Prijevod značenja časnog Kur'ana - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (69) Sura: Sura el-A'araf
اَوَعَجِبْتُمْ اَنْ جَآءَكُمْ ذِكْرٌ مِّنْ رَّبِّكُمْ عَلٰی رَجُلٍ مِّنْكُمْ لِیُنْذِرَكُمْ ؕ— وَاذْكُرُوْۤا اِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنْ بَعْدِ قَوْمِ نُوْحٍ وَّزَادَكُمْ فِی الْخَلْقِ بَصْۜطَةً ۚ— فَاذْكُرُوْۤا اٰلَآءَ اللّٰهِ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟
ඔබේ වර්ගයා අතරින්ම වූ මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ මෙනෙහි කිරීමක් ඔබ වෙත පැමිණීම ඔබ ට පුදුමයක් වන්නේද? ඔබ ව මවිතයට පත් කරවන්නේද? ඔහු ඔබට අවවාද කරන මලක්වරුන් හෝ ජින්වරුන්ගෙන් කෙනෙකු නොවීය. ඔබේ පරමාධිපතිට ඔබ පැසසුම් කරනු. මහ පොළොවේ ඔහු ඔබට පහසුකම් සලසා දීම වෙනුවෙන් ද, නූහ් තුමාගේ ජනයා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළ පසුව ඔබව එහි නියෝජනය කරනු පිණිස පත් කිරීම වෙනුවෙන්ද ඔබ ඔහුට කෘතඥ වනු. ඔබට සුවිශේෂී ශරීරයක්, බලයක් හා දැඩි ආක්රමණශීලී ජවයක් ලබා දීම ගැන ද ඔබ අල්ලාහ්ට කෘතඥ වනු. ඔබ බලාපොරොත්තු වූ දැයින් ජය ලැබීමේ හා පලා යා යුතු තැනින් මිදීමේ අපේක්ෂාවෙන් ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කරනු.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• ينبغي التّحلّي بالصبر في الدعوة إلى الله تأسيًا بالأنبياء عليهم السلام.
නබිවරුන් මුල් කර ගනිමින්, අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී ඉවසීම ප්රගුණ කර ගැනීම අවශ්ය වන්නේය.

• من أولويات الدعوة إلى الله الدعوة إلى عبادة الله وحده لا شريك له، ورفض الإشراك به ونبذه.
අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී ප්රමුඛත්වය ලබා දිය යුත්තේ කිසිදු හවුල්කරුවකු නොමැති අල්ලාහ් ට පමණක් නැමදුම් කිරීමටත් ඔහුට අදේශ කිරීමට විරුද්ධ වී ඉන් ඉවත් වීමටත් කෙරෙන ඇරයුම වෙතය.

• الاغترار بالقوة المادية والجسدية يصرف صاحبها عن الاستجابة لأوامر الله ونواهيه.
කෙනෙකු ශාරීරික හා භෞතික බලයට මුළා වීම අල්ලාහ්ගේ නියෝග හා ඔහු තහනම් කළ දෑට ප්රතිචාර දැක්වීමෙන් ඔහු ව වෙනතකට යොමු කරනු ඇත.

• النبي يكون من جنس قومه، لكنه من أشرفهم نسبًا، وأفضلهم حسبًا، وأكرمهم مَعْشرًا، وأرفعهم خُلُقًا.
නබිවරයා ඔහුගේම ප්රජාවෙන් කෙනෙකු වන්නේය. නමුත් කුලයෙන් ඔවුනට වඩා ප්රචලිතය. තත්ත්වයෙන් ඔවුනට වඩා ශ්රේෂ්ඨය. ජීවිතයෙන් ඔවුනට වඩා ගෞවරනීයය. මැවීමෙන් ඔවුනට වඩා උසස්ය.

• الأنبياء وورثتهم يقابلون السّفهاء بالحِلم، ويغضُّون عن قول السّوء بالصّفح والعفو والمغفرة.
නබිවරුන් හා ඔවුන්ගේ උරුමක්කරුවන් ඉවසීමෙන් යුතු ව අඥාන ජනයාට මුහුණ දෙති. නපුරු ප්රකාශ වලට සමාව දී නොසලකා හරිමින් ඒවා පාලනය කර ගනිති.

 
Prijevod značenja Ajet: (69) Sura: Sura el-A'araf
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Sadržaj prijevodā

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Zatvaranje