Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
97 : 2

قُلْ مَنْ كَانَ عَدُوًّا لِّجِبْرِیْلَ فَاِنَّهٗ نَزَّلَهٗ عَلٰی قَلْبِكَ بِاِذْنِ اللّٰهِ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ وَهُدًی وَّبُشْرٰی لِلْمُؤْمِنِیْنَ ۟

‘සැබැවින්ම ජිබ්රීල් මලක්-සුරදූතයින්- අතර සිටින අපගේ සතුරා වේ’ යැයි යුදෙව්වන් අතර පවසන අයට නබිවරය නුඹ මෙසේ පවසනු. ජිබ්රීල්ට එරෙහිවන්නේ කවුරුන්ද ඔහු මෙය දැන ගත යුතුයි. තව්රාතය හා ඉන්ජීලය වැනි පෙර පහළ වූ දේව පුස්තක තහවුරු කරන්නක් ලෙසින් ද යහපත වෙත මඟ පෙන්වන්නක් ලෙසින්ද දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ් සූදානම් කර ඇති සුවපහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වන්නක් ලෙසින්ද අල්ලාහ්ගේ අනුමැතියෙන් යුතුව ඔබේ සිතට අල් කුර්ආනය පහළ කළේ ඔහුය. එබැවින් ඔහුගේ මෙම ගුණාංග හා ඔහුගේ ක්රියාවට විරුද්ධ වනුයේ කවුරුන් ද ඔහු නොමග ගියවුන් අතර කෙනෙකු වන්නේය. info
التفاسير:
Benefits of the verses in this page:
• المؤمن الحق يرجو ما عند الله من النعيم المقيم، ولهذا يفرح بلقاء الله ولا يخشى الموت.
• සැබෑ දේව විශ්වාසවන්තයා අල්ලාහ් වෙතින් සදාතනික සැප සම්පත අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් අල්ලාහ් හමුවීම ගැන සතුටට පත් වෙයි. ඔහු මරණයට බිය නොවෙයි. info

• حِرص اليهود على الحياة الدنيا حتى لو كانت حياة حقيرة مهينة غير كريمة.
• මෙලොව ජීවිතය කිසිදු ගරුත්වයක් නැති අල්ප පහත් ජීවිතයක් වුවද යුදෙව්වන් මෙලොව ජීවිතයට වඩාත් ඇලුම් කරයි. info

• أنّ من عادى أولياء الله المقربين منه فقد عادى الله تعالى.
• අල්ලාහ්ට සමීපතයින් සමග සතුරු වන්නා සැබැවින්ම අල්ලාහ් සමග සතුරුකම් පෑවේය. info

• إعراض اليهود عن نبوة محمد صلى الله عليه وسلم بعدما عرفوا تصديقه لما في أيديهم من التوراة.
යුදෙව්වන් තම සන්තකයේ ඇති පුස්තකයේ මුහම්මද් තුමාණන් පිළිබඳ තහවුරු කරමින් සඳහන් කරුණු පිළිබඳ දැනගත් පසු පවා ඔවුන් එයට පිටුපෑම. info

• أنَّ من لم ينتفع بعلمه صح أن يوصف بالجهل؛ لأنه شابه الجاهل في جهله.
තම දැනුමෙන් ප්රයෝජනය නොලබන්නා අඥානයෙකු ලෙස වර්ණනා කිරීම වඩාත් නිවැරැදිය. හේතුව ඔහු ඔහුගේ මෝඩකමෙහි අඥානයාට සමාන වන බැවිනි. info