Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
37 : 2

فَتَلَقّٰۤی اٰدَمُ مِنْ رَّبِّهٖ كَلِمٰتٍ فَتَابَ عَلَیْهِ ؕ— اِنَّهٗ هُوَ التَّوَّابُ الرَّحِیْمُ ۟

පසුව ආදම් තමන් වෙත අල්ලාහ් ඉගැන් වූ වදන් කිහිපයක් ගෙන ප්රාර්ථනා කරන්නට විය. එය සූරා අල් අඃරාෆ් හි 23 වන වැකියේ මෙසේ සඳන් වේ. ‘ඔවුන් දෙදෙනා මෙසේ පැවසීය: අපගේ පරමාධිපතියාණනි, අපි අපටම අපරාධ කරගෙන ඇත්තෙමු. ඔබ අපට සමාව දී කරුණාව නොදැක්වූයේ නම්, සැබැවින් අපි පරාජ වන්නන් අතරට පත්වෙමු.’ අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගෙන ඔහුට සමාව දුන්නේය. සුවිශුද්ධ අල්ලාහ් තම ගැත්තන්හට අසීමිත ලෙස සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් වෙත මහත් කාරුණිකය. info
التفاسير:
Benefits of the verses in this page:
• الواجب على المؤمن إذا خفيت عليه حكمة الله في بعض خلقه وأَمْرِهِ أن يسلِّم لله في خلقه وأَمْرِهِ.
•අල්ලාහ්ගේ ඇතැම් මැවීම් හා ඔහුගේ නියෝගවල පවතින යථාර්ථය දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සැඟවුණු දෙයක් වී නම් එය අල්ලාහ්ටම භාරදීම අනිවාර්ය වන්නේය. info

• رَفَعَ القرآن الكريم منزلة العلم، وجعله سببًا للتفضيل بين الخلق.
•ශුද්ධ වූ අල්කුර්ආනය දැනුම් මට්ටම උසස් කරවයි. මැවීම් අතර පවතින උස්පහත් මට්ටම තරාතිරම් අනුව වෙන් කර හඳුනාගන්නට හේතුවක් ලෙස ඔහු එය පත් කොට ඇත. info

• الكِبْرُ هو رأس المعاصي، وأساس كل بلاء ينزل بالخلق، وهو أول معصية عُصِيَ الله بها.
•උඩඟුකම පාපකම්හි මූලය වේ. මිනිසාට පහළ වන සියලු ආකාරයේ පරීක්ෂණවල පදනම ද එය වේ. එමෙන්ම අල්ලාහ් පවක් ලෙස සැලකූ පළමු පාපය ද එය වේ. info