Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
73 : 2

فَقُلْنَا اضْرِبُوْهُ بِبَعْضِهَا ؕ— كَذٰلِكَ یُحْیِ اللّٰهُ الْمَوْتٰی وَیُرِیْكُمْ اٰیٰتِهٖ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟

පසු ව අපි නුඹලාට: ‘නුඹලා කපා හරින්නට නියෝග කළ එම එළදෙනගේ කොටසකින් එම ඝාතනය කරනු ලැබූ තැනැත්තාට ගසනු. එවිට අල්ලාහ් ඔහුට නැවත ප්රාණය ලබා දී ඝාතකයා කවුදැ?යි ඔහු දන්වා සිටිනු ඇත’ යැයි පවසා සිටියෙමු. එවිට ඔවුහු එසේ සිදු කළහ. ඔහු යළි ජීවය ලබා ඔහුගේ ඝාතකයා පිළිබඳ ඔහු දන්වා සිටියේය. මේ මිය ගිය තැනැත්තාට ජීවය ලබා දුන්නාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මියගිය ඇත්තන්ට ජීවය ලබා දෙනු ඇත. ඔහුගේ ශක්තිය තහවුරු කරන පැහැදිලි සාධක ඔහු නුඹලාට ගෙන හැර පාන්නේය. එය නුඹලා වටහා ගෙන අවංකව අල්ලාහ්ව විශ්වාස කරනු පිණිසය. info
التفاسير:
Benefits of the verses in this page:
• أن بعض قلوب العباد أشد قسوة من الحجارة الصلبة؛ فلا تلين لموعظة، ولا تَرِقُّ لذكرى.
ඇතැම් ගැත්තන්ගේ හදවත් කළු ගලට වඩා දැඩිය, කෙතරම් උපදෙස් කළත් එය උණුවන්නේ නැත. කිසිදු මෙනෙහි කිරීමක් තුළින් ඒවා මෘදු බවට පත් වන්නේද නැත. info

• أن الدلائل والبينات - وإن عظمت - لا تنفع إن لم يكن القلب مستسلمًا خاشعًا لله.
සැබැවින් සාක්ෂි හා සාධක කෙතරම් බලවත් වූවත් එම හදවත අල්ලාහ්ට බියවී යටහත් නොවූයේ නම් කිසිදු ප්රයෝජනයක් නොවනු ඇත. info

• كشفت الآيات حقيقة ما انطوت عليه أنفس اليهود، حيث توارثوا الرعونة والخداع والتلاعب بالدين.
• යුදෙව්වන්ගේ ආත්මවල නලියන යථාර්ථය මෙම පාඨ හෙළි කළේය. එනම් දහම සම්බන්ධයෙන් ඔවුන් කරන වංචාව, අධම ක්රියාදාමයන් හා විහිළු ජන්මයෙන්ම උරුම කර ගෙන ඇති බව පවසමිනි. info