የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አሽ ሸምስ   አንቀጽ:

සූරා අෂ් ෂම්ෂ්

ከመዕራፉ ዓላማዎች:
التأكيد بأطول قسم في القرآن، على تعظيم تزكية النفس بالطاعات، وخسارة دسّها بالمعاصي.
අවනතවීමෙන් චිත්ත පාරිශුද්ධියට පිදෙන ගෞරවය හා පිටුපෑමෙන් එය දූෂිත වීමේ අලාභ හානිය අල් කුර්ආනයේ දිගුම දිවුරුම තුළින් තහවුරු කිරීම.

وَالشَّمْسِ وَضُحٰىهَا ۟
හිරු මත ද එය නැගෙනහිරෙන් උදා වීමෙන් අනතුරුව ඉහළට එන වේලාව මත ද දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْقَمَرِ اِذَا تَلٰىهَا ۟
හිරු බැසගිය පසුව ඊට පරව එන සඳු මත ද දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالنَّهَارِ اِذَا جَلّٰىهَا ۟
ආලෝකය තුළින් මහපොළොවේ පවතින දෑ නිරාවරණය වන විට එම දහවල මත ද දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّیْلِ اِذَا یَغْشٰىهَا ۟
මහපොළොව අඳුරෙන් වසාගන්නා රාත්රිය මත ද දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالسَّمَآءِ وَمَا بَنٰىهَا ۟
අහස මත ද එහි ස්ථීර ලෙස ඉදි කර ඇති ආකාශ වස්තූන් මත ද දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْاَرْضِ وَمَا طَحٰىهَا ۟
පොළොව මත ද එහි මිනිසාට වාසය කළ හැකි පරිදි ව්යාප්ත වී තිබීමේ ක්රියාවලිය මත ද දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنَفْسٍ وَّمَا سَوّٰىهَا ۟
සෑම ආත්මයක් මත ද එයට අනුකූලව මවා ඇති දෑ මත ද දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَلْهَمَهَا فُجُوْرَهَا وَتَقْوٰىهَا ۟
ආත්මය වැළකී සිටිය යුතු නපුරුකම් මොනවා ද? එය ගෙන ආ යුතු යහකම් මොනවාද? යන්න කිසිදු ඉගැන්වීමකින් තොරව ඔහු එයට වටහා දුන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ اَفْلَحَ مَنْ زَكّٰىهَا ۟
ඉහත සඳහන් කරුණු මත දිවුරා අල්ලාහ් මෙසේ පවසයි: තම ආත්මය උතුම් දැයින් පුරවා, පහත් දැයින් හිස්කර, පිවිතුරු කර ගත් අය ජය ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَدْ خَابَ مَنْ دَسّٰىهَا ۟ؕ
රහසිගත ව තම ආත්මය පාපකම් හා අපරාධ තුළ ගිලෙන්නට ඉඩ හැර සිටි අය පරාජය ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ ثَمُوْدُ بِطَغْوٰىهَاۤ ۟
සමූද් ජනයා සීමාව ඉක්මවා ගොස් පාපකම් හා අපරාධ කිරීමෙහි ගිලී සිටි හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ නබිවරයාණන් වූ සාලිහ් (අලෙය්හිස් සලාම්) තුමාට බොරු කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذِ انْۢبَعَثَ اَشْقٰىهَا ۟
තම පිරිස තමන්ට බලය පැවරූ පසු ඔවුන් අතර සිටි අභාග්යවන්තයා නැගී සිටි අවස්ථාවේදී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَالَ لَهُمْ رَسُوْلُ اللّٰهِ نَاقَةَ اللّٰهِ وَسُقْیٰهَا ۟ؕ
අල්ලාහ්ගේ දූත සාලිහ් අලෛහිස් සලාම් තුමා මෙසේ පැවසීය: නුඹලා අල්ලාහ්ගේ ඔටු දෙන හා නියමිත දිනයේදී එම ඔටුවා වතුර බොන ස්ථානය අතහැර දමනු. නොමනා අයුරින් ඌට බාධා නොකරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَذَّبُوْهُ فَعَقَرُوْهَا— فَدَمْدَمَ عَلَیْهِمْ رَبُّهُمْ بِذَنْۢبِهِمْ فَسَوّٰىهَا ۟
නමුත් ඔටුවා සම්බන්ධයෙන් ඔවුහු ඔවුන්ගේ දූතයාණන්හට බොරු කළහ. ඔවුන් අතර සිටි එම අභාග්ය්වන්තයා තමන් සිදු කළ දේ ඔවුන් නිවැරැදි යැයි පිළිගැනීමත් සමගම ඔහු ඌ මරා දැමීය. අල්ලාහ් ඔවුන් කෙරෙහි දඬුවම ක්රිියාත්මක කළේය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් මහා හඬකින් ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් විනාශ කර දැමූ එම දඬුවමේදී ඔහු ඔවුන්ව සමතලාකර දැමීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَخَافُ عُقْبٰهَا ۟۠
ඔවුන් විනාශ කර දමමින් අල්ලාහ් ඔවුනට සිදු කළ මේ මහා දඬුවම, ඔහු අනුගමනය කළ අය ගැන පවා කිසිදු බියකින් තොරව ක්රියාත්මක කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية تزكية النفس وتطهيرها.
චිත්ත පාරිශුද්ධිය හා සිත පිවිතුරු කර ගැනීමේ වැදගත්කම.

• المتعاونون على المعصية شركاء في الإثم.
• පාපකම්වලට සහය දෙන්නෝ එම පාපයේ හවුල්කරුවෝ වෙති.

• الذنوب سبب للعقوبات الدنيوية.
• පාපකම් සිදු කිරීම මෙලොව දඬුවම් ලැබීමට හේතු වේ.

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
• කුමන අරමුණක් සදහා මැව්වේද ඒ දේ සඳහා සියල්ල පහසු කර දී ඇත. ඒ අනුව ඔවුන් අතර අවනත වන්නන් හා පාපතරයින් සිටී.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አሽ ሸምስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት