Prijevod značenja časnog Kur'ana - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (10) Sura: Sura eš-Šura
وَمَا اخْتَلَفْتُمْ فِیْهِ مِنْ شَیْءٍ فَحُكْمُهٗۤ اِلَی اللّٰهِ ؕ— ذٰلِكُمُ اللّٰهُ رَبِّیْ عَلَیْهِ تَوَكَّلْتُ ۖۗ— وَاِلَیْهِ اُنِیْبُ ۟
අහෝ ජනයිනි! නුඹලාගේ දහමෙහි යම් මූලිකාංගයක හෝ එහි අනු අංගයක නුඹලා මතභේද ඇති කරගත්තෙහු නම්, එහි තීන්දුව අල්ලාහ් වෙතම විය යුතුය. එවිට එය ඔහුගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත වෙත යොමු කරනු ලැබේ. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහුය මාගේ පරමාධිපති. මාගේ සියලු කටයුතුවලදී මම ඔහු මත පමණක් ස්ථීර ව රැඳෙමි. පාපක්ෂමාවෙහි නිරත වී ඔහු වෙත යොමු වෙමි.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• عظمة الله ظاهرة في كل شيء.
•අල්ලාහ්ගේ බලය සියලු දෑහි විද්යාමානව පවතී.

• دعاء الملائكة لأهل الإيمان بالخير.
•දේව විශ්වාසය ඇත්තන් වෙනුවෙන් යහපත පතා මලක්වරු ප්රාර්ථනා කරති.

• القرآن والسُنَّة مرجعان للمؤمنين في شؤونهم كلها، وبخاصة عند الاختلاف.
•අල් කුර්ආනය හා සුන්නාව හෙවත් නබි පිළිවෙත දේවත්වය විශ්වාස කරන්නන්ගේ සියලුම කටයුතු වලදී, විශේෂයෙන් මතභේද ඇති වූ අවස්ථාවකදී ඔවුන් යොමු කරනු ලබන මූලාශ්ර දෙකකි.

• الاقتصار على إنذار أهل مكة ومن حولها؛ لأنهم مقصودون بالرد عليهم لإنكارهم رسالته صلى الله عليه وسلم وهو رسول للناس كافة كما قال تعالى: ﴿وَمَآ أَرسَلنُّكَ إلَّا كافةً لِّلنَّاس...﴾، (سبأ: 28).
•‘අපි නුඹව මුලු මිනිස් සංහතියට ධර්ම දූතයෙකු ලෙස මිස එවා නැත්තෙමු’ යැයි අල්ලාහ් පවසා සිටින පරිදි ඔහු මුලු මිනිස් සංහතියට ධර්ම දූතයකුව සිටියදී මක්කාවාසීන් හා ඒ අවට සිටින්නන්හට අවවාද කිරීම සීමා කර ඇත. ඊට හේතු ව සැබැවින්ම ඔවුන් ධර්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය හෙළා දුටුවෝය. එහෙයින් ප්රතිචාර දැක්වීම සඳහා ඉලක්කකර ගත් පිරිස ඔවුන් ය.

 
Prijevod značenja Ajet: (10) Sura: Sura eš-Šura
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Sadržaj prijevodā

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Zatvaranje