Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (44) ምዕራፍ: አት-ተውባህ
لَا یَسْتَاْذِنُكَ الَّذِیْنَ یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ اَنْ یُّجَاهِدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالْمُتَّقِیْنَ ۟
අහෝ දූතය! සැබෑ විශ්වාසයකින් යුතුව අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව හා තම ජීවිත පරදුවට තබා කැපවීම සඳහා ප්රමාද වීමට ඔබෙන් අනුමැතිය පැතීම ඔවුන්ගේ කටයුත්තක් නොවන්නේය. ඔවුන්ගේ කරුණ වනුයේ ඔබ ඔවුන් කැඳ වූ අවස්ථාවේ එසේ පෙරළා පැමිණ ඔවුන්ගේ ප්රාණය හා වස්තුව පරදුවට තබා සටන් කිරීමය. ඔබ සමග පිටත් වීමට ඔවුන් වැළැක් වූ හේතු සාධක නිසාවෙන් මිස එසේ ඔබෙන් අනුමැතිය නොඉල්ලූ තම බැතිමත් ගැත්තන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب الجهاد بالنفس والمال كلما دعت الحاجة.
•අවශ්යතා ඇති සෑම අවස්ථාවකම තම ජීවිත හා සම්පත් පුදකරමින් කැපවීමේ අනිවාර්යභාවය.

• الأيمان الكاذبة توجب الهلاك.
•ව්යාජ විශ්වාසය විනාශය අනිවාර්යය කරයි.

• وجوب الاحتراز من العجلة، ووجوب التثبت والتأني، وترك الاغترار بظواهر الأمور، والمبالغة في التفحص والتريث.
•ඉක්මන් වීමෙන් ප්රවේශම් වීමේ අනිවාර්යභාවය, ඉවසිලිවන්තකම හා ස්ථාවරත්වයේ අනිවාර්යභාවය. මතුපිටින් පෙනෙන කටයුතු වලට රැවටීමෙන් සහ විභාග කිරීම හා බලා සිටීම අතිශයෝක්තියට නැංවීමෙන් වැළකී සිටීම.

• من عناية الله بالمؤمنين تثبيطه المنافقين ومنعهم من الخروج مع عباده المؤمنين، رحمة بالمؤمنين ولطفًا من أن يداخلهم من لا ينفعهم بل يضرهم.
•අල්ලාහ් දේව විශ්වාසී ජනයා වෙත තම සැලකිල්ල දක්වනුයේ කුහකයින් අධෛර්යමත් කිරීමෙන් හා තම විශ්වාසී ගැත්තන් සමග පිටත් වීමෙන් ඔවුන් වැළැක්වීමෙනි. එය දේව විශ්වාසී ජනයාට ආශිර්වාදයක් වශයෙන් හා ඔවුන්ට ප්රයෝජනයක් නැති නමුත් ඔවුන්ට හානි කරන කෙනෙකු ඔවුන් තුළට ඇතුළු නොවීමෙන් කෙරෙන සහනයක් වශයෙනි.

 
የይዘት ትርጉም አንቀጽ: (44) ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት