Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (20) Sura: En-Nisa
وَاِنْ اَرَدْتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ ۙ— وَّاٰتَیْتُمْ اِحْدٰىهُنَّ قِنْطَارًا فَلَا تَاْخُذُوْا مِنْهُ شَیْـًٔا ؕ— اَتَاْخُذُوْنَهٗ بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟
අහෝ! ස්වාමි පුරුෂයිනි, බිරිය දික්කසාද කොට ඇයගේ ස්ථානයේ වෙනත් කතක් තබන්නට නුඹලා අපේක්ෂා කරන්නේ නම් එහි නුඹලාට වරදක් නැත. නුඹලා වෙන් වීමට අපේක්ෂා කරන ඇයට මහර් නොහොත් විවාහ ත්යාග වශයෙන් ධන සම්භාරයක් නුඹලා පිරිනමා තිබුණද ඉන් කිසිවක් නැවත ලබා ගැනීම නුඹලාට තහනම් වන්නේය. එසේ නුඹලා ඔවුනට පිරිනැමූ දෑ නැවත ගන්නේ නම් එය පැහැදිලි වරදක් හා පැහැදිලි පාපයක් ලෙස සලකනු ලැබේ.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• إذا دخل الرجل بامرأته فقد ثبت مهرها، ولا يجوز له التعدي عليه أو الطمع فيه، حتى لو أراد فراقها وطلاقها.
•ස්වාමිපුරුෂයකු තම බිරිය සමග අඹුසැමි ඇසුරෙහි නිරත වූ විට ඇයගේ මහර් හෙවත් (විවාහ ත්යාගය) ස්ථීර වන්නේය. ඇයගෙන් වෙන්වීමට හෝ දික්කසාද වීමට සිතුවේ නම් ඒ සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම සුදුසු නොවන අතර ඒ ගැන ආශාවක් නොතැබිය යුතුය.

• حرم الله تعالى نكاح زوجات الآباء؛ لأنه فاحشة تمقتها العقول الصحيحة والفطر السليمة.
•පියවරුන්ගේ බිරියන් විවාහ වීම අල්ලාහ් තහනම් කර ඇති අතර සිහිබුද්ධිය හා යහපත් පැවැත්ම, එය පිළිකුල් කරන අශීලාචාර ක්රියාවකි.

• بين الله تعالى بيانًا مفصلًا من يحل نكاحه من النساء ومن يحرم، سواء أكان بسبب النسب أو المصاهرة أو الرضاع؛ تعظيمًا لشأن الأعراض، وصيانة لها من الاعتداء.
•විවාහ වීමට අනුමැති කාන්තාවන් හා විවාහ වීමට තහනම් කාන්තාවන් පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් අල්ලාහ් මෙහිදී පැහැදිලි කර ඇත. එය ඥාතිත්වය හේතුවෙන් හෝ විවාහය හේතුවෙන් හෝ කිරි පෙවීම හේතුවෙන් හෝ සිදු වුව ද එක සමානය. එය මානයට ඇති ගෞරවය පිළිඹිබු කිරීමටත් ඇයට අත්විය හැකි ගැටලු වලින් ඇය ආරක්ෂා කිරීමටත් ගත් පියවරකි.

 
Prijevod značenja Ajet: (20) Sura: En-Nisa
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje