Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (118) ምዕራፍ: አት-ተውባህ
وَّعَلَی الثَّلٰثَةِ الَّذِیْنَ خُلِّفُوْا ؕ— حَتّٰۤی اِذَا ضَاقَتْ عَلَیْهِمُ الْاَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَیْهِمْ اَنْفُسُهُمْ وَظَنُّوْۤا اَنْ لَّا مَلْجَاَ مِنَ اللّٰهِ اِلَّاۤ اِلَیْهِ ؕ— ثُمَّ تَابَ عَلَیْهِمْ لِیَتُوْبُوْا ؕ— اِنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحِیْمُ ۟۠
ප්රමාද වූ කඃබ් ඉබ්නු මාලික්, මුරාරා ඉබ්නු අර් රබීඃ හා හිලාල් ඉබ්නු උමෙය්යා යන තිදෙනාගේ පශ්චාත්තාපය පිළිගෙන අල්ලාහ් ඔවුනට සමාව දානය කළේය. අල්ලාහ්ගේ දූතයාණන් සමග තබූක් යුද්ධය සඳහා පිටත් වීමෙන් ඔවුන් පසුබැස්සායින් පසු ඔවුන්ගේ පශ්චාත්තාපය භාර ගැනීම ප්රමාද කරනු ලැබීය. එහෙයින් ඔවුන්ගෙන් ඈත් ව කටයුතු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ජනයාට නියෝග කළේය. මහපොළොවේ විශාලත්වය ඔවුනට පටුවන තරමට එම කරුණ ඔවුනට දුක හා වේදනාව ගෙන දුන්නේය. ඔවුනට අත් වූ තනිකම හේතුවෙන් ඔවුන්ගේ හදවත් පීඩනයට පත් විය. අල්ලාහ් වෙත පමණක් යොමු වීමෙන් මිස යොමුවන්නට වෙනත් තැනක් නොමැති බව ඔවුන් වටහා ගත්තෝය. පසුව අල්ලාහ් පාප ක්ෂමාව සඳහා ඔවුනට ආශිර්වාද කිරීමෙන් ඔවුනට කරුණාව දැක්වීය. පසුව ඔවුන්ගේ පශ්චාත්තාය පිළිගත්තේය. සැබැවින් ඔහු තම ගැත්තන් හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب تقوى الله والصدق وأنهما سبب للنجاة من الهلاك.
•අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වය හා සත්ය කතා කිරීම අනිවාර්යය වන්නේය. සැබැවින්ම මෙවා දෙකම විනාශයෙන් ආරක්ෂා ව ලබන්නට හේතුවක් වන්නේය.

• عظم فضل النفقة في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ මහිමය.

• وجوب التفقُّه في الدين مثله مثل الجهاد، وأنه لا قيام للدين إلا بهما معًا.
•ජිහාද් මෙන් ම දහම පිළිබඳ අවබෝධය ලැබීමේ අනිවාර්යය භාවය. මේ දෙකම එකට මිස දහම පිහිටන්නේ නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (118) ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት