Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
75 : 2

اَفَتَطْمَعُوْنَ اَنْ یُّؤْمِنُوْا لَكُمْ وَقَدْ كَانَ فَرِیْقٌ مِّنْهُمْ یَسْمَعُوْنَ كَلٰمَ اللّٰهِ ثُمَّ یُحَرِّفُوْنَهٗ مِنْ بَعْدِ مَا عَقَلُوْهُ وَهُمْ یَعْلَمُوْنَ ۟

අහෝ දේව විශ්වාසවන්තයිනි, යුදෙව්වන්ගේ සැබෑ තත්ත්වය හා ඔවුන්ගේ හිතුවක්කාර කම නුඹලා මැනවින් දැනගත් පසුත් ඔවුන් විශ්වාස කරනු ඇතැයි ද නුඹලාට ප්රතිචාර දක්වනු ඇතැයි ද නුඹලා සිතන්නෙහු ද? ඔවුන්ගෙන් ප්රධානීන් පිරිසක් එක්ව ඔවුන් වෙත තව්රාතයේ පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන්වලට සවන් දී එය වටහා ගෙන පසු ව දැන දැනම එහි වචන හා තේරුම විකෘති කළෝය. ඔවුන්ගේ වැරද්දෙහි බරපතලකම ඔවුන් මැනවින් දැන සිටියෝය. info
التفاسير:
Benefits of the verses in this page:
• أن بعض قلوب العباد أشد قسوة من الحجارة الصلبة؛ فلا تلين لموعظة، ولا تَرِقُّ لذكرى.
ඇතැම් ගැත්තන්ගේ හදවත් කළු ගලට වඩා දැඩිය, කෙතරම් උපදෙස් කළත් එය උණුවන්නේ නැත. කිසිදු මෙනෙහි කිරීමක් තුළින් ඒවා මෘදු බවට පත් වන්නේද නැත. info

• أن الدلائل والبينات - وإن عظمت - لا تنفع إن لم يكن القلب مستسلمًا خاشعًا لله.
සැබැවින් සාක්ෂි හා සාධක කෙතරම් බලවත් වූවත් එම හදවත අල්ලාහ්ට බියවී යටහත් නොවූයේ නම් කිසිදු ප්රයෝජනයක් නොවනු ඇත. info

• كشفت الآيات حقيقة ما انطوت عليه أنفس اليهود، حيث توارثوا الرعونة والخداع والتلاعب بالدين.
• යුදෙව්වන්ගේ ආත්මවල නලියන යථාර්ථය මෙම පාඨ හෙළි කළේය. එනම් දහම සම්බන්ධයෙන් ඔවුන් කරන වංචාව, අධම ක්රියාදාමයන් හා විහිළු ජන්මයෙන්ම උරුම කර ගෙන ඇති බව පවසමිනි. info