Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
103 : 11

اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّمَنْ خَافَ عَذَابَ الْاٰخِرَةِ ؕ— ذٰلِكَ یَوْمٌ مَّجْمُوْعٌ ۙ— لَّهُ النَّاسُ وَذٰلِكَ یَوْمٌ مَّشْهُوْدٌ ۟

මෙම අපාරධකාරී ගම්මාන අල්ලාහ් බිහිසුණු ලෙස ග්රහණය කිරීමෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමට බිය වන්නන්හට පාඩමක් හා උපදෙසක් ඇත. එය මිනිසුන් සියලු දෙනාම විනිශ්චය සඳහා අල්ලාහ් එක්රැස් කරන දිනයයි. එසේ එක්රැස් කරනු ලබන ජනයා සාක්ෂි දරන දිනයයි. info
التفاسير:
Benefits of the Verses on this page:
• التحذير من اتّباع رؤساء الشر والفساد، وبيان شؤم اتباعهم في الدارين.
•නපුරු හා ප්රචණ්ඩත්වයේ නායකයින් පිළිපැදීමේ අවවාදය, ඔවුන් අනුගමනය කරන්නන් හට දෙලොවෙහි හිමි වන අභාග්යවන්තභාවය විස්තර කිරීම. info

• تنزه الله تعالى عن الظلم في إهلاك أهل الشرك والمعاصي.
•ආදේශ තබන්නන් හා පාපතරයින් විනාශ කිරීමේදී අසාධාරණකම් හා අපරාධවලින් අල්ලාහ් පිවිතුරු වීම. info

• لا تنفع آلهة المشركين عابديها يوم القيامة، ولا تدفع عنهم العذاب.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන්ට ආදේශ තබන්නන් නමදිමින් සිටි දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත. දඬුවමින් ඔවුන් වළක්වන්නේ ද නැත. info

• انقسام الناس يوم القيامة إلى: سعيد خالد في الجنان، وشقي خالد في النيران.
•ස්වර්ගයේ සදා පසුවන භාග්යවන්තයින් ලෙසත්, නිරයේ සදා පසුවන අභාග්යවන්තයින් ලෙසත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා වෙන් කිරීම. info