Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (223) Surah: Al-Baqarah
نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ ۪— فَاْتُوْا حَرْثَكُمْ اَنّٰی شِئْتُمْ ؗ— وَقَدِّمُوْا لِاَنْفُسِكُمْ ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّكُمْ مُّلٰقُوْهُ ؕ— وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
නුඹලාගේ බිරියන් නුඹලාට දරුවන් බිහි කර දෙන නුඹලාට අනුමත වූ කෙතක් වැනිය. එම වගා භූමිය ඵල හට ගන්වයි. එහෙයින් එම ගොවි බිම වෙත යනු (එනම් යෝනි මාර්ගයයි.) කවර යෝනිය වෙත යාම කවර අයුරින් කවර පැත්තකින් හෝ යනු. නුඹලා වෙනුවෙන් යහපත් ක්රියා කල් ඇති ව සිදු කරනු. අල්ලාහ් වෙත සමීප වීමේ අරමුණින් මිනිසෙකු තම බිරිය සමග සංසර්ගයේ නිරත වීමත්, දැහැමි පරපුරක් බලාපොරොත්තු වීමත් ඉන් එකකි. ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක්වූ දෙයින් වැළකෙමින් නුඹලා අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරනු. කාන්තාවන්ගේ කටයුතු වලදී නුඹලාට ආගමානුගත කර ඇති දෑ ද ඒවායින් එකකි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සැබැවින්ම අල්ලාහ් ව මුණ ගැසෙන බවත්, ඔහු ඉදිරියේ පෙනී සිටින බවත්, නුඹලාගේ ක්රියාවන්ට අනුකූල ව නුඹලාට ප්රතිඵල පිරිනමනු ලබන බවත් දැන ගනු. අහෝ! නබිවරය, දෙවියන් විශ්වාස කරන්නන්හට ඔවුන්ගේ පරමාධිපති ඔවුන් හමු වන විට පිරිනමනු ලබන සදාතනික සැපත පිළිබඳ ව හා ඔහුගේ ඒ ගෞරවනීය මුහුණ බලන බවත්, ඒයින් සතුටට පත්වනු ඇතැයි ඔවුනට ශුභාරංචි දන්වා සිටිනු.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• تحريم النكاح بين المسلمين والمشركين، وذلك لبُعد ما بين الشرك والإيمان.
•අල්ලාහ්ට අවනත වන මුස්ලිම්වරුන් හා අල්ලාහ්ට ආදේශ තබන මුෂ්රික්වරුන් අතර විවාහය සිදු කිරීමේ තහනම එය දේව විශ්වාසය හා දේව ආදේශය අතර පවතින දුරස් බව හේතුවෙනි.

• دلت الآية على اشتراط الولي عند عقد النكاح؛ لأن الله تعالى خاطب الأولياء لمّا نهى عن تزويج المشركين.
•විවාහය ගිවිස ගන්නා අවස්ථාවේ වලී හෙවත් භාරකරුවකු සිටීමේ කොන්දේසිය මෙම ආයතය අවධාරණය කරයි. දෙවියන් ආදේශ කරන්නන් විවාහ කර දීමෙන් වැළකෙන්නැයි අවධාරණය කරමින් අල්ලාහ් භාරකරුවන් සම්බන්ධයෙන් කතා කර ඇති බැවිණි.

• حث الشريعة على الطهارة الحسية من النجاسات والأقذار، والطهارة المعنوية من الشرك والمعاصي.
•කිලිටි හා අපවිත්ර දැයින් භෞතික පිරිසිදුකම ගැන ෂරීආ පිළිවෙත දිරිගන්වා ඇති අතරම අල්ලාහ්ට ආදේශ කිරම, පාපකම් කිරීම යනාදියෙන් අභ්යන්තරය පිරිසිදු කර ගැනීම ගැනද දිරිගන්වා ඇත.

• ترغيب المؤمن في أن يكون نظره في أعماله - حتى ما يتعلق بالملذات - إلى الدار الآخرة، فيقدم لنفسه ما ينفعه فيها.
•දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකු මතු ලොව නිවහන වෙත තමන් යොමු කරවන තම ක්රියාදමයන් දෙස බලන්නට කැමැත්ත ඇති කරයි. එය තමන්ගේ ආශාවන් හා බැඳුණු ක්රියාවකින් හෝ වේවා එසේ සිදු වීම බලාපොරොත්තු වෙයි.

 
Translation of the meanings Ayah: (223) Surah: Al-Baqarah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close