Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod - Prevodilački centar Ruvvad * - Sadržaj prijevodā

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Prijevod značenja Sura: El-Bekara   Ajet:
وَمَاۤ اَنْفَقْتُمْ مِّنْ نَّفَقَةٍ اَوْ نَذَرْتُمْ مِّنْ نَّذْرٍ فَاِنَّ اللّٰهَ یَعْلَمُهٗ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ اَنْصَارٍ ۟
නුඹලා කිසියම් වියදමකින් වියදම් කළ ද නැතහොත් කිසියම් භාරයකින් භාරයක් කළ ද එවිට සැබැවින් ම අල්ලාහ් එය දන්නේ ය. තවද අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකු නොමැත.
Tefsiri na arapskom jeziku:
اِنْ تُبْدُوا الصَّدَقٰتِ فَنِعِمَّا هِیَ ۚ— وَاِنْ تُخْفُوْهَا وَتُؤْتُوْهَا الْفُقَرَآءَ فَهُوَ خَیْرٌ لَّكُمْ ؕ— وَیُكَفِّرُ عَنْكُمْ مِّنْ سَیِّاٰتِكُمْ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟
නුඹලා සදකාවන් හෙළි කරන්නේ නම් එවිට එය යහපත් ය. තවද නුඹලා එය සඟවා දිළින්ඳන් හට පිරිනමන්නේ නම් එවිට එය ද නුඹලාට උතුම් ය. එය නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කරවයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Tefsiri na arapskom jeziku:
لَیْسَ عَلَیْكَ هُدٰىهُمْ وَلٰكِنَّ اللّٰهَ یَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَمَا تُنْفِقُوْا مِنْ خَیْرٍ فَلِاَنْفُسِكُمْ ؕ— وَمَا تُنْفِقُوْنَ اِلَّا ابْتِغَآءَ وَجْهِ اللّٰهِ ؕ— وَمَا تُنْفِقُوْا مِنْ خَیْرٍ یُّوَفَّ اِلَیْكُمْ وَاَنْتُمْ لَا تُظْلَمُوْنَ ۟
ඔවුන්ව යහමඟ යොමු කිරීම නුඹගේ වගකීම නො වේ. එහෙත් අල්ලාහ් තමන් අභිමත කරන අයට මඟ පෙන්වන්නේ ය. තවද යම් යහපතකින් නුඹලා වියදම් කරන්නේ ද එය නුඹලාගේ ආත්මාවන්ට ම ය. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නො කරන්නෙහු ය. යම් යහපතකින් නුඹලා වියදම් කළ ද නුඹලාට එය පරිපූර්ණව දෙනු ලබන්නේ ය. තවද නුඹලා අපරාධ කරනු නො ලබන්නෙහු ය.
Tefsiri na arapskom jeziku:
لِلْفُقَرَآءِ الَّذِیْنَ اُحْصِرُوْا فِیْ سَبِیْلِ اللّٰهِ لَا یَسْتَطِیْعُوْنَ ضَرْبًا فِی الْاَرْضِ ؗ— یَحْسَبُهُمُ الْجَاهِلُ اَغْنِیَآءَ مِنَ التَّعَفُّفِ ۚ— تَعْرِفُهُمْ بِسِیْمٰىهُمْ ۚ— لَا یَسْـَٔلُوْنَ النَّاسَ اِلْحَافًا ؕ— وَمَا تُنْفِقُوْا مِنْ خَیْرٍ فَاِنَّ اللّٰهَ بِهٖ عَلِیْمٌ ۟۠
(නුඹලාගේ දානයන් සුදුසු වනුයේ) මහපොළොවේ (ජීවනෝපාය සොයා) ගමන් කිරීමට නොහැකි; අල්ලාහ්ගේ මාර්ගයේ කොටු කරනු ලැබූ දිළින්ඳන්ට ය. තැන්පත්කම නිසාවෙන් ඔවුන් ධනවතුන් යැයි අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතයි. ඔවුන්ගේ සලකුණු මඟින් නුඹ ඔවුන්ව හඳුනා ගනු ඇත. ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නො ඉල්ලති. තවද නුඹලා වියදම් කරන යම් යහපතක් වුව ද සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥානී ය.
Tefsiri na arapskom jeziku:
اَلَّذِیْنَ یُنْفِقُوْنَ اَمْوَالَهُمْ بِالَّیْلِ وَالنَّهَارِ سِرًّا وَّعَلَانِیَةً فَلَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۚ— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ؔ
රාත්‍රියෙහි හා දහවලෙහි තම ධන සම්පත රහසිගතව හා එළිපිට වියදම් කරන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. තවද ඔවුන්ට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නෝ ද නො වෙති.
Tefsiri na arapskom jeziku:
 
Prijevod značenja Sura: El-Bekara
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod - Prevodilački centar Ruvvad - Sadržaj prijevodā

Prevod: Prevodilački centar Ruvvad u saradnji sa Udruženjem za poziv u Rabwi i Udruženjem za pružanje islamskog sadržaja na jezicima.

Zatvaranje