Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (54) Sura: El-Maida
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا مَنْ یَّرْتَدَّ مِنْكُمْ عَنْ دِیْنِهٖ فَسَوْفَ یَاْتِی اللّٰهُ بِقَوْمٍ یُّحِبُّهُمْ وَیُحِبُّوْنَهٗۤ ۙ— اَذِلَّةٍ عَلَی الْمُؤْمِنِیْنَ اَعِزَّةٍ عَلَی الْكٰفِرِیْنَ ؗ— یُجَاهِدُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ وَلَا یَخَافُوْنَ لَوْمَةَ لَآىِٕمٍ ؕ— ذٰلِكَ فَضْلُ اللّٰهِ یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
අහෝ විශ්වාස කළවුනි! ඔබ අතුරින් කවරෙකු තම දහමින් හැරී නැවත දේව ප්රතික්ෂේපය වෙත පිය නගන්නේද ඔවුන් වෙනුවට ඔවුනට වඩා ඔහු ඔවුනට ප්රිය කරන, ඔවුන් ද ඔහුට ප්රිය කරන ස්ථාවර ව සිටින පිරිසක් ගෙන එනු ඇත. ඔවුන් දේව විශ්වාසී ජනයිනට වඩාත් කාරුණික ව සිටිති. දේව ප්රතික්ෂේපකයින්හට වඩාත් දැඩි ව සිටිති. තම ධනය හා ජීවිත පරදුවට තබමින් අල්ලාහ්ගේ වදන උසස් කරවනු පිණිස අරගල කරති. පිළිකුල් කරන්නන්ගේ පිළිකුලට බිය නොවෙති. එය ඔවුන් මැවීම්වල තෘප්තියට වඩා අල්ලාහ්ගේ තෘප්තියට මුල්තැන දෙන බැවිණි. මෙය අල්ලාහ්ගේ අනුග්රහයකි. තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට එය පිරිනමනු ඇත. අල්ලාහ් භාග්ය පිරිනැමීමෙහි හා උපකාර කිරීමෙහි සර්ව ව්යාපකය. තම භාග්යය ලබන්නාට සුදුස්සා කවරෙකු දැයි ඔහු මැනවින් දනී. ඒ අනුව ඔහු එය ඔහුටම පිරිනමයි. එමෙන්ම එයට නුසුදුස්සා කවරෙකුදැයි ද ඔහු මැනවින් දනී. ඔහුට එය තහනම් කරයි.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• التنبيه علي عقيدة الولاء والبراء التي تتلخص في الموالاة والمحبة لله ورسوله والمؤمنين، وبغض أهل الكفر وتجنُّب محبتهم.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ටත් දේව විශ්වාසී ජනයාටත් ආදරය කිරීමේදී හා ඔවුන් සමග සම්බන්ධ ව කටයුතු කිරීමේදී පක්ෂපාතීත්වය හා නිර්දෝෂීභාවය පිළිබඳ ප්රතිපත්තිය අවදි කරවීම හා දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රෝධය හා ඔවුන් සමග ලෙන්ගතු ව කටයුතු කිරීමෙන් වැළකී සිටීම පිළිබඳ ව අවදි කරවීම.

• من صفات أهل النفاق: موالاة أعداء الله تعالى.
•අල්ලාහ්ගේ සතුරන් සමග මිතුදම් පෑම කුහකයින්ගේ ගුණාංගයකි.

• التخاذل والتقصير في نصرة الدين قد ينتج عنه استبدال المُقَصِّر والإتيان بغيره، ونزع شرف نصرة الدين عنه.
•ආගමට උදව් කිරීමේදී අඩුපාඩුකම් දැක්වීම සහ නොසැලකිලිමත්කම හේතුවෙන් ඒ වෙනුවට අඩුපාඩු ඇති දෑ හුවමාරු කිරීමත් ඒ හැර වෙනත් දෑ ගෙන ඒමත් එමගින් ඇති වන්නේය. එමෙන්ම දහමට උදව් කිරීමේ මහිමය ඔහුගෙන් ඉවත් ව යන්නේය.

• التحذير من الساخرين بدين الله تعالى من الكفار وأهل النفاق، ومن موالاتهم.
•අල්ලාහ්ගේ දහමට අපහාස කරන දේව ප්රතික්ෂේපකයින් හා කුහක ජනයාගෙන් ප්රවේශම් වීම හා ඔවුන් සමග සමීප මිත්රත්තවය පැවැත්වීමෙන් ප්රවේශම් වීම.

 
Prijevod značenja Ajet: (54) Sura: El-Maida
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje