Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ   አንቀጽ:
كَیْفَ یَكُوْنُ لِلْمُشْرِكِیْنَ عَهْدٌ عِنْدَ اللّٰهِ وَعِنْدَ رَسُوْلِهٖۤ اِلَّا الَّذِیْنَ عٰهَدْتُّمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۚ— فَمَا اسْتَقَامُوْا لَكُمْ فَاسْتَقِیْمُوْا لَهُمْ ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَّقِیْنَ ۟
දෙවියන්ට ආදේශ තැබූවන්හට අල්ලාහ් සමග ගිවිසුමක් හෝ අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් රැකවරණයක් හෝ තිබීම නිවැරදි කරුණක් නොවන්නේය. නමුත් අහෝ මුස්ලිම්වරුනි! හුදෙයිබියා ගිවිසුමෙහි මස්ජිද් හරාම් අබියස නුඹලා දේව ආදේශකයින් සමග ගිවිස ගත් ඔවුන්ගේ ගිවිසුම හැර. නුඹලා අතර හා ඔවුන් අතර පවතින ගිවිසුමක් මත ඔවුන් පිහිටා එය කඩ නොකර, නුඹලාට එය ඉටු කරන්නේ නම් නුඹලා එය කඩ නොකරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කරන බැතිමතුන් කෙරෙහි අල්ලාහ් ප්රිය කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَیْفَ وَاِنْ یَّظْهَرُوْا عَلَیْكُمْ لَا یَرْقُبُوْا فِیْكُمْ اِلًّا وَّلَا ذِمَّةً ؕ— یُرْضُوْنَكُمْ بِاَفْوَاهِهِمْ وَتَاْبٰی قُلُوْبُهُمْ ۚ— وَاَكْثَرُهُمْ فٰسِقُوْنَ ۟ۚ
ඔවුන් නුඹලාගේ සතුරන් ව සිටිය දී ගිවිසුමක් හා ආරක්ෂාවක් ඔවුනට ඇතිවිය හැකි ද? ඔවුන් නුඹලා ව ජය ගත්තේ නම් අල්ලාහ් නුඹලා සමග සිටින බව හෝ සමීප බව හෝ සැලකිලිමත් නොවෙති. එමෙන්ම ගිවිසුම පිළිබඳ ව ද ඔවුහු සැලකිලිමත් නොවෙති. ඒ වෙනුවට ඔවුහු නුඹලාට දරුණු ලෙස දඬුවම් කරනු ඇත. ඔවුන්ගේ දිවවල් කවර යහපත් ප්රකාශයක් පවසන්නේ ද එමගින් ඔවුන් නුඹලා ව තෘප්තියට පත් කළ ද ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ කට වචනයට අවනත නොවනු ඇත. එහෙයින් ඔවුන් පවසන දෑ ඉටු කරන්නේ නැත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ගිවිසුම කඩ කළ හේතුවෙන් අල්ලාහ්ට අවනතවීමෙන් ඉවත් වූවෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِشْتَرَوْا بِاٰیٰتِ اللّٰهِ ثَمَنًا قَلِیْلًا فَصَدُّوْا عَنْ سَبِیْلِهٖ ؕ— اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුහු විරෝධය පෑහ. ගිවිසුම ඉටු කරන මෙන් සඳහන් අල්ලාහ්ගේ වදන් අනුගමනය කිරීමෙන් වැළකී, ඒ වෙනුවට තම ආශාවන් හා තම කැමත්ත වෙත සේන්දු කරවන මෙලොව සුන්බුන් වලින් සුළු මිලක් ගත්තෝය. සත්ය අනුගමනය කිරීමෙන් ඔවුහු තමන් ව වළක්වා ගත්තෝය. එය හෙළා දුටුවෝය. සෙසු අය ද සත්යයෙන් වැළැක්වූහ. සැබැවින්ම ඔවුන් සිදුකරමින් සිටි ඔවුන්ගේ ක්රියාව නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَرْقُبُوْنَ فِیْ مُؤْمِنٍ اِلًّا وَّلَا ذِمَّةً ؕ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُعْتَدُوْنَ ۟
දේව විශ්වාසියෙකු විෂයෙහි අල්ලාහ් පිළිබඳ ව හෝ සමීප ඥාතීන් පිළිබඳ ව හෝ ගිවිසුම පිළිබඳ ව හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. එය ඔහු කෙරෙහි ඔවුන් තුළ පවතින සතුරුකම හේතුවෙනි. එහෙයින් ඔවුන් ගැන කවර අපරාධයක් හා සතුරුකමක් විස්තර කරනු ලැබුවේ ද එලෙස ඔවුහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවූවෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ تَابُوْا وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ فَاِخْوَانُكُمْ فِی الدِّیْنِ ؕ— وَنُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
ප්රතික්ෂේප කළ ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ප්රතිපත්තිමය ප්රකාශ දෙක පවසා, සලාතය විධිමත් ව ඉටු කර, ඔවුන්ගේ වස්තුවෙන් සකාත් ද පිරිනැමුවේ නම් සැබැවින්ම ඔවුන් දෙවියන්ට අවනත වූ මුස්ලිම්වරුන් බවට පත් වනු ඇත. දහම තුළ ඔවුන් නුඹලාගේ සහෝදරයෝ වෙති. නුඹලා සතු දෑ ඔවුනට ද සතුය. නුඹලා මත පැවරෙන දෑ ඔවුන් වෙත ද පැවරෙනු ඇත. ඔවුන් ඝාතනය කිරීම නුඹලාට අනුමත නැත. ඔවුන්ගේ ඉස්ලාමය විසින් ඔවුන්ගේ ප්රාණය, ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ මාන්යය සුරකිනු ලබනු ඇත. වටහා ගන්නා ජනයාට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු. එමගින් ඔවුන් ප්රයෝජන ලබනු ඇත. එමෙන්ම ඔවුන් හැර වෙනත් අය ද ප්රයෝජන ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ نَّكَثُوْۤا اَیْمَانَهُمْ مِّنْ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوْا فِیْ دِیْنِكُمْ فَقَاتِلُوْۤا اَىِٕمَّةَ الْكُفْرِ ۙ— اِنَّهُمْ لَاۤ اَیْمَانَ لَهُمْ لَعَلَّهُمْ یَنْتَهُوْنَ ۟
නියමිත කාලයක් දක්වා යුද වැදීම අතහැර දමන බවට නුඹලා ගිවිසුම් ඇති කර ගත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඔවුන්ගේ ගිවිසුම් හා ප්රතිඥාවන් කඩ කරන්නේ නම්, ඔවුන් නුඹලාගේ දහමට දොස් නගන්නේ නම්, ඒ ගැන අඩුපාඩු කියන්නේ නම් නුඹලා ඔවුන් සමග සටන් කරනු. ඔවුන් ප්රතික්ෂේපයේ නායකයින් හා ප්රධානීන් වෙති. ඔවුන්ගේ ප්රාණ රඳවා තබන ගිවිසුම් හෝ ප්රතිඥා ඔවුනට නැත. ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් හා ගිවිසුම් කඩකිරීමෙන් වැළකී සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙන් නුඹලා ඔවුන් සමග සටන් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَا تُقَاتِلُوْنَ قَوْمًا نَّكَثُوْۤا اَیْمَانَهُمْ وَهَمُّوْا بِاِخْرَاجِ الرَّسُوْلِ وَهُمْ بَدَءُوْكُمْ اَوَّلَ مَرَّةٍ ؕ— اَتَخْشَوْنَهُمْ ۚ— فَاللّٰهُ اَحَقُّ اَنْ تَخْشَوْهُ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! තම ගිවිසුම් හා ප්රතිඥා කඩ කරන පිරිසක් සමග නුඹලා යුද නොවදිනුයේ මන් ද? ඔවුන් දාරුන් නද්වා හි ඔවුන්ගේ රැස්වීම් වලදී දූතයාණන් ව මක්කාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කළෝය. නබි තුමාණන්ට දිවුරුම් දුන් කුසාආ ගෝත්රයට එරෙහි ව කුරෙය්ෂ්වරුන්ට දිවුරුම් දුන් බක්රා ගෝත්රයට ඔවුන් උපකාර කළ අවස්ථාවේ පළමු වරට යුද්ධය ආරම්භ කළේ ඔවුහුය. නුඹලා ඔවුනට බිය වී ඔවුන් සමග යුද වැදීමට පෙරමුණ නොගන්නෙහු ද? නුඹලා සැබෑ විශ්වාසීන් නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා පිවිතුරු අල්ලාහ්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دلَّت الآيات على أن قتال المشركين الناكثين العهد كان لأسباب كثيرة، أهمها: نقضهم العهد.
•ගිවිසුමට විරුද්ධ ව කටයුතු කරන දේවත්වය ආදේශ කරන්නන් සමග සටන් කිරීම හේතු කාරණා බොහෝමයක් මත පිහිටන බව මෙම පාඨය පෙන්වා දෙයි. ඒ අතරින් වඩාත් බරපතළ වනුයේ ඔවුන් විසින් ගිවිසුම් කඩ කිරීමයි.

• في الآيات دليل على أن من امتنع من أداء الصلاة أو الزكاة فإنه يُقاتَل حتى يؤديهما، كما فعل أبو بكر رضي الله عنه.
•කවරෙකු සලාතය ඉටු කිරීමෙන් හා සකාත් පිරිනැමීමෙන් වැළකී සිටින්නේ ද ඔහු ඒ යුතුකම් දෙක ඉටු කරන තෙක් අබූ බක්ර් තුමා කටයුතු කළ අයුරින් සටන් කරන මෙන් මෙම වදන් පෙන්වා දෙයි.

• استدل بعض العلماء بقوله تعالى:﴿وَطَعَنُوا فِي دِينِكُمْ﴾ على وجوب قتل كل من طعن في الدّين عامدًا مستهزئًا به.
• "නුඹලාගේ දහමේ දොස් නගන්නන්" යන අල්ලාහ්ගේ ප්රකාශය සාධකයක් ලෙස ගෙන නින්දාසහගතව උවමනාවෙන්ම දහම විෂයයෙහි දොස් නගන සෑම කෙනෙකු සමගම සටන් වැදීම අනිවාර්යය බව ඇතැම් විද්වත්හු පෙන්වා දෙති.

• في الآيات دلالة على أن المؤمن الذي يخشى الله وحده يجب أن يكون أشجع الناس وأجرأهم على القتال.
•අල්ලාහ්ට පමණක් බිය වන මුඃමින්වරයා, සටන් කිරීම සඳහා ජනයා අතර වඩාත් ධෛර්යවන්ත හා වඩාත් ශක්තිමත් අයකු වීම අනිවාර්යය බව මෙම පාඨ පෙන්වා දෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት