Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አንፋል   አንቀጽ:
اِذْ تَسْتَغِیْثُوْنَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ اَنِّیْ مُمِدُّكُمْ بِاَلْفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُرْدِفِیْنَ ۟
බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව ජය පතා නුඹලා අල්ලාහ්ගෙන් උදව් පැතූ අවස්ථාව මෙනෙහි කරනු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එවිට අල්ලාහ් මලක්වරුන් දහසක් දෙනෙකු ඇතැමෙකු ඇතැමෙකුට පර ව පෙළ ගස්වා නුඹලාට උදව් කරුවන් වශයෙන් එවා නුඹලාගේ සේනාව ශක්තිමත් කිරීමෙන් අල්ලාහ් නුඹලාට පිළිතුරු දුන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا جَعَلَهُ اللّٰهُ اِلَّا بُشْرٰی وَلِتَطْمَىِٕنَّ بِهٖ قُلُوْبُكُمْ ؕ— وَمَا النَّصْرُ اِلَّا مِنْ عِنْدِ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට මලක්වරුන් සැපයූවේ නුඹලාට ශුභාරංචියක් වශයෙනි. එය නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලා ජය ලබන්නටත් ජයග්රහණය පිළිබඳ විශ්වාසය ඇති කර, නුඹලාගේ හදවත් සැනසීමට පත් කිරීමටත්ය. සංඛ්යාවේ අධිකත්වය මුල් කර ගෙන ජය පිහිටන්නේ නැත. සැබැවින්ම ජය ලැබෙනුයේ අල්ලාහ් අබියසිනි. සැබැවින්ම අල්ලාහ් තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු ඔහු අභිබවා යන්නේ නැත. ආගමික නීති පැනවීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ یُغَشِّیْكُمُ النُّعَاسَ اَمَنَةً مِّنْهُ وَیُنَزِّلُ عَلَیْكُمْ مِّنَ السَّمَآءِ مَآءً لِّیُطَهِّرَكُمْ بِهٖ وَیُذْهِبَ عَنْكُمْ رِجْزَ الشَّیْطٰنِ وَلِیَرْبِطَ عَلٰی قُلُوْبِكُمْ وَیُثَبِّتَ بِهِ الْاَقْدَامَ ۟ؕ
දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා ව කිලිටෙන් පිරිසිදු කරනු පිණිසත්, ෂෙය්තාන්ගේ නපුරු සිතුවිලි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත්, නුඹලා සතුරන් හමුවන අවස්ථාවේ නුඹලාගේ සිත් ප්රබෝධමත් කොට නුඹලාගේ ශරීරයට නැවුම් බව ඇති කරනු පිණිසත්, වැලි පොළොව මත නුඹලාගේ පාද තබන විට එහි නොසැලී ස්ථාවර තැබීමට පාද ශක්තිමත් කරනු පිණිසත්, නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාට අත් වූ බියෙන් නුඹලා අභයදායී වනු පිණිසත් අල්ලාහ් නුඹලා වෙත මද නින්ද ඇති කොට නුඹලා වෙත අහසින් වාර්ෂාව පහළ කළ අවස්ථාව මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ یُوْحِیْ رَبُّكَ اِلَی الْمَلٰٓىِٕكَةِ اَنِّیْ مَعَكُمْ فَثَبِّتُوا الَّذِیْنَ اٰمَنُوْا ؕ— سَاُلْقِیْ فِیْ قُلُوْبِ الَّذِیْنَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوْا فَوْقَ الْاَعْنَاقِ وَاضْرِبُوْا مِنْهُمْ كُلَّ بَنَانٍ ۟ؕ
අහෝ නබිවරය! බද්ර් සටනෙහි දෙවියන් විශ්වාස කරන්නන් වෙත අල්ලාහ් සැපයූ මලක්වරුන් හට නුඹේ පරමාධිපති දිව්යමය පණිවිඩ එවූ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, අහෝ මලක්වරුනි! ජය හා ස්ථාවරත්වය පිරිනැමීමෙහි සැබැවින්ම මම නුඹලා සමග වෙමි. එහෙයින් දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සතුරන් සමග සටන් කිරීමේදී ඔවුන්ගේ දැඩි විශ්වාසය බලවත් කරනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් තුළ දැඩි බිය මම හෙළමි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! යුද පිටියේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මැරී වැටෙන්නට ඔවුන්ගේ බෙලි කපා දමනු. නුඹලා සමග ඔවුන් නැවත යුද නොවදින පරිදි ඔවුන්ගේ අස්ථි හා ඔවුන්ගේ ඉලපත් වලට පහර දෙනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِاَنَّهُمْ شَآقُّوا اللّٰهَ وَرَسُوْلَهٗ ۚ— وَمَنْ یُّشَاقِقِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කිරීම" ඔවුන්ගේ ශරීරයට පහර දීම යනාදී සිදුවීම් සිදු වූයේ සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ බැවිණි. ඔවුනට අණ කරනු ලැබූ පරිදි ඔවුන් පාලනය නොකළෝය. ඔවුන් වළක්වනු ලැබූ දැයින් වැළකී නොසිටියෝය. කවරෙකු එම විෂයයෙහි අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කරන්නේද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු ඝාතනයට ලක් කරමින් හෝ සිරගත කරමින් මෙලොවෙහි දැඩි දඬුවමට ලක් කරන අතර මතු ලොවෙහි නිරා ගින්නෙන් දඬුවම් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكُمْ فَذُوْقُوْهُ وَاَنَّ لِلْكٰفِرِیْنَ عَذَابَ النَّارِ ۟
අහෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට එරෙහි ව කටයුතු කරන්නනි! සඳහන් කරන ලද එම දඬුවම් නුඹලාට සතුය. එහෙයින් මෙලොව ජීවිතයේ කල් ඇති ව ලබා දෙන්නක් වශයෙන් නුඹලා එය විඳිනු. එමෙන්ම නුඹලා ප්රතික්ෂේපයේ හා මුරණ්ඩුකමේ සිටියදීම නුඹලා මිය ගියේ නම් නුඹලාට නිරා ගින්නේ දඬුවම මතු ලොවෙහි ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا لَقِیْتُمُ الَّذِیْنَ كَفَرُوْا زَحْفًا فَلَا تُوَلُّوْهُمُ الْاَدْبَارَ ۟ۚ
අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! යුද බිමේ දෙවියන් ආදේශ කරන්නන් ඉතා කිට්ටුවෙන් මුහුණට මුහුණ මුණ ගැසුණේ නම් නුඹලා ඔවුනට බියෙන් ඔවුන්ගෙන් හැරී පෙරළා නැවත නොඑනු. ඔවුන් ඉදිරියේ ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ හමු ව නුඹලා දරා ගනු. ජය හා ස්ථාවරත්ය සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලා සමග සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یُّوَلِّهِمْ یَوْمَىِٕذٍ دُبُرَهٗۤ اِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ اَوْ مُتَحَیِّزًا اِلٰی فِئَةٍ فَقَدْ بَآءَ بِغَضَبٍ مِّنَ اللّٰهِ وَمَاْوٰىهُ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
යුද උපක්රමයක් ලෙස තමන් පසුබසින බව ඔවුනට පෙන්වා නැවත ඔවුන් වෙත හැරී ඒමේ බලාපොරොත්තුවෙන් හෝ මුස්ලිම් සේනාවකට එකතු වී ඔවුනට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් තොරව කවරෙකු ඔවුන්ගෙන් පෙරළා පලා යන්නේද ඔවුන් එසේ හැරී එනුයේ අල්ලාහ්ගේ කෝපය සහිතවය. එය ඔවුනට හිමි වනු ඇත. මතු ලොවෙහි ඔහුගේ නවාතැන නිරයයි. ඔහු එසේ යන තැන ඉතා නපුරුය. එසේ ඔහු පෙරළා යන ස්ථානය ද නපුරුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات اعتناء الله العظيم بحال عباده المؤمنين، وتيسير الأسباب التي بها ثبت إيمانهم، وثبتت أقدامهم، وزال عنهم المكروه والوساوس الشيطانية.
•තම දේව විශ්වාසී ගැත්තන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ්ගේ සැලකිලිමත් භාවය, ඔවුන්ගේ විශ්වාසය ස්ථීර කරන ඔවුන්ගේ පාද ස්ථාවර කරන හේතු කාරණා පහසු කිරීම. හෙළා දකිනු ලබන හා ෂාතානීය කුතුහලයන් ඔවුන්ගෙන් ඉවත් කිරීම යනාදිය මෙම පාඨයන්හි අන්තර්ගත වී ඇත.

• أن النصر بيد الله، ومن عنده سبحانه، وهو ليس بكثرة عَدَدٍ ولا عُدَدٍ مع أهمية هذا الإعداد.
•සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ දෑතෙහිය. සුවිශුද්ධ ඔහු අබියසින් පැමිණෙන්නකි. එය සූදානම් වීම සඳහා වැදගත්කමක් ලබා දී, ඒ සමගම ප්රමාණයෙන් හා සංඛ්යාවෙන් අධිකත්වය මත හිමිවන්නක් නොවේ.

• الفرار من الزحف من غير عذر من أكبر الكبائر.
•කිසිදු සාධාරණ හේතුවකින් තොරව යුද පිටියෙන් පලා යෑම මහා පාපයන්ගෙන් එකකි.

• في الآيات تعليم المؤمنين قواعد القتال الحربية، ومنها: طاعة الله والرسول، والثبات أمام الأعداء، والصبر عند اللقاء، وذِكْر الله كثيرًا.
•මෙම පාඨ වල යුදමය නීතිරීති පිළිබඳ ඉගැන්වීමක් මුඃමින්වරුන්හට කර ඇත. ඒ අතරින්, අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වීම, සතුරන් හමුවන අවස්ථාවේ ඉවසීමෙන් යුද වැදීම, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම වේ.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አንፋል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት