የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል በለድ   አንቀጽ:

සූරා අල් බලද්

ከመዕራፉ ዓላማዎች:
بيان افتقار الإنسان وكبده وسبل نجاته.
මිනිසාගේ අවශ්යතාව ඔහුගේ ජීවන චක්රයේ දුෂ්කරතාව හා ඉන් මිදීමේ මාර්ගය පැහැදිලි කිරීම.

لَاۤ اُقْسِمُ بِهٰذَا الْبَلَدِ ۟ۙ
ශුද්ධ වූ මක්කා නගරය මත අල්ලාහ් දිවුරා පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْتَ حِلٌّۢ بِهٰذَا الْبَلَدِ ۟ۙ
අහෝ දූතය! ඔබ එහි සිදු කරන දෑ ඔබට අනුමතය. මරණ දඬුවමට නියමිත වූ අය වෙත මරණ දඬුවම දියත් කිරීමත්, සිරභාරයට ගන්නට සුදුසු අය සිර භාරයට ගැනීමටත් ඔබට අනුමැතිය ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوَالِدٍ وَّمَا وَلَدَ ۟ۙ
මිනිසාගේ පියා (ආදම්) මතද අල්ලාහ් දිවුරා පවසයි. එමෙන්ම ඔහුගෙන් දාව බිහිවන පරම්පරාව මත ද දිවුරා පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِیْ كَبَدٍ ۟ؕ
සැබැවින්ම මිනිසා දුෂ්කර හා අසීරු ජීවන ක්රමයක් තුළ අපි මවා ඇත්තෙමු. මෙලොව ජීවත් වන විටදී බොහෝ පීඩාවන්ට ඔහු මුහුණ දෙයි. එහි ඔහු හිරවී සිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیَحْسَبُ اَنْ لَّنْ یَّقْدِرَ عَلَیْهِ اَحَدٌ ۟ۘ
මිනිසා පාපකම්හි නියැළුණු විට කිසිවකු ඔහු මත බලය නොදරනු ඇතැයි හෝ ඔහුගෙන් පළි නොගනු ඇතැයි හෝ සිතන්නේ ද? ඔහුගේ පරමාධිපති ඔහුව මවා නිරීක්ෂණය කරමින් සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَقُوْلُ اَهْلَكْتُ مَالًا لُّبَدًا ۟ؕ
“අධික ලෙස උද්දච්චකමේ ගිලී එක පිට එක මම ධනය වියදම් කර ඇත්තෙමි’යැයි ඔහු පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیَحْسَبُ اَنْ لَّمْ یَرَهٗۤ اَحَدٌ ۟ؕ
මෙසේ තමන් වියදම් කළ දෑ පිළිබඳ පුරසාරම් දොඩන්නා, තමන් දෙස අල්ලාහ් බලා නොසිටින බවත් ඔහුගේ ධනය සම්බන්ධයෙන්, එය ඉපැයුවේ කෙසේද? කුමක් සඳහා එය වියදම් කළේද යන්න පිළිබඳ ඔහු තමන්ගෙන් නොවිමසනු ඇතැයි ඔහු සිතන්නේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ نَجْعَلْ لَّهٗ عَیْنَیْنِ ۟ۙ
බලන්නට හැකිවන සේ අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِسَانًا وَّشَفَتَیْنِ ۟ۙ
කතා කරන්නට හැකිවන සේ දිවක් හා තොල් දෙකක් ඇති නොකළෙමු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهَدَیْنٰهُ النَّجْدَیْنِ ۟ۚ
උතුම් මග හා වැරදි මග කුමක්දැ?යි යන්න අපි ඔහුට හඳුන්වා දුන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا اقْتَحَمَ الْعَقَبَةَ ۟ؗۖ
තමන් ස්වර්ගයෙන් ඉවත් කරන, එයට බාධා පමුණුවන, එහි සීමාව ඉක්මවා යන අකබාව තරණය කිරීම ඔහුගෙන් අපේක්ෂා කෙරේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَدْرٰىكَ مَا الْعَقَبَةُ ۟ؕ
අහෝ දූතය! ස්වර්ගයට පිවිසීමට බාධා පමුණුවන අකබාව කුමක්දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكُّ رَقَبَةٍ ۟ۙ
එය පුරුෂ වහලෙකු හෝ ස්ත්රී වහලියක නිදහස් කිරීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ اِطْعٰمٌ فِیْ یَوْمٍ ذِیْ مَسْغَبَةٍ ۟ۙ
එසේ නැතිනම් ආහාර ලබා ගැනීමට දුෂ්කර, සාගින්නෙන් පෙළෙන දිනකදී ආහාර සැපයීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّتِیْمًا ذَا مَقْرَبَةٍ ۟ۙ
එසේත් නැත්නම් ඔහුට නෑකමක් ඇති පියකු නැති දරුවකුට ආහාර සැපයීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ مِسْكِیْنًا ذَا مَتْرَبَةٍ ۟ؕ
එසේත් නැතිනම් කිසිවක් හිමි නැති දිළින්ඳෙකුට ආහාර සැපයීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ كَانَ مِنَ الَّذِیْنَ اٰمَنُوْا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ ۟ؕ
පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කරන්නන් අතුරින් කෙනෙක් වී, ඔහුට අවනත වීම, පාපකම්වලින් දුරුවීම, පරීක්ෂාවන්ට ලක්වන අවස්ථාවන්හිදී ඉවසීමෙන් කටයුතු කිරීම යනාදිය ගැන අන්යෝන්ය ලෙස උපදෙස් දෙමින් අල්ලාහ් තම ගැත්තන් හට ප්රධානය කර ඇති සිය මහා කාරුණික භාවය ගැන එකිනෙකා දැනුවත් කිරීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ اَصْحٰبُ الْمَیْمَنَةِ ۟ؕ
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්මය දකුණු පස ජනයා වනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عتق الرقاب، وإطعام المحتاجين في وقت الشدة، والإيمان بالله، والتواصي بالصبر والرحمة: من أسباب دخول الجنة.
• වහලුන් නිදහක් කිරීම, දැඩි සාගින්නකින් පෙළෙන අවස්ථාවක අවශ්ය්තාවෙන් සිටින උදවියට ආහාර සැපයීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, ඉවසීම හා කරුණාව පිළිබඳ අන්යෝන්ය ලෙස උපදෙස් දීම යනාදිය ස්වර්ගයට පිවිසීමට ඉවහල් වන වැදගත් කරුණු වන්නේය.

