Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
165 : 3

اَوَلَمَّاۤ اَصَابَتْكُمْ مُّصِیْبَةٌ قَدْ اَصَبْتُمْ مِّثْلَیْهَا ۙ— قُلْتُمْ اَنّٰی هٰذَا ؕ— قُلْ هُوَ مِنْ عِنْدِ اَنْفُسِكُمْ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඝාතනය කරනු ලැබ නුඹලා පරාජයට පත් වූහ. එසේම බද්ර් දිනයේ නුඹලා විසින් මීට වඩා දෙගුණයකින් නුඹලාගේ සතුරන් ඝාතනය කරනු ලැබ සිරභාරයට ගනු ලැබීය. නමුත් නුඹලා මේ ගැන නොසිතා "අපි මුස්ලිම්වරුන් ලෙස සිටියදීත් නබිවරයාණන් අප අතර සිටියදීත් අපට මේ විපත්තිය සිදු වූයේ කොහින්දැ?"යි විමසා සිටියෙහුය. අහෝ! නබිවරය, නුඹලාට මෙම විපත්තිය අත් වූයේ නුඹලා දූතයාණන්ට පිටුපා නුඹලා අතර මත ගැටුම් ඇති කරගත් බැවිණි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ඔහු අභිමත කරන අයට උදව් කරනු ඇත. ඔහු අභිමත කරන අය අවමානයට පත් කරනු ඇත. යැයි පවසන්න. info
التفاسير:
Benefits of the Verses on this page:
• النصر الحقيقي من الله تعالى، فهو القوي الذي لا يحارب، والعزيز الذي لا يغالب.
•සැබෑ උදව් උපකාරය යනු අල්ලාහ් වෙතින් පැමිණෙන්නකි. ඔහු සටන් නොකරන බලවතාය. පරාජයට පත් නොවන සර්ව බලධාරීය. info

• لا تستوي في الدنيا حال من اتبع هدى الله وعمل به وحال من أعرض وكذب به، كما لا تستوي منازلهم في الآخرة.
•අල්ලාහ්ගේ මාර්ගය අනුගමනය කරමින් ඒ අනුව කටයුතු කරන්නාගේ තත්ත්වයත් ඔහුට පිටුපා බොරුකරන්නන්ගේ තත්ත්වයත් මෙලොවෙහි එක සමාන නොවන්නේය. එය ඔවුන්ගේ තරාතිරම් මතු ලොවෙහි එක හා සමාන නොවන්නාක් මෙනි. info

• ما ينزل بالعبد من البلاء والمحن هو بسبب ذنوبه، وقد يكون ابتلاء ورفع درجات، والله يعفو ويتجاوز عن كثير منها.
•ගැත්තාහට විභාගයක් හා පරීක්ෂණයක් පහළ වනුයේ ඔහුගේම පාපකම් හේතුවෙනි. පරීක්ෂණ ඇති වනවාක් මෙන්ම තරාතිරම් ද උසස් වනු ඇත. එමෙන්ම අල්ලාහ් සමාව දෙන්නේය. පාපකම් බොහෝමයක් මකා දමන්නේය. info