Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (11) Sura: Ibrahim
قَالَتْ لَهُمْ رُسُلُهُمْ اِنْ نَّحْنُ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ وَلٰكِنَّ اللّٰهَ یَمُنُّ عَلٰی مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَمَا كَانَ لَنَاۤ اَنْ نَّاْتِیَكُمْ بِسُلْطٰنٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
ඔවුන්ගේ දූතවරු ඔවුනට පිළිතුරු වශයෙන්, "අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එහිදී නුඹලා සමානකම් දක්වන උපමාව අපි හෙළා නොදකිමු. නමුත් මෙම සමානකම් දක්වන උපමා කිරීම සියලු දෑහි අනිවාර්යය වන්නේ නැත. නමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට විශේෂ ආශිර්වාදයන් පිරිනමා උසස් කරවයි. ජනයා වෙත දහම් දූතයින් ලෙස ඔවුන් තෝරා ගනියි. අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලා ඉල්ලන සාක්ෂි සාධක නුඹලා වෙත ගෙන ඒමට අපට කිසිදු සුදුසුකමක් නැත. ඒවා ගෙන ඒම අප සමග සම්බන්ධ වූවක් නොවේ. ඒ සඳහා බලය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය." යැයි පැවසුවෝය.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• أن الأنبياء والرسل بشرٌ من بني آدم، غير أن الله تعالى فضلهم بحمل الرسالة واصطفاهم لها من بين بني آدم.
•සැබැවින්ම නබිවරුන් හා දහම් දූතවරුන් ආදම්ගේ දරුවන් අතරින් වූ මිනිසුන්ය. ඒ අතරම සැබැවින්ම අල්ලාහ් ඒ සඳහා ආදම්ගේ දරුවන් අතරින් කෙනෙකු තෝරාගෙන එම දේව දූත මෙහෙය උසුලන්නට සළස්වා අල්ලාහ් ඔවුන් ගෞරවයට පත් කර ඇත්තේය.

• على الداعية الذي يريد التغيير أن يتوقع أن هناك صعوبات جَمَّة سوف تقابله، ومنها الطرد والنفي والإيذاء القولي والفعلي.
•වෙනස් කිරීමට අපේක්ෂා කරන (යහමගට) ඇරයුම් කරන්නා, තමන්හට මුහුණ දෙන්නට සිදුවන නෙරපා හැරීම්, නැතිකර දැමීම් හා වචනයෙන් හෝ ක්රියාවෙන් හිංසා කරනු ලැබීම වැනි දුෂ්කරතා හමුවේ නොසැලී සිටිය යුතුය.

• أن الدعاة والصالحين موعودون بالنصر والاستخلاف في الأرض.
•සැබැවින්ම යමගට ඇරයුම් කරන්නන් සහ දැහැමියන් වනාහි ඔවුහු ජයග්රහණය හා මහපොළොවේ නියෝජනය ලබා දෙන බවට පොරොන්දු දෙනු ලැබූවෝ වෙති.

• بيان إبطال أعمال الكافرين الصالحة، وعدم اعتبارها بسبب كفرهم.
•දේව ප්රතික්ෂේපකයින්ගේ දැහැමි ක්රියාවන් නිෂ්ඵල බවත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒවා නොසලකා හරිනු ලබන බවත් පැහැදිලි කිරීම.

 
Prijevod značenja Ajet: (11) Sura: Ibrahim
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje