Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ   አንቀጽ:

අත් තව්බා

ከመዕራፉ ዓላማዎች:
البراءة من المشركين والمنافقين وجهادهم، وفتح باب التوبة للتائبين.
දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගෙන් හා කුහකයින්ගෙන් නිදහස් වීම, ඔවුන් සමග අරගල කිරීම හා පාප ක්ෂමාවෙහි නිරත වන්නන් හට පශ්චාත්තාප වීමේ දොරටුව විවෘත කර තිබීම.

بَرَآءَةٌ مِّنَ اللّٰهِ وَرَسُوْلِهٖۤ اِلَی الَّذِیْنَ عٰهَدْتُّمْ مِّنَ الْمُشْرِكِیْنَ ۟ؕ
මෙය අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගේ බන්ධනයෙන් නිදහස් වීමයි. අහෝ මුස්ලිම්වරුනි! අරාබි ද්වීපයේ වෙසෙන දේව ආදේශකයින් සමග නුඹලා ගිවිසගත් ගිවිසුම අවසන් බවට දැනුම් දීමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسِیْحُوْا فِی الْاَرْضِ اَرْبَعَةَ اَشْهُرٍ وَّاعْلَمُوْۤا اَنَّكُمْ غَیْرُ مُعْجِزِی اللّٰهِ ۙ— وَاَنَّ اللّٰهَ مُخْزِی الْكٰفِرِیْنَ ۟
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා මහපොළොවේ මාස හතරක් සුරක්ෂිතව සැරිසරනු. ඉන් පසු නුඹලාට කිසිදු ගිවිසුමක් හෝ කිසිදු ආරක්ෂාවක් හෝ නොමැත. නුඹලා කවර කරුණක් ප්රතික්ෂේප කළේ ද, එවන් දෑ හි අඛණ්ඩ ව සිටින්නේ නම් අල්ලාහ්ගේ විපාකයෙන් හා ඔහුගේ දඬුවමින් සැබැවින්ම නුඹලා මිදෙන්නේ නැති බව තරයේ විශ්වාස කරනු. එමෙන්ම දෙවියන්ට ආදේශ තබන්නන්, මෙලොවෙහි ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගත කරනු ලැබීමෙන් අවමානයට පත් වන බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට පිවිසීමෙන් අවමානයට පත් වන බවත් නුඹලා තරයේ විශ්වාස කරනු. තම ගිවිසුම් කඩ කරන්නන් හා නිශ්චිත ගිවිසුමකින් තොර පොදු ගිවිසුමක පසුවන්නන් ද මෙහි ඇතුළත් වන්නේය. සැබැවින්ම නිෂ්චිත ගිවිසුමක් ඇති අය වනාහි, මාස හතරකට වඩා අධික වූයේ නම් එවිට ඔහුගේ ගිවිසුම එහි නියමිත කාලය දක්වාම පූර්ණ කරනු ලැබිය යුතු වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَذَانٌ مِّنَ اللّٰهِ وَرَسُوْلِهٖۤ اِلَی النَّاسِ یَوْمَ الْحَجِّ الْاَكْبَرِ اَنَّ اللّٰهَ بَرِیْٓءٌ مِّنَ الْمُشْرِكِیْنَ ۙ۬— وَرَسُوْلُهٗ ؕ— فَاِنْ تُبْتُمْ فَهُوَ خَیْرٌ لَّكُمْ ۚ— وَاِنْ تَوَلَّیْتُمْ فَاعْلَمُوْۤا اَنَّكُمْ غَیْرُ مُعْجِزِی اللّٰهِ ؕ— وَبَشِّرِ الَّذِیْنَ كَفَرُوْا بِعَذَابٍ اَلِیْمٍ ۟ۙ
‘යව්මුන් නහ්ර්’ හෙවත් හජ් අවුරුදු දිනක සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තබන්නන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් එලෙසම ඔහුගේ දූතයාණන් ද ඔවුන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් අල්ලාහ්ගෙන් වූ දැනුම් දීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ගෙන් වූ දැනුම් දීමකි. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා තබන ආදේශයෙන් මිදී පාප ක්ෂමා ව අයැද සිටියේ නම් නුඹලාගේ පාප ක්ෂමා ව නුඹලාට යහපතක් වනු ඇත. පාප ක්ෂමා ව අයැදීමට නුඹලා පිටුපාන්නෙහු නම් ස්ථීර ව දැන ගනු! නුඹලා අල්ලාහ්ගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. අහෝ දූතය! ප්රතික්ෂේප කළ ඔවුනට අත්වන අභාග්යය පිළිබඳ තොරතුරු ඔවුනට දන්වා සිටිනු. එය ඔවුන් පිළිබඳ අපේක්ෂාවෙන් සිටින වේදනා සහගත දඬුවමකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا الَّذِیْنَ عٰهَدْتُّمْ مِّنَ الْمُشْرِكِیْنَ ثُمَّ لَمْ یَنْقُصُوْكُمْ شَیْـًٔا وَّلَمْ یُظَاهِرُوْا عَلَیْكُمْ اَحَدًا فَاَتِمُّوْۤا اِلَیْهِمْ عَهْدَهُمْ اِلٰی مُدَّتِهِمْ ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَّقِیْنَ ۟
නමුත්, දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් නුඹලා ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගත් අය හැර. ඔවුන් නුඹලාගේ ගිවිසුම ඉටු කළෝය. ඒ කිසිවක් ඔවුන් උල්ලංඝනය නොකළෝය. පෙර සඳහන් නීතියෙන් ඔවුන් වෙන් වන්නෝ වෙති. එහෙයින් ඔවුන්ගේ ගිවිසුම් එහි නියමිත කාලය අවසන් වන තෙක් ඔවුන් වෙනුවෙන් ඉටු කරනු. අල්ලාහ් ඔහුගේ නියෝග පිළිපදින බැතිමතුන්ට ප්රිය කරන්නේය. ගිවිසුම ඉටු කිරීමත් ඉන් එකකි. එමෙන්ම ඔහු තහනම් කළ දැයින් හා ගිවිසුම කඩ කිරීමෙන් වැළකී සිටින බැතිමතුන්ට ද ප්රිය කරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا انْسَلَخَ الْاَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِیْنَ حَیْثُ وَجَدْتُّمُوْهُمْ وَخُذُوْهُمْ وَاحْصُرُوْهُمْ وَاقْعُدُوْا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ— فَاِنْ تَابُوْا وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ فَخَلُّوْا سَبِیْلَهُمْ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
නුඹලාගේ සතුරන්ට රැකවරණය දුන් ගෞරවනීය මාස අවසන් වූ විට, නුඹලා ඔවුන් හමු වන තැන මරා දමනු. ඔවුන්ගේ බලකොටු ආක්රමණය කරනු. ඔවුන් යන එන මාර්ග වල ඔවුනට පහර දෙනු. දෙවියන්ට ආදේශ කිරීමෙන් මිදී, අල්ලාහ් වෙත පශ්චාත්තාප වී, සලාතය ද විධිමත් ව ඉටු කර ඔවුන්ගේ වස්තුවෙන් ඔවුන් සකාත් දුන්නේ නම් සැබැවින්ම ඉස්ලාමය තුළ නුඹලාගේ සහෝදරයන් අතරට ඔවුන් ද පත් වනු ඇත. එවිට නුඹලා ඔවුන් සමග අරගල කිරීම අතහැර දමනු. අල්ලාහ් තම ගැත්තන් අතරින් පාප සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ اَحَدٌ مِّنَ الْمُشْرِكِیْنَ اسْتَجَارَكَ فَاَجِرْهُ حَتّٰی یَسْمَعَ كَلٰمَ اللّٰهِ ثُمَّ اَبْلِغْهُ مَاْمَنَهٗ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَعْلَمُوْنَ ۟۠
දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් කෙනෙකු ජීවිතය හා වස්තුව පරදුවට තබමින් නුඹගෙන් අසල්වැසිභාවය ඉල්ලා සිටින්නේ නම් අහෝ දූතය! ඔවුන් අල් කුර්ආනයට සවන් දෙන තෙක් ඔවුන්ගේ ඉල්ලීමට ප්රතිචාර දක්වනු. පසුව ඔවුන් සුරක්ෂිත ස්ථානයකට සේන්දු කරවනු. ඊට හේතුව සැබැවින්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මෙම දහමේ යථාර්ථය පිළිබඳ නොදන්නා පිරිසක් වන බැවිණි. ඔවුන් මෙම කුර්ආන් පාරායනයට සවන් දී ඒ ගැන වටහා ගත්තේ නම් ඇතැම් විට ඔවුන් යහමග ලබන්නට පුළුවන.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات دليل واضح على حرص الإسلام على تسوية العلاقات الخارجية مع الأعداء على أساس من السّلم والأمن والتّفاهم.
•සාමය, ආරක්ෂාව හා අවබෝධය යන පදනම යටතේ සතුරන් සමග වූ බාහිර සම්බන්ධයක් මධ්යස්ථ ව කටයුතු කිරීම සඳහා ඉස්ලාමය දැඩි කැමැත්තක් දක්වන බවට මෙම පාඨවල පැහැදිලිව පෙන්වා දී ඇත.

