Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (74) ምዕራፍ: አት-ተውባህ
یَحْلِفُوْنَ بِاللّٰهِ مَا قَالُوْا ؕ— وَلَقَدْ قَالُوْا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوْا بَعْدَ اِسْلَامِهِمْ وَهَمُّوْا بِمَا لَمْ یَنَالُوْا ۚ— وَمَا نَقَمُوْۤا اِلَّاۤ اَنْ اَغْنٰىهُمُ اللّٰهُ وَرَسُوْلُهٗ مِنْ فَضْلِهٖ ۚ— فَاِنْ یَّتُوْبُوْا یَكُ خَیْرًا لَّهُمْ ۚ— وَاِنْ یَّتَوَلَّوْا یُعَذِّبْهُمُ اللّٰهُ عَذَابًا اَلِیْمًا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— وَمَا لَهُمْ فِی الْاَرْضِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
ඔවුන් නුඹට දොස් නැගීම හා නුඹේ දහමට අඩුපාඩු කීම පිළිබඳ ඔවුන් ගැන නුඹට දැනගන්නට ලැබූ දෑ ඔවුන් නොපැවසූ බවට කුහකයෝ අල්ලාහ් මත දිවුරා බොරු පවසති. එසේ ඔවුන් ප්රතික්ෂේප කරන දෑ සම්බන්ධයෙන් ඔවුන් ගැන නුඹට දැන ගන්නට ලැබූ දෑ, සැබැවින්ම ඔවුහු පවසා ඇත්තාහ. දේව විශ්වාසය ඔවුන් හෙළි කළ පසු ව දේව ප්රතික්ෂේපය හෙළි කළෝය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන පැවසීමෙන් තමන්ට එමගින් සෙතක් නොවන මාරාන්තික කරුණු පවසන්නට ඔවුහු තැත් කළෝය. පිළිකුල් නොකළ යුතු කරුණක් මිස ඔවුන් පිළිකුල් කළේ නැත. ඔහුගේ නබිවරයාට පිරිනැමූ යුද වස්තුවෙන් ඔවුනට ද පිරිනමා තිබීම සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ භාග්යයක් විය. ඔවුන්ගේ කුහකත්වයෙන් මිදී පාප සමාව අයැද අල්ලාහ් වෙත යොමු වූයේ නම් එම වරද මත රැඳී සිටීමට වඩා ඔවුන්ගේ එම පාප ක්ෂමාව උතුම් වන්නේය. ඔවුන් අල්ලාහ්ගෙන් පාපක්මාව අයැද නොසිටියේ නම්, මෙලොව ඝාතනයට ලක් කිරීමෙන් හා සිරගත කිරීමෙන් මෙලොවෙහි ඔහු ඔවුන් දඬුවම් කරනු ඇත. මතු ලොවෙහි ද නිරයේ වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. එවිට ඔවුන්ව භාර ගෙන එම දඬුවමින් මුදවා ගන්නට කිසිදු භාරකරුවකු නැත. එමෙන්ම එම දඬුවමින් වළක්වන කිසිදු උදව්කරුවකු ද ඔවුනට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب جهاد الكفار والمنافقين، فجهاد الكفار باليد وسائر أنواع الأسلحة الحربية، وجهاد المنافقين بالحجة واللسان.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකහින් සමග ජිහාද් නම් යුක්තිය සඳහා වූ අරගලයෙහි නිරත වීමේ අනිවාර්යයභාවය. දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් සමග අරගලය පිහිටනුයේ දෑතින් හා අනෙකුත් යුධමය ආයුධ මගිනි. කුහකයින් සමග වන අරගලය තර්කය හා වාදය මගිනි.

• المنافقون من شرّ الناس؛ لأنهم غادرون يقابلون الإحسان بالإساءة.
•මිනිසුන් අතර සිටින නපුරෝ කුහකයින් වෙති. ඔවුන් ඉවත් ව ගොස් දැහැමි කටයුතු වලට මුහුණ දෙනුයේ නපුරුකමිනි.

• في الآيات دلالة على أن نقض العهد وإخلاف الوعد يورث النفاق، فيجب على المسلم أن يبالغ في الاحتراز عنه.
•සැබැවින්ම පොරොන්දු කඩ කිරීම, ප්රතිඥාවට විරුද්ධ ව කටයුතු කිරීම කුහකකම උරුම කර දෙන බව මෙම පාඨ වල පෙන්වා දී ඇත. එහෙයින් මුස්ලිම්වරයා එයින් ආරක්ෂා වීම සඳහා දැඩි ලෙස කටයුතු කිරීම අනිවාර්යය වේ.

• في الآيات ثناء على قوة البدن والعمل، وأنها تقوم مقام المال، وهذا أصل عظيم في اعتبار أصول الثروة العامة والتنويه بشأن العامل.
•ශරීර ශක්තිය හා ශ්රමය සඳහා ප්රශංසාවක් ඇති බව මෙම පාඨ වල සඳහන් වේ. සැබැවින්ම ඒවා මුදල්මය ස්ථානය ගනී. පොදු ධනයේ වත්කම් සලකා බැලීමේදී සහ සේවකයා ගැන සඳහන් කිරීමේ දී මෙය විශාල සම්පතකි.

 
የይዘት ትርጉም አንቀጽ: (74) ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት