የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (36) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
اِنَّ عِدَّةَ الشُّهُوْرِ عِنْدَ اللّٰهِ اثْنَا عَشَرَ شَهْرًا فِیْ كِتٰبِ اللّٰهِ یَوْمَ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ مِنْهَاۤ اَرْبَعَةٌ حُرُمٌ ؕ— ذٰلِكَ الدِّیْنُ الْقَیِّمُ ۙ۬— فَلَا تَظْلِمُوْا فِیْهِنَّ اَنْفُسَكُمْ ۫— وَقَاتِلُوا الْمُشْرِكِیْنَ كَآفَّةً كَمَا یُقَاتِلُوْنَكُمْ كَآفَّةً ؕ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ مَعَ الْمُتَّقِیْنَ ۟
අහස් හා මහ පොළොව මැවූ දා පටන් සටහන් පුවරුවේ අල්ලාහ් ස්ථීර කර ඇති පරිදි අල්ලාහ්ගේ නියමයේ හා න්යායයේ වසරේ මාස ගණන දොළොසකි. එම මාස දොළොසින් මාස හතරක යුද වැදීම අල්ලාහ් තහනම් කළේය. එය එකිනෙක පර ව එන දුල් කඃදා, දුල් හිජ්ජා සහ මුහර්රම් යන මාස තුන හා වෙනමම එන රජබ් මාසයයි. සඳහන් කරනු ලැබූ මේ මාස ගණන හා ඒ අතරින් තහනම් කරන ලද මාස හතර වනාහි ඍජු ධර්මතාව එයයි. මෙම පිවිතුරු මාස වල යුද්ධ ඇති කරමින් නුඹලා නුඹලාටම අපරාධ නොකරනු. එහි ගෞරවය නොකෙලසනු. ඔවුන් නුඹලා සියල්ලන් සමග සටන් කරන්නාක් මෙන් නුඹලා ද ඔවුන් සියල්ලන් සමග සටන් කරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන් සමග ජයග්රහණයේ දී හා ජය තහවුරු කිරීමේ දී අල්ලාහ් සිටින බව දැන ගනු. කවරෙකු සමග අල්ලාහ් සිටින්නේ ද එවිට කිසිවකු ඔහු අභිබවා යා නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دين الله ظاهر ومنصور مهما سعى أعداؤه للنيل منه حسدًا من عند أنفسهم.
•ඉස්ලාමයේ සතුරන් තමන් තුළ වූ ඊර්ෂ්යාව හේතුවෙන් අල්ලාහ්ගේ දහම යටපත් කිරීමට කෙතරම් උත්සාහ කළත් එම දහම ප්රසිද්ධියට පත්වන්නකි. උදව් ලබන්නකි.

• تحريم أكل أموال الناس بالباطل، والصد عن سبيل الله تعالى.
•අයුතු ලෙස ජනයාගේ සම්පත් සූරා කෑමේ හා අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුන් වැළැක්වීමේ තහනම.

• تحريم اكتناز المال دون إنفاقه في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ ධනය වියදම් නොකර එය රැස් කර තබා ගැනීමේ තහනම.

• الحرص على تقوى الله في السر والعلن، خصوصًا عند قتال الكفار؛ لأن المؤمن يتقي الله في كل أحواله.
•ප්රසිද්ධියේ මෙන්ම රහසිගත ව අල්ලාහ් පිළිබඳ වූ භක්තිමත්භාවය සහතික කිරීම. විශේෂයෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග යුද වදින අවස්ථාවෙහි සහතික කළ යුත්තක් ව ඇත. ඊට හේතුව සැබැවින්ම මුඃමින්වරයා තමන්ගේ සියලුම කටයුතු වලදී අල්ලාහ් පිළිබඳ ව ශ්රද්ධාවෙන් කටයුතු කරන බැවිණි.

 
የይዘት ትርጉም አንቀጽ: (36) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት