Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod - Prevodilački centar Ruvvad * - Sadržaj prijevodā

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Prijevod značenja Sura: Alu Imran   Ajet:
وَسَارِعُوْۤا اِلٰی مَغْفِرَةٍ مِّنْ رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمٰوٰتُ وَالْاَرْضُ ۙ— اُعِدَّتْ لِلْمُتَّقِیْنَ ۟ۙ
නුඹලාගේ පරමාධිපති වෙතින් වූ සමාව වෙත ද දේව බිය බැතිමතුන්හට සූදානම් කරනු ලැබූ අහස් හා පොළොව තරම් ප්‍රමාණයෙන් වූ ස්වර්ග උයනක් වෙත ද නුඹලා යුහුසුලු වනු.
Tefsiri na arapskom jeziku:
الَّذِیْنَ یُنْفِقُوْنَ فِی السَّرَّآءِ وَالضَّرَّآءِ وَالْكٰظِمِیْنَ الْغَیْظَ وَالْعَافِیْنَ عَنِ النَّاسِ ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟ۚ
ඔවුහු වනාහි සැපවත් මෙන් ම දුෂ්කර අවස්ථා වන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ ගන්නන් වෙති. තවද මිනිසුනට සමාව දෙන්නන් වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන්ව ප්‍රිය කරන්නේ ය.
Tefsiri na arapskom jeziku:
وَالَّذِیْنَ اِذَا فَعَلُوْا فَاحِشَةً اَوْ ظَلَمُوْۤا اَنْفُسَهُمْ ذَكَرُوا اللّٰهَ فَاسْتَغْفَرُوْا لِذُنُوْبِهِمْ۫— وَمَنْ یَّغْفِرُ الذُّنُوْبَ اِلَّا اللّٰهُ ۪۫— وَلَمْ یُصِرُّوْا عَلٰی مَا فَعَلُوْا وَهُمْ یَعْلَمُوْنَ ۟
තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ්ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත්ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති.
Tefsiri na arapskom jeziku:
اُولٰٓىِٕكَ جَزَآؤُهُمْ مَّغْفِرَةٌ مِّنْ رَّبِّهِمْ وَجَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— وَنِعْمَ اَجْرُ الْعٰمِلِیْنَ ۟ؕ
තම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්‍රතිඵල වශයෙන් සදාතනිකයින් ලෙස හිමි කරගන්නෝ ඔවුහු ම ය. යහකම් කළවුන්ගේ ප්‍රතිඵල යහපත් විය.
Tefsiri na arapskom jeziku:
قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ ۙ— فَسِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟
නුඹලාට පෙර ද (මෙවැනි) පිළිවෙත් ඉකුත්ව ගොස් හමාර ය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණය කරනු.
Tefsiri na arapskom jeziku:
هٰذَا بَیَانٌ لِّلنَّاسِ وَهُدًی وَّمَوْعِظَةٌ لِّلْمُتَّقِیْنَ ۟
මෙය ජනයාහට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි.
Tefsiri na arapskom jeziku:
وَلَا تَهِنُوْا وَلَا تَحْزَنُوْا وَاَنْتُمُ الْاَعْلَوْنَ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
තවද නුඹලා දුර්වල නො වනු. තවද නුඹලා දුක් නො වනු. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් ශ්‍රේෂ්ඨයෝ නුඹලා ම ය.
Tefsiri na arapskom jeziku:
اِنْ یَّمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهٗ ؕ— وَتِلْكَ الْاَیَّامُ نُدَاوِلُهَا بَیْنَ النَّاسِ ۚ— وَلِیَعْلَمَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَیَتَّخِذَ مِنْكُمْ شُهَدَآءَ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ الظّٰلِمِیْنَ ۟ۙ
නුඹලාට (උහද් සටනෙහි) තුවාල ඇති වන්නේ නම් දැන ගනු සැබැවින් ම) එවැනි ම තුවාල එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද අපි මෙවැනි (ජය හෝ පරාජිත) දිනයන් ජනයා අතර මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන්ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන්ව ප්‍රිය නො කරයි.
Tefsiri na arapskom jeziku:
 
Prijevod značenja Sura: Alu Imran
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod - Prevodilački centar Ruvvad - Sadržaj prijevodā

Prevod: Prevodilački centar Ruvvad u saradnji sa Udruženjem za poziv u Rabwi i Udruženjem za pružanje islamskog sadržaja na jezicima.

Zatvaranje