Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (102) Sura: El-Bekara
وَاتَّبَعُوْا مَا تَتْلُوا الشَّیٰطِیْنُ عَلٰی مُلْكِ سُلَیْمٰنَ ۚ— وَمَا كَفَرَ سُلَیْمٰنُ وَلٰكِنَّ الشَّیٰطِیْنَ كَفَرُوْا یُعَلِّمُوْنَ النَّاسَ السِّحْرَ ۗ— وَمَاۤ اُنْزِلَ عَلَی الْمَلَكَیْنِ بِبَابِلَ هَارُوْتَ وَمَارُوْتَ ؕ— وَمَا یُعَلِّمٰنِ مِنْ اَحَدٍ حَتّٰی یَقُوْلَاۤ اِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ؕ— فَیَتَعَلَّمُوْنَ مِنْهُمَا مَا یُفَرِّقُوْنَ بِهٖ بَیْنَ الْمَرْءِ وَزَوْجِهٖ ؕ— وَمَا هُمْ بِضَآرِّیْنَ بِهٖ مِنْ اَحَدٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَیَتَعَلَّمُوْنَ مَا یَضُرُّهُمْ وَلَا یَنْفَعُهُمْ ؕ— وَلَقَدْ عَلِمُوْا لَمَنِ اشْتَرٰىهُ مَا لَهٗ فِی الْاٰخِرَةِ مِنْ خَلَاقٍ ۫ؕ— وَلَبِئْسَ مَا شَرَوْا بِهٖۤ اَنْفُسَهُمْ ؕ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟
අල්ලාහ්ගේ දහම ඔවුන් අතහැර ඒ වෙනුවට ෂෙයිතානුන් ගොතා පවසන දෑ පිළිපැද්දාහ. අල්ලාහ්ගේ නබිවරයකු වූ සුලෙයිමාන්ගේ රාජ්යය හූනියම මගින් ස්ථාවර වූවක් බව එතුමාගේ රාජ්යය පිළිබඳ ෂෙය්තානුන් ගොතා බොරු පැවසුහ. යුදෙව්වන් සිතන පරිදි සුලෙයිමාන් හූනියම ඈදා ගෙන අල්ලාහ්ට ප්රතික්ෂේප කළේ නැත. එසේ මිනිසුනට හූනියම උගන්වමින් ප්රතික්ෂේප කළේ ෂෙයිතානුන්ය. ඉරාකයේ පිහිටි බැබිලෝනියා නගරයේ විසූ හාරූත් මාරූත් නම් මලක්වරුන් දෙදෙනා වෙත පහළ කරනු ලැබූ හාස්යජනක දෑ හදාරා ඔවුහු ඒවා හූනියම් වශයෙන් මිනිසුනට ඉගැන් වූහ. එය මිනිසුනට පරීක්ෂණයක් විය. එම මලක්වරුන් දෙදෙනා යමක් උගන්වන විට ඒ ගැන අවවාද කරමින් ‘අපි ජනයාට පරීක්ෂණයකි. එහෙයින් හූනියම ඔබට ඉගැන්වීම හේතුවෙන් ඔබ ප්රතික්ෂේප නොකරනු’ යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේම ප්රකාශයෙන් එය පැහැදිලි කරමින් මිස කිසිවක් ඉගැන්වූයේ නැත. නමුත් ඔවුන්ගේ උපදෙස් පිළි නොගත් ජනයා ඔවුන් දෙදෙනාගෙන් හූනියම ඉගෙන ගත්තේය. සැමියා හා බිරිය අතර ක්රෝධය ඇති කොට ඔවුන් අතර වෙන් කිරීම ද ඒ අතුරින් එකක් විය. එම හූනියම අල්ලාහ්ගේ අනුමැතිය හා අභිමතයෙන් තොරව කිසිදු නපුරු බලපෑමක් ඔවුනට සිදු නොකළේය. ඔවුනට කිසිදු ප්රයෝජනයක් නොදෙන ඔවුන් වෙත නපුරු බලපෑම් ඇති කරන දෑ පමණක් ඔවුහු ඔවුන්ගෙන් ඉගෙන ගත්තෝය. සැබැවින්ම අල්ලාහ්ගේ පුස්තකය හූනියමට හුවමාරු කිරීමෙන් තමන් හට මතුලොවෙහි කිසිදු පංගුවක් හෝ කොටසක් හෝ නොමැති බව එම යුදෙව්වෝ මැනවින් දැන සිටියහ. අල්ලාහ්ගේ දේව පණිවිඩ හා පිළිවෙත වෙනුවට හූනියම හුවමාරුකර ගැනීමෙන් ඔවුන් ඔවුන්වම විකුණා දැමූහ. ඔවුනට ප්රයෝජනවත් වන දෑ ඔවුන් උගන්වා සිටියෙහු නම් මේ නොමනා ක්රියා සිදු කිරීමට හෝ නොමග යෑමට හෝ ඔවුන් ඉදිරිපත් නොවනු ඇත.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• سوء أدب اليهود مع أنبياء الله حيث نسبوا إلى سليمان عليه السلام تعاطي السحر، فبرّأه الله منه، وأَكْذَبَهم في زعمهم.
සුලෙයිමාන් තුමා වෙත හූනියම ඈදමින් යුදෙව්වන් අල්ලාහ්ගේ නබිවරුන් සමග හැසිරුනු නරක හැසිරීම. එවිට අල්ලාහ් එතුමාණන් එයින් නිදොස් කොට ඔවුන් ඔවුන්ගේ විශ්වාසය තුළ මහා බොරුකාරයින් බව අවධාරණය කරයි.

• أن السحر له حقيقة وتأثير في العقول والأبدان، والساحر كافر، وحكمه القتل.
සැබැවින්ම හූනිමය යනු සැබෑවකි. එය ශරීරය හා බුද්ධියට බලපෑම් ඇති කරයි. එසේ හූනියම් කරන්නා දේව ප්රතික්ෂේපකයෙකි. එවැන්නකුට පිරිනැමෙන නීතිය මරණ දඬුවම වේ.

• لا يقع في ملك الله تعالى شيء من الخير والشر إلا بإذنه وعلمه تعالى.
• අල්ලාහ්ගේ රාජ්යයේ කිසිදු යහපතක් හෝ අයහපත් අල්ලාහ්ගේ අනු දැනුමෙන් හා අනුමැතියෙන් තොරව සිදු වන්නේ නැත.

• سد الذرائع من مقاصد الشريعة، فكل قول أو فعل يوهم أمورًا فاسدة يجب تجنبه والبعد عنه.
• ෂරීආ මූලධර්මයන්ට පටහැනි වූ ව්යාකූල අර්ථ ගෙන දෙන වචනවලින් වැළකී සිටීම. නරක අදහසක් ගෙන දෙන කවර ප්රකාශයක් හෝ ක්රියාවක් හෝ වේවා එයින් වැළකී දුරස්වීම අනිවාර්ය වේ.

• أن الفضل بيد الله تعالى وهو الذي يختص به من يشاء برحمته وحكمته.
• සියලු ආශිර්වාදයන් හා භාග්යයන් ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු කැමැති අයට ඔහුගේ ආශිර්වාද පිරිනමා ඔහුගේ විශේෂ කරුණාවට ලක් කරනු ඇත.

 
Prijevod značenja Ajet: (102) Sura: El-Bekara
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje