Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Sura: En-Nahl   Ajet:

අන් නහ්ල්

Intencije ove sure:
التذكير بالنعم الدالة على المنعم سبحانه وتعالى.
ආශිර්වාද කරන උත්තරීතර සුවිශුද්ධයාණන් පිළිබඳ හඟවන ආශිර්වාදයන් මෙනෙහි කිරීම.

اَتٰۤی اَمْرُ اللّٰهِ فَلَا تَسْتَعْجِلُوْهُ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට නියම කළ දඬුවම සමීපයෙන් ඇත. එය නියමිත වේලාවෙහි පැමිණිමට පෙර ඉක්මන් කරන මෙන් නොපතනු. ආදේශ කරන්නන් කවරෙකු අල්ලාහ්ට හවුල් කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් එයින් පිවිතුරය. උත්තරීතරය.
Tefsiri na arapskom jeziku:
یُنَزِّلُ الْمَلٰٓىِٕكَةَ بِالرُّوْحِ مِنْ اَمْرِهٖ عَلٰی مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖۤ اَنْ اَنْذِرُوْۤا اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنَا فَاتَّقُوْنِ ۟
අල්ලාහ්ගේ දූතයින් අතරින් ඔහු අභිමත කරන්නන් හට ඔහුගේ නියමය අනුව දේව පණිවිඩ සමග ඔහු මලක්වරුන් පහළ කරනු ඇත. අහෝ දූතවරුනි! එසේ නැතිනම් අල්ලාහ්ට ආදේශ තැබීම ගැන ජනයාට බිය ගන්වනු. එහෙයින් නැමදුම් ලබන්නට සුදුසු මා හැර වෙනත් කෙනෙකු නැත. අහෝ ජනයිනි! නුඹලා මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකෙමින් මට බැතිමත් ව කටයුතු කරනු.
Tefsiri na arapskom jeziku:
خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ؕ— تَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟
කිසිදු පූර්වාදර්ශයකින් තොරව සත්යයෙන් යුතු ව අල්ලාහ් අහස් මැව්වේය. එමෙන්ම පොළව ද මැව්වේය. ඔහු ඒ දෙක නිෂ්ඵල ලෙස මවා නැත. ඒ දෙක ඔහු මවා ඇත්තේ එමගින් අල්ලාහ්ගේ බලය සඳහා ඒ දෙක සාධකයක් කර ගැනීමට හා ඔහුට වෙනත් කිසිවෙකු ඔවුන් හවුල් කිරීමෙන් ඔහුව පිවිතුරු කිරීමටය.
Tefsiri na arapskom jeziku:
خَلَقَ الْاِنْسَانَ مِنْ نُّطْفَةٍ فَاِذَا هُوَ خَصِیْمٌ مُّبِیْنٌ ۟
නොවැදගත් ශුක්රාණු බිඳකින් ඔහු මිනිසාව මැව්වේය. මැවීමකින් පසු මැවීමක් ලෙස එය වර්ධනය කළේය. නමුත් දැන් ඔහු සත්යය නැති කර දැමීම සඳහා අසත්ය දෑ සම්බන්ධයෙන් දැඩි සේ තර්ක කරන්නෙකු විය. ඒ සම්බන්ධයෙන් වූ ඔහුගේ තර්කයේ ඔහු පැහැදිලිව සිටියි.
Tefsiri na arapskom jeziku:
وَالْاَنْعَامَ خَلَقَهَا لَكُمْ فِیْهَا دِفْءٌ وَّمَنَافِعُ وَمِنْهَا تَاْكُلُوْنَ ۟
අහෝ ජනයිනි! ඔටුවන්, ගවයින්, එළුවන් යනාදී වශයෙන් ගොවිපළ සතුන් ඔහු මවා ඇත්තේ නුඹලාගේ යහපත පිණිසය. ඒවායෙහි ලොම් හා සම්වලින් ඇඳුම් නිර්මාණය කර ගැනීම එවන් යහපත් දැයින් එකකි. සෙත සලසන තවත් යහපත් දෑ වනුයේ උන්ගේ කිරි, උන්ගේ මස් හා උන්ගේ පිටවල්ය. නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය.
Tefsiri na arapskom jeziku:
وَلَكُمْ فِیْهَا جَمَالٌ حِیْنَ تُرِیْحُوْنَ وَحِیْنَ تَسْرَحُوْنَ ۪۟
සවස් කාලයේ නුඹලා උන් ඇතුළට ගන්නා විට ද උදෑසන තණබුදින්නට උන් බැහැරට ගෙන යන විට ද නුඹලාට එහි අලංකරණයක් ඇත.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• عناية الله ورعايته بصَوْن النبي صلى الله عليه وسلم وحمايته من أذى المشركين.
•දේව ආදේශකයින්ගේ හිංසා පීඩාවන්ගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආරක්ෂා කිරීම සඳහා එතුමාණන්ට රැකවරණය සැළසීම සඳහා අල්ලාහ්ගේ සැලකිලිමත්භාවය හා ඔහුගේ අවධානය.

• التسبيح والتحميد والصلاة علاج الهموم والأحزان، وطريق الخروج من الأزمات والمآزق والكروب.
•අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහුට ප්රශංසා කිරීම හා සලාත් ඉටු කිරීම යනාදිය දුක් හා කම්කටොලු සඳහා වූ ප්රතිකර්මයකි. එමෙන්ම අර්බුද, අවහිරතා සහ කරදර වලින් ඉවත් වීමේ මගකි.

• المسلم مطالب على سبيل الفرضية بالعبادة التي هي الصلاة على الدوام حتى يأتيه الموت، ما لم يغلب الغشيان أو فقد الذاكرة على عقله.
•කලාන්තය හෝ මතකය නැතිවීම වැනි ස්වබුද්ධිය අහිමි කරන දෙයක් මුස්ලිම්වරයෙකුට ඇති නොවන තාක්කල් ඔහුට මරණය පැමිණෙන තෙක් නැමදුමක් ලෙස අඛණ්ඩ ව සලාතය ඉටු කිරීම අනිවාර්යය කර ඇත.

• سمى الله الوحي روحًا؛ لأنه تحيا به النفوس.
•වහී හෙවත් දේව පණිවිඩයට අල්ලාහ් රූහ් -ජීවිය- යනුවෙන් නම් කර ඇත. ඊට හේතුව සැබැවින්ම එය ආත්මයට ජීවයක් ලබා දෙන බැවිණි.

• مَلَّكَنا الله تعالى الأنعام والدواب وذَلَّلها لنا، وأباح لنا تسخيرها والانتفاع بها؛ رحمة منه تعالى بنا.
•ගොවිපල සතුන් හා සිවුපාවුන් අල්ලාහ් අපට උරුම කර දී ඇත. එමෙන්ම ඒවා අපට වසඟ කර දී ඇත. උන් හීලෑ කොට උන්ගෙන් ප්රයෝජන ලබන්නට අවසරය දී ඇත. එය උත්තරීතරයාණන් විසින් අප වෙත පිරිනමන ලද කරුණා දයාවකි.

 
Prijevod značenja Sura: En-Nahl
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje