Translation of the Meanings of the Noble Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (61) Surah: Al-Hajj
ذٰلِكَ بِاَنَّ اللّٰهَ یُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَیُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ وَاَنَّ اللّٰهَ سَمِیْعٌ بَصِیْرٌ ۟
ආක්රමණය කරනු ලබන්නාට එම උපකාරය ලැබෙනුයේ සැබැවින්ම අල්ලාහ් අභිමත කරන දෑ කිරීමට බලය ඇත්තා වන බැවිණි. දහවල තුළ රාත්රිය ඇතුලු කිරීම, රාත්රිය තුළ දහවල ඇතුලු කිරිම ඒ දෙකින් එකක් වැඩියෙන් ද අනෙක අඩුවෙන් ද පිහිටීම යනාදිය ඔහුගේ එම බලයෙන් වූවකි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• مكانة الهجرة في الإسلام وبيان فضلها.
•ඉස්ලාමයේ හිජ්රත් හෙවත් නික්ම යෑමේ ස්ථාවරය හා එහි මහිමය පිළිබඳ පැහැදිලි කිරීම.

• جواز العقاب بالمثل.
•සමානුපාතිකව දඬුවම් කිරීමේ අනුමැතිය.

• نصر الله للمُعْتَدَى عليه يكون في الدنيا أو الآخرة.
•ආක්රමණය කරනු ලැබූවන් හට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි හිමිවන අල්ලාහ්ගේ උපකාරය.

• إثبات الصفات العُلَا لله بما يليق بجلاله؛ كالعلم والسمع والبصر والعلو.
•අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි දැනුම, ශ්රවණය, බැල්ම, උසස්භාවය යනාදී උසස් ගුණාංගවලින් ඔහු සපිරුණු බව ස්ථීර කිරීම.

 
Translation of the meanings Ayah: (61) Surah: Al-Hajj
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close