Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
171 : 3

یَسْتَبْشِرُوْنَ بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍ ۙ— وَّاَنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُؤْمِنِیْنَ ۟

මේ සමගම ඔවුන් අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වූ මහඟු කුසල් පිළිබඳවත් එම කුසල් වලට අමතර ව දෙනු ලබන දැවැන්ත කුසල් පිළිබඳවත් සතුටු වෙති. තමන් විශ්වාස කළ ගැත්තන්ගේ කුසල් කිසිවක් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතිඵල සම්පූර්ණයෙන්ම දානය කරනු ඇත. ඊටත් වඩා වැඩිපුර කුසල් ප්රමාණයක් ද පිරිනමනු ඇත. info
التفاسير: |
Benefits of the Verses on this page:
• من سنن الله تعالى أن يبتلي عباده؛ ليتميز المؤمن الحق من المنافق، وليعلم الصادق من الكاذب.
•ජනයා සැබෑ විශ්වාස කරන්නා කුහකයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් සත්යවාදියා බොරුකාරයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් තම ගැත්තන් පරීක්ෂාවට ලක් කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි. info

• عظم منزلة الجهاد والشهادة في سبيل الله وثواب أهله عند الله تعالى حيث ينزلهم الله تعالى بأعلى المنازل.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමෙන් හා දිවි පිදීමෙන් ලැබෙන උසස් නිලය හා ඔවුන්හට උසස් තරාතිරම් පිරිනැමීමෙන් අල්ලාහ් අබියස ඔවුනට සතු වන කුසල්. info

• فضل الصحابة وبيان علو منزلتهم في الدنيا والآخرة؛ لما بذلوه من أنفسهم وأموالهم في سبيل الله تعالى.
•සහාබාවරුන් හෙවත් නබි අනුගාමිකයින්ගේ මහිමය. ඔවුන් තම ප්රාණය හා තම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර ඇති බැවින් ඔවුනට මෙලොව හා මතු ලොවෙහි හිමි උසස් නිලතල පිළිබඳ විස්තර කිරීම. info