Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
232 : 2

وَاِذَا طَلَّقْتُمُ النِّسَآءَ فَبَلَغْنَ اَجَلَهُنَّ فَلَا تَعْضُلُوْهُنَّ اَنْ یَّنْكِحْنَ اَزْوَاجَهُنَّ اِذَا تَرَاضَوْا بَیْنَهُمْ بِالْمَعْرُوْفِ ؕ— ذٰلِكَ یُوْعَظُ بِهٖ مَنْ كَانَ مِنْكُمْ یُؤْمِنُ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— ذٰلِكُمْ اَزْكٰی لَكُمْ وَاَطْهَرُ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟

වාර තුනකට වඩා අඩුවෙන් දික්කසාදය ප්රකාශ කොට ඔවුන්ගේ පොරොත්තු කාලය ද අවසන් වී නොමැති නම් නව ගිවිසුමක් තුළින් ඇයගේ සැමියා වෙත නැවත පවුල් ජීවිතය ගත කරන්නට ඔවුන් ප්රිය කරන්නේ නම් ඔවුන්ගේ භාරකරුවන් වන නුඹලා විසින් නොවැළැක්විය යුතුයි. එසේ ඔවුන් නොවළක්වන ලෙස ඇතුළත් මෙම නීතිය අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන්හට මෙනෙහි කිරීමකි. එය නුඹලා අතර වඩාත් යහපත ගෙන දෙන්නකි. සියලු කරුණු වල යථාර්ථය හා අවසානය අල්ලාහ් මැනවින් දනියි. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය. info
التفاسير:
Benefits of the verses in this page:
• نهي الرجال عن ظلم النساء سواء كان بِعَضْلِ مَوْلِيَّتِه عن الزواج، أو إجبارها على ما لا تريد.
•කාන්තාවන්ට අපරාධ සිදු කිරීම පිරිමින් වෙත තහනම් කොට ඇත. එය විවාහය පදනම් කොට එහි භාරකාරත්වය පිළිබඳ සැළ කරමින් හෝ ඇය අකැමැති දෙයක් ඇයට බලකරමින් හෝ එවන් සිදු වීමක් සිදු නොවිය යුතුය. info

• حَفِظَ الشرع للأم حق الرضاع، وإن كانت مطلقة من زوجها، وعليه أن ينفق عليها ما دامت ترضع ولده.
•දරුවාට කිරි දී හදා වඩා ගැනීමේ උරුමය (ඇය දික්කසාද වූ කාන්තාවක් වුවද) මව වෙත ඉස්ලාම් ෂරීආ ව පනවා ඇත. එමෙන්ම තම දරුවාට ඇය කිරි පොවන තාක් ඇය වෙනුවෙන් වියදම ලබා දීම ස්වාමි පුරුෂයාගේ වගකීමක් බවටත් ෂරීආ ව පනවා ඇත. info

• نهى الله تعالى الزوجين عن اتخاذ الأولاد وسيلة يقصد بها أحدهما الإضرار بالآخر.
•ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනා එකිනෙකාගෙන් තමන්ගේ වෛරය පිරිමහ ගන්නටත් ඔවුන් එකිනෙකා අනෙකාට හිංසා පීඩා ඇති කිරීමටත් දරුවන් මාධ්යයක් බවට ගැනීම අල්ලාහ් තහනම් කර ඇත. info

• الحث على أن تكون كل الشؤون المتعلقة بالحياة الزوجية مبنية على التشاور والتراضي بين الزوجين.
•විවාහ ජීවිතය හා බැඳුණු සියලු කරුණු අඹු සැමියන් අතර එකිනෙකා සාකච්ඡා කිරීමෙන් හා එකිනෙකාගේ පිළිගැනීම මත සිදු විය යුත්තක් බව අවධාරණය කරයි. info