• من دلائل النبوة إخباره أن مكة ستكون حلالًا له ساعة من نهار.
• නබිත්වයේ සාධකයක් වනුයේ දහවල් කාලයේ පැයක කාලයක් මක්කාව තුළ තමන් කැමති පරිදි කටයුතු කරන්නට ඔහුට සම්පූර්ණ අනුමැතිය ඇති බව දන්වා සිටීමය.

• لما ضيق الله طرق الرق وسع طرق العتق، فجعل الإعتاق من القربات والكفارات.
• අල්ලාහ් වහල්බවේ මාර්ග පටු කරමින් නිදහස් බවේ මාර්ග පුළුල් කරන විට එම නිදහස් කිරීම ඔහු වෙත සමීප වීමටත්, කළ පාපයන් සඳහා ප්රතිකර්මයක් වීමටත් හේතුන් බවට එය පත් කරනු ඇත.

وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِنَا هُمْ اَصْحٰبُ الْمَشْـَٔمَةِ ۟ؕ
අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් හා සාධක ප්රේතික්ෂේප කළවුන් වනාහි ඔවුන් වම්පස ජනයා වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلَیْهِمْ نَارٌ مُّؤْصَدَةٌ ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්නෙන් ඔවුන් වසාගනු ලැබේ. එහි ඔවුන් දඬුවම් විදිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية تزكية النفس وتطهيرها.
චිත්ත පාරිශුද්ධිය හා සිත පිවිතුරු කර ගැනීමේ වැදගත්කම.

• المتعاونون على المعصية شركاء في الإثم.
• පාපකම්වලට සහය දෙන්නෝ එම පාපයේ හවුල්කරුවෝ වෙති.

• الذنوب سبب للعقوبات الدنيوية.
• පාපකම් සිදු කිරීම මෙලොව දඬුවම් ලැබීමට හේතු වේ.

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
• කුමන අරමුණක් සදහා මැව්වේද ඒ දේ සඳහා සියල්ල පහසු කර දී ඇත. ඒ අනුව ඔවුන් අතර අවනත වන්නන් හා පාපතරයින් සිටී.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል በለድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት