የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (16) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
اَمْ حَسِبْتُمْ اَنْ تُتْرَكُوْا وَلَمَّا یَعْلَمِ اللّٰهُ الَّذِیْنَ جٰهَدُوْا مِنْكُمْ وَلَمْ یَتَّخِذُوْا مِنْ دُوْنِ اللّٰهِ وَلَا رَسُوْلِهٖ وَلَا الْمُؤْمِنِیْنَ وَلِیْجَةً ؕ— وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟۠
අහෝ දේව විශ්වාසී ජනයිනි! කිසිදු පරීක්ෂණයකින් තොරව අල්ලාහ් නුඹලා ව අතහැර දමනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? පරීක්ෂාවට ලක් කිරීම ඔහුගේ න්යායයන් අතරින් එක් න්යායයකි. නුඹලා අතරින් අල්ලාහ් සමග හෝ ඔහුගේ දූතයාණන් සමග හෝ දේවත්වය විශ්වාස කරන සෙසු මුඃමින්වරුන් සමග හෝ හැර එමෙන්ම දේව ප්රතික්ෂේපකයින් සමඟ රහසිගත ව මිතුදම් නොපාන අල්ලාහ්ට අවංකව කැපවන ගැත්තන් කවුරුන්දැයි ද, ඔවුන් අතර සාධාරණ ව කටයුතු කරන නිර්මල උදවිය කවුරුන්දැයි ද, අල්ලාහ් ප්රත්යක්ෂ කර ගන්නා තෙක් නුඹලාව පරීක්ෂාවට භාජනය කරනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات دلالة على محبة الله لعباده المؤمنين واعتنائه بأحوالهم، حتى إنه جعل من جملة المقاصد الشرعية شفاء ما في صدورهم وذهاب غيظهم.
•සමස්ත ආගමික අපේක්ෂාවන් තුළින් ඔවුන්ගේ සිත් තුළ ඇති දෑ සුවපත් කර, ඔවුන්ගේ ක්රෝධය පහ කරන තෙක් අල්ලාහ් තම ගැත්තන් හට තම ආදරය දක්වන බවත්, ඔවුන්ගේ සියලුම තත්ත්වයන්හි ඔවුන් රැකබලා ගන්නා බවත් මෙම පාඨ වල පෙන්වා දී ඇත.

• شرع الله الجهاد ليحصل به هذا المقصود الأعظم، وهو أن يتميز الصادقون الذين لا يتحيزون إلا لدين الله من الكاذبين الذين يزعمون الإيمان.
•මෙම මහගු අපේක්ෂාව එතුළින් ලබා ගනු පිණිස ජිහාදය අල්ලාහ් ආගමානුගත කළේය. එය දෙවියන් විශ්වාස කරන බව පවසන බොරුකාරයින්ගෙන් අල්ලාහ්ගේ දහම වෙනුවෙන් පමණක් උද්යෝගයෙන් කටයුතු කරන සත්යවාදීන් වෙන් කිරීමය.

• عُمَّار المساجد الحقيقيون هم من وُصِفوا بالإيمان الصادق، وبالقيام بالأعمال الصالحة التي أُمُّها الصلاة والزكاة، وبخشية الله التي هي أصل كل خير.
• දේවස්ථාන පරිපාලනය කිරීමට සැබෑ උරුමක්කරුවන් වනුයේ, සැබෑ දේව විශ්වාසය, දැහැමි ක්රියාවන් ඉටු කිරීම -ඒවා අතරින් සලාතය හා සකාතය මූලික වන්නේය.- හා සියලු දෑ හී මූලය වන අල්ලාහ් ට බියවීම යනාදි කරුණුවලින් විස්තර කරනු ලැබුවෝය.

• الجهاد والإيمان بالله أفضل من سقاية الحاج وعمارة المسجد الحرام بدرجات كثيرة؛ لأن الإيمان أصل الدين، وأما الجهاد في سبيل الله فهو ذروة سنام الدين.
•මස්ජිද් හරාමය පරිපාලය කිරීම, හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීම යනාදියට වඩා අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම හා ඔහු පිළිබඳ විශ්වාසය තැබීම බොහෝ තරාතිරම් වලින් උසස් වන්නේය. ඊට හේතුව දේව විශ්වාසය යනු දහමේ මූලය වන අතරම ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම එහි උච්චතම අවස්ථාව වන බැවිණි.

 
የይዘት ትርጉም አንቀጽ: (16) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት