Check out the new design

কুরআনুল কারীমের অর্থসমূহের অনুবাদ - সিংহলি ভাষায় অনুবাদ - মারকায রুওয়াদুদ তরজমা * - অনুবাদসমূহের সূচী

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অর্থসমূহের অনুবাদ সূরা: আন-নিসা   আয়াত:
یٰۤاَهْلَ الْكِتٰبِ لَا تَغْلُوْا فِیْ دِیْنِكُمْ وَلَا تَقُوْلُوْا عَلَی اللّٰهِ اِلَّا الْحَقَّ ؕ— اِنَّمَا الْمَسِیْحُ عِیْسَی ابْنُ مَرْیَمَ رَسُوْلُ اللّٰهِ وَكَلِمَتُهٗ ۚ— اَلْقٰىهَاۤ اِلٰی مَرْیَمَ وَرُوْحٌ مِّنْهُ ؗ— فَاٰمِنُوْا بِاللّٰهِ وَرُسُلِهٖ ۫— وَلَا تَقُوْلُوْا ثَلٰثَةٌ ؕ— اِنْتَهُوْا خَیْرًا لَّكُمْ ؕ— اِنَّمَا اللّٰهُ اِلٰهٌ وَّاحِدٌ ؕ— سُبْحٰنَهٗۤ اَنْ یَّكُوْنَ لَهٗ وَلَدٌ ۘ— لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟۠
ධර්ම ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නො පවසනු. සැබැවින් ම මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. තවද ඔහුගේ වදනකි. එය මර්යම් වෙත හෙළුවේ ය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරු ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නො පවසනු (එයින්) වැළකෙනු. නුඹලාට යහපත් වනු ඇත. සැබැවින් ම අල්ලාහ් ඒකීය දෙවියා ම ය. ඔහුට දරුවකු වීමෙන් ඔහු පිවිතුරු ය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතු ය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
আরবি তাফসীরসমূহ:
لَنْ یَّسْتَنْكِفَ الْمَسِیْحُ اَنْ یَّكُوْنَ عَبْدًا لِّلّٰهِ وَلَا الْمَلٰٓىِٕكَةُ الْمُقَرَّبُوْنَ ؕ— وَمَنْ یَّسْتَنْكِفْ عَنْ عِبَادَتِهٖ وَیَسْتَكْبِرْ فَسَیَحْشُرُهُمْ اِلَیْهِ جَمِیْعًا ۟
අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් මසීහ් හෝ සමීප මලාඉකාවරුන් හෝ හෙළා නො දකින්නේ ම ය. ඔහුට ගැතිකම් කිරීමෙන් කවරෙකු හෙළා දැක උඩඟු වන්නේ ද එවිට (දැන ගනු) ඔහු වෙත ඔවුන් සියල්ල ම ඔහු එක් රැස් කරනු ඇත.
আরবি তাফসীরসমূহ:
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُوَفِّیْهِمْ اُجُوْرَهُمْ وَیَزِیْدُهُمْ مِّنْ فَضْلِهٖ ۚ— وَاَمَّا الَّذِیْنَ اسْتَنْكَفُوْا وَاسْتَكْبَرُوْا فَیُعَذِّبُهُمْ عَذَابًا اَلِیْمًا ۙ۬— وَّلَا یَجِدُوْنَ لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
දේවත්වය විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු පූර්ණව දෙනු ඇත. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අමතරව දෙනු ඇත. එහෙත් හෙළා දැක උඩඟු වූ අය කලී ඔවුනට වේදනා සහගත දඬුවමකින් ඔහු දඬුවම් කරනු ඇත. ඔවුනට භාරකරුවකු වශයෙන් හෝ උදව්කරුවකු වශයෙන් හෝ අල්ලාහ්ගෙන් තොරව වෙනත් කිසිවකු ඔවුන් නො ලබනු ඇත.
আরবি তাফসীরসমূহ:
یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَكُمْ بُرْهَانٌ مِّنْ رَّبِّكُمْ وَاَنْزَلْنَاۤ اِلَیْكُمْ نُوْرًا مُّبِیْنًا ۟
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු.
আরবি তাফসীরসমূহ:
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَاعْتَصَمُوْا بِهٖ فَسَیُدْخِلُهُمْ فِیْ رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ ۙ— وَّیَهْدِیْهِمْ اِلَیْهِ صِرَاطًا مُّسْتَقِیْمًا ۟ؕ
අල්ලාහ්ව විශ්වාස කොට ඔහුව තදින් ග්‍රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්‍යයෙහි ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. තවද ඔහු ඔවුනට ඍජු මාර්ගයෙන් ඔහු වෙත මඟ පෙන්වනු ඇත.
আরবি তাফসীরসমূহ:
 
অর্থসমূহের অনুবাদ সূরা: আন-নিসা
সূরাসমূহের সূচী পৃষ্ঠার নাম্বার
 
কুরআনুল কারীমের অর্থসমূহের অনুবাদ - সিংহলি ভাষায় অনুবাদ - মারকায রুওয়াদুদ তরজমা - অনুবাদসমূহের সূচী

রাবওয়ার দাওয়াহ সেন্টার এবং জমইয়্যাতু খিদমাতিল মুহতাওয়াল ইসলামী বিললুগাতের সহযোগিতায় মারকায রুওয়াদুদ তরজমার একদল আলেমের দ্বারা অনূদিত।

বন্ধ