Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (253) Surah: Al-Baqarah
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلٰی بَعْضٍ ۘ— مِنْهُمْ مَّنْ كَلَّمَ اللّٰهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجٰتٍ ؕ— وَاٰتَیْنَا عِیْسَی ابْنَ مَرْیَمَ الْبَیِّنٰتِ وَاَیَّدْنٰهُ بِرُوْحِ الْقُدُسِ ؕ— وَلَوْ شَآءَ اللّٰهُ مَا اقْتَتَلَ الَّذِیْنَ مِنْ بَعْدِهِمْ مِّنْ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَیِّنٰتُ وَلٰكِنِ اخْتَلَفُوْا فَمِنْهُمْ مَّنْ اٰمَنَ وَمِنْهُمْ مَّنْ كَفَرَ ؕ— وَلَوْ شَآءَ اللّٰهُ مَا اقْتَتَلُوْا ۫— وَلٰكِنَّ اللّٰهَ یَفْعَلُ مَا یُرِیْدُ ۟۠
නුඹට අප මෙනෙහි කර සිටි එම රසූල්වරු (දූතවරු) දේව පණිවිඩ ලැබීම, පිළිපැදීම හා තරාතිරම අනුව ඇතැමෙකු ඇතැමෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. මූසා (අලය්හිස් සලාම්) තුමා මෙන් අල්ලාහ් සමග ඍජු ව කතා කළ අය ද ඔවුන් අතර වෙති. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් මෙන් තරාතිරම් උසස් කරනු ලැබූ අය ද ඔවුන් අතර වෙති. එතුමාණන් මුළු මිනිස් සංහතියටම රසූල්වරයකු ලෙස එවනු ලැබීය. ඔහු සමගම නබිත්වයටද මුද්රා තබනු ලැබීය. සෙසු සියලු සමූහයන්ට වඩා එතුමාගේ සමූහයා උසස් කරනු ලැබීය. එමෙන්ම මර්යම්ගේ පුත් ඊසාට, මළවුන් පණගැන්වීම ලාදුරු වැනි කුෂ්ඨ රෝග සුව කිරීම වැනි තම නබිත්වය තහවුරු කරන පැහැදිලි ප්රාතිහාර්යයන් අපි පිරිනැමුවෙමු. අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක කරනු වස් ජිබ්රීල්ගේ සහයද ලබා දී අපි ඔහු බලවත් කළෙමු. අල්ලාහ් අභිමත කර තිබුණේ නම් එම දූතවරුන්ගෙන් පසු පැමිණියවුන් ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණිමෙන් පසු එකිනෙකා මරා ගන්නට නොතිබුණි. නමුත් ඔවුන් භේදබින්න වී වෙන් වී ගියෝය. ඒ අනුව අල්ලාහ් ව විශ්වාස කළවුන් ද ඔහු ව ප්රතික්ෂේප කළවුන් ද ඔවුන් අතර දකින්නට විය. ඔවුන් එකිනෙකා මරා නොගත යුතු යැයි අල්ලාහ් අභිමත කර තිබුණේ නම් එසේ ඔවුන් මරා නොගනු ඇත. නමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරයි. ඔහු අභිමත කරන අයට ඔහුගේ කරුණාව හා භාග්යයෙන් ඊමාන් හෙවත් දේව විශ්වාසය වෙත මග පෙන්වයි. ඔහු අභිමත කරන අය ඔහුගේ යුක්තිය හා ඔහුගේ ප්රඥාව තුළින් නොමග යන්නට ඉඩ හරියි.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• أن الله تعالى قد فاضل بين رسله وأنبيائه، بعلمه وحكمته سبحانه.
•සැබැවින්ම අල්ලාහ් තම අනු දැනුමෙන් හා ප්රඥාවෙන් ඔහුගේ නබි වරුන් හෙවත් දහම් දූත පණිවිඩ ලැබුණු අය හා ඔහුගේ රසූල් හෙවත් දහම් දූත පණිවිඩ ලබා එය ප්රචාරය කිරීමේ වගකීම පැවරුණු අය අතර පරතරයක් ඇති කළේය.

• إثبات صفة الكلام لله تعالى على ما يليق بجلاله، وأنه قد كلم بعض رسله كموسى ومحمد عليهما الصلاة والسلام.
අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි අල්ලාහ්ට කතා කිරීමේ ගුණාංගය ඇති බවට ස්ථිර කිරීම. මූසා (අලය්හිස් සලාම්) තුමා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වැනි නබිවරුන් සමග අල්ලාහ් කතා කර ඇත්තේය.

• الإيمان والهدى والكفر والضلال كلها بمشيئة الله وتقديره، فله الحكمة البالغة، ولو شاء لهدى الخلق جميعًا.
•දේව විශ්වාසය, යහමග, දේව ප්රතික්ෂේපය, මුළාව යන සියල්ල අල්ලාහ්ගේ අභිමතය පරිදි හා ඔහුගේ නියමය පරිදි සිදුවන්නකි. ඒ පිළිබඳ ගැඹුරු ඥානය ඇත්තේ ඔහුටය. ඔහු අභිමත කළේ නම් මැවීම් සියල්ලට මග පෙන්වනු ඇත.

• آية الكرسي هي أعظم آية في كتاب الله، لما تضمنته من ربوبية الله وألوهيته وبيان أوصافه .
•ආයතුල් කුර්සි නම් අල් කුර්ආන් 2:255 වැනි පාඨය අල්ලාහ්ගේ පුස්තකයේ ඇති වැදගත්ම පාඨයකි. එහි රුබූබිය්යත් හෙවත් (මවා පෝෂණය කොට ආරක්ෂා කිරීමේ) ඔහුගේ පරමාධිපත්යය ඔහුගේ දේවත්වය හා ඔහුගේ ගුණාංග එහි ඇතුළත් ව ඇති බැවිණි.

• اتباع الإسلام والدخول فيه يجب أن يكون عن رضًا وقَبول، فلا إكراه في دين الله تعالى.
•ඉස්ලාමය අනුගමනය කිරීම හෝ ඒ තුළට පිවිසීම තෘප්තිය හා පිළිගැනීම පදනම් කර ගනිමින් සිදු විය යුත්තකි. අල්ලාහ්ගේ දහම තුළ කිසිදු බල කිරීමක් නැත.

• الاستمساك بكتاب الله وسُنَّة رسوله أعظم وسيلة للسعادة في الدنيا، والفوز في الآخرة.
•අල්ලාහ්ගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ චරිතය පිළිපැදීම මෙලොව සතුට හා මතු ලොව ජයග්රහණට එකම මාධ්යය වන්නේය.

 
Translation of the meanings Ayah: (253) Surah: Al-Baqarah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close