමහත් භාග්යයන් අතුරින් එකක් වනුයේ බැතියෙන් යුතු ව කටයුතු කරන ඔහුගේ ගැත්තන්හට සූදානම් කර ඇති ස්වර්ග උයනයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ یَمْكُرُ بِكَ الَّذِیْنَ كَفَرُوْا لِیُثْبِتُوْكَ اَوْ یَقْتُلُوْكَ اَوْ یُخْرِجُوْكَ ؕ— وَیَمْكُرُوْنَ وَیَمْكُرُ اللّٰهُ ؕ— وَاللّٰهُ خَیْرُ الْمٰكِرِیْنَ ۟
අහෝ දූතය! ඔබව හසු කර ගැනීමට හෝ ඔබ ව ඝාතනය කිරීමට හෝ ඔබේ නගරයෙන් වෙනත් නගරයකට ඔබ ව පිටුවහල් කිරීමට කුමන්ත්රණය කරනු පිණිස දෙවියන්ට ආදේශ තබන්නන් නුඹ වෙන හැරුණු අවස්ථාව ගැන මෙනෙහි කරනු. ඔවුහු නුඹට කුමන්ත්රණය කරති. ඔවුන්ගේ කුමන්ත්රණය ඔවුනටම එරෙහි ව පිහිටුවීමට අල්ලාහ් කටයුතු කළේය. ඔහු ද උපාය මාර්ග සැලසුම් කළ අතර එසේ සැලසුම් කරන්නන්ගෙන් ඔහු අති ශ්රේෂ්ඨය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا قَالُوْا قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هٰذَاۤ ۙ— اِنْ هٰذَاۤ اِلَّاۤ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට සත්ය පිළිගැනීමට මුරණ්ඩු වෙමින් හා උඩඟුකම් වෙමින්, ‘මීට පෙරත් අපි මොවැනිම දෑ ට සවන් දී ඇත්තෙමු. මෙම කුර්ආනය හා සමාන ප්රකාශයක් අපි අභිමත කළේ නම් එය අපි පවසන්නෙමු. අපි සවන් දුන් මෙම කුර්ආනය පැරැන්නන්ගේ ප්රබන්ධයන් මිස නැත එහෙයින් අපි එය කිසිසේත් විශ්වාස නොකරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قَالُوا اللّٰهُمَّ اِنْ كَانَ هٰذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَاَمْطِرْ عَلَیْنَا حِجَارَةً مِّنَ السَّمَآءِ اَوِ ائْتِنَا بِعَذَابٍ اَلِیْمٍ ۟
‘අහෝ දෙවියනි! මුහම්මද් ගෙන ආ දෑ සැබෑවක් නම් අප විනාශ කර දමන ගල් වර්ෂාවක් අහසින් අප මත හෙළනු. එසේ නැතහොත් අප වෙත දැඩි දඬුවම් පමුණුවනු’ යැයි දෙවියන්ට ආදේශ තබන්නන් පවසා සිටි අවස්ථාව අහෝ දූතය! ඔබ මෙනෙහි කර බලනු. ඔවුන් එසේ පවසා සිටියේ ප්රතික්ෂේපයේ හා පිටුපෑමෙහි සීමාව ඉක්මවා යමිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ اللّٰهُ لِیُعَذِّبَهُمْ وَاَنْتَ فِیْهِمْ ؕ— وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ یَسْتَغْفِرُوْنَ ۟
අහෝ මුහම්මද්! ඔබේ සමූහයා (ඔවුන් ප්රතිචාර දක්වන සමූහයක් වුව ද ඇරයුම් කරන සමූහයක් වුවද එක සමානය) අතර ඔබ ජීවත් ව සිට ඔබ ව ඔවුන් දඬුවමින් ආරක්ෂාවක් ලෙස සලකන තත්ත්වයේ ඔවුනට ඇති වන දඬුවමකින් දඬුවම් කිරීමට අල්ලාහ්ට නොවීය. ඔවුන්ගේ පාපකම් වලට ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයදිමින් සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الشكر نعمة عظيمة يزيد بها فضل الله تعالى، وينقص عند إغفالها.
•අති මහත් ආශිර්වාදයන් සඳහා කෘතඥ වීම, එමගින් අල්ලාහ්ගේ භාග්යයන් අධික වනු ඇත. එය නොසලකා හරින විට එය අඩු වී යන්නේය.

• للأمانة شأن عظيم في استقامة أحوال المسلمين، ما ثبتوا عليها وتخلقوا بها، وهي دليل نزاهة النفس واعتدال أعمالها.
•මුස්ලිම්වරුන්ගේ තත්ත්වයන් ස්ථාවර කිරීමේ දී අමානත් හෙවත් වගකීමට මහත් කාර්යය භාරයක් ඇත. ඔවුන් විසින් එය ස්ථාපිත කර නිර්මාණය කරන දේ, එය ආත්මයේ අඛණ්ඩතාව සහ එහි ක්රියාවන්හි මධ්යස්ථභාවය පිළිබඳ සාක්ෂියකි.

• ما عند الله من الأجر على كَفِّ النفس عن المنهيات، خير من المنافع الحاصلة عن اقتحام المناهي لأجل الأموال والأولاد.
•අල්ලාහ් අබියස ඇති කුසල් අතර, දරුවන් හා වස්තුව හේතුවෙන් තහනම් කරන ලද දෑ පාලනය කිරීමෙන් ලැබෙන ප්රයෝජනයට වඩා තහනම් කරන ලද දැයින් තම ආත්මය වළක්වා ගැනීම ශ්රේෂ්ඨය.

• في الآيات بيان سفه عقول المعرضين؛ لأنهم لم يقولوا: اللَّهُمَّ إن كان هذا هو الحق من عندك فاهدنا إليه.
• දේවත්වය පිටුපාන්නන්ගේ බුද්ධියේ මෝඩකම පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම පාඨ වල අන්තර්ගත වී ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන්, “යා අල්ලාහ්! මෙය ඔබ වෙතින් වූ සැබෑවක් නම් ඒ වෙත අපහට මග පෙන්වනු මැනව’ යැයි නොපැවසූ බැවිණි.

• في الآيات فضيلة الاستغفار وبركته، وأنه من موانع وقوع العذاب.
•පාප ක්ෂමාව අයැද සිටීමේ මහිමය හා එහි අභිවෘද්ධිය පිළිබඳ මෙම පාඨවල සඳහන් වී ඇත. සැබැවින්ම එය දඬුවම් ලැබීමෙන් වළක්වන කරුණු අතරින් එකකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንፋል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት