Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
84 : 11

وَاِلٰی مَدْیَنَ اَخَاهُمْ شُعَیْبًا ؕ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— وَلَا تَنْقُصُوا الْمِكْیَالَ وَالْمِیْزَانَ اِنِّیْۤ اَرٰىكُمْ بِخَیْرٍ وَّاِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ مُّحِیْطٍ ۟

මද්යන් වාසීන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව එව්වෙමු. එතුමා, "මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කර ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙක් නැත. මිනිසුනට නුඹලා කිරා දෙන විට හෝ මැණ දෙන විට එම ප්රමාණයෙහි අඩු නොකරනු. පෝෂණයෙන් හා සම්පතින් සමෘද්ධිමත් තත්ත්වයක මම නුඹලා ව දකිමි. අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙනුවට පාපකම් සිදු කිරීමෙන් නුඹලා එය වෙනස් කර නොගනු. නුඹලා අතරින් සෑම කෙනෙකුවම ආවරණය කරන දින නුඹලා මත දඬුවම පහළ වීම ගැන සැබැවින්ම මම බියවෙමි. ඉන් පලායෑමක් හෝ ආරක්ෂාවීමක් හෝ නුඹලා නොලබනු ඇත." යැයි පැවසුවේය. info
التفاسير:
Benefits of the Verses on this page:
• من سنن الله إهلاك الظالمين بأشد العقوبات وأفظعها.
•අපාරාධකරුවන් දරුණු හා බිහිසුණු දඬුවම්වලින් විනාශ කරලීම අල්ලාහ්ගේ න්යායයකි. info

• حرمة نقص الكيل والوزن وبخس الناس حقوقهم.
•කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කිරීමේ හා ජනයාගේ උරුමයන්හි අලාභහානි සිදු කිරීමේ තහනම. info

• وجوب الرضا بالحلال وإن قل.
•අනුමත දෑ අල්ප වුවද ඒ ගැන තෘප්තිමත් වීමේ අනිවාර්යභාවය. info

• فضل الأمر بالمعروف والنهي عن المنكر، ووجوب العمل بما يأمر الله به، والانتهاء عما ينهى عنه.
•යහපත විධානය කිරීමේ හා අයහපතින් වැළැක්වීමේ මහිමය, අල්ලාහ් නියෝග කළ පරිදි කටයුතු කිරීමේ හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමේ අනිවාර්යයභාවය. info