• الإسلام يُقَدِّر العهود، ويوجب الوفاء بها، ويجعل حفظها نابعًا من الإيمان، وملازمًا لتقوى الله تعالى.
•ඉස්ලාමය ගිවිසුම් සීමා කර ඇත. ඒවා ඉටු කිරීම අනිවාර්යය වෙයි. එය ආරක්ෂා කිරීම දේව විශ්වාසයේ මූලිකාංගයක් බවට පත් කර ඇත. එමෙන්ම අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වය අනිවාර්යය කරන්නක් බවට පත් කර ඇත.

• أَنَّ إقامة الصّلاة وإيتاء الزّكاة دليل على الإسلام، وأنهما يعصمان الدّم والمال، ويوجبان لمن يؤدّيهما حقوق المسلمين من حفظ دمه وماله إلا بحق الإسلام؛ كارتكاب ما يوجب القتل من قتل النفس البريئة، وزنى الزّاني المُحْصَن، والرّدّة إلى الكفر بعد الإيمان.
•සලාතය විධිමත් ව ඉටු කිරීම හා සකාත් පිරිනැමීම ඉස්ලාමයේ සාධකයකි. සැබැවින්ම ඒ දෙක ජීවිතයට හා වස්තුවට රැකවරණයකි. එම වගකීම් දෙක පිළිපදින්නන්හට මුස්ලිම්වරුන් සතු අයිතිවාසිකම්, එනම් ඔහුගේ ජීවිතයට හා ඔහුගේ වස්තුවට රැකවරණය සැලසීම අනිවාර්යය වන්නේය. නමුත් නිකරුණේ මිනිස් ඝාතනය, විවාහක කෙනෙකු කාමයේ වරදවා හැසිරීම, දේව විශ්වාසයෙන් පසුව වංචනික ලෙස දේව ප්රතික්ෂේපය වෙත නැවත හැරී යාම යනාදී ඉස්ලාමීය අයිතිය මත නියම වූ මරණ දඬුවම අනිවාර්යය කරන වරදක දී මිස.

• مشروعيّة الأمان؛ أي: جواز تأمين الحربي إذا طلبه من المسلمين؛ ليسمع ما يدلّ على صحّة الإسلام، وفي هذا سماحة وتكريم في معاملة الكفار، ودليل على إيثار السِّلم.
•රැකවරණය ලබා දීම ආගමික කටයුත්තක් බවට පත් කර ඇත. එනම් යුද සෙබලෙකු මුස්ලිම්වරුන්ගෙන් රැකවරණය පැතූ විට ඉස්ලාමයේ නිවැරදිතාව පෙන්වා දෙන කරුණු වලට සවන් දීමට සලස්වමින් ඔහුට රැකවරණය ලබා දීම අනුමතය. මෙම සමාව හා ගරුකිරීම දේව ප්රතික්ෂෙපකයින් සමග ගනු දෙනු කිරීමෙහි පිහිටන්නකි. සමාදානය දිරිගැන්වීම පිළිබඳ සාධකයක් ද මෙහි පැමිණ ